Ads 468x60px

.

මට නම් ආදරය ගැන සුන්දර වගේම අසුන්දර අත්දැකීමුත් තියෙනවා - අංජලි


හැම ගැහැණියකටම ආදරය, රැකවරණය අවශ්‍යයයි. 

අපට ගැළපෙනම කෙනා මුණගැහුන නම් හිත් රිදවීම් - අහිමි වීම් වෙන්නේ නෑ.

මොණර තැන්න, විසුල අහස යට, සිහින පියාපත්  වැනි ටෙලි නාට්‍ය සමග මේ දිනවල අපට හමුවන අංජලි ලියනගේ දක්ෂ රංගන ශිල්පිණියකි. 

වසර අටකට ආසන්න කාලයක් තුළ ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඇය හා හා පුරා කියා මුලින්ම ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ මාලනි ෆොන්සේකා මහත්මිය විසින් අධ්‍යක්ෂණය කරනු ලාබූ ‘දෝණී’ ටෙලි නාට්‍ය හරහාය. මේ ඇයගෙන් තොරතුරු බිඳක්

අංජලී කොහොමද ජීවිතය?
හොදින් ගෙවීගෙන යනවා. මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකටම සම්බන්ධවෙලා ඉන්න නිසා ටිකක් කාර්යබහුලයි.

මොනවද අලූත් නාට්‍ය?
ගිහාන් රෝහණ අයියගෙ ගම අවුලන්ඥං කියන ප‍්‍රහර්ශන නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. තව චමින්ද එල්ලාවලගෙ නාට්‍යක් කෙරෙනවා රන්මිණි තැන්නෙදි. සංසාර සක්මන කියලා නාට්‍යකුත් කරා.

නිළියක් වෙන්න නොහිතපු අංජලි නිළියක් වුණේ කොහොමද?

මගෙ දුව නිසා තමයි මට නිළියක් වෙන්න පුළුවන් වුණේ . මාලනි ෆොන්සේකා මහත්මිය විසින් අධ්‍යක්ෂණය කරපු ‘දෝණී’ ටෙලි නාට්‍යයේ දෝණිට රගපෑවේ  මගේ දුව. ඒ වෙලාවෙදී මටත් ඒ නාට්‍යයේ  පොඩි චරිතයක් කරන්න ලැබුණා. මුලින්ම රගපෑවේ මාලනී ෆොන්සේකා මහත්මියත් එක්ක. ඒක මට ලොකු වසනාවක්.

ඔබ සිනමා නිර්මාණවල දකින්න  ලැබෙන්නේ නෑ.
මට චිත‍්‍රපටිවලට ආරාධනා ලබුණේ නෑ. ඒත් ළගදි මහේෂ් නිශ්ශංක මහත්මයාගේ ‘හීරෝ නීරෝ’ කියලා ළමා චිත‍්‍රපටයකට සහභාගී වුණා.

ඔබ වෘත්තීමය වශයෙන් නිළියක්ද?
නෑ. මම රගපානවා. ඒ වූණාට පොඩි ව්‍යාපාරයකුත් කරනවා. මට හොරණ පැත්තේ අක්කර තුනක ඉඩමක් තියෙනවා. ඒකේ තේ වගාවක් කරගෙන යනවා.

නිළියක් කරන ටිකක් වෙනස් ව්‍යාපාරයක් නේද?
ඔව්. පොඩිකාලේ ඉදලම මම වගා කටයුතු වලට ලැදියි.  මම මගේ අතින්ම තේ පැළ හිටවනවා. ඒවට සාත්තු කරනවා. දළු දාලා එක යායට මගේම කියලා තේ වගාවක් දකින්න මම ආසයි.

පවුලේ විස්තර ටිකක් කියමුකෝ
මට ඉන්නේ නංගිලා දෙන්නයි අම්මයි තාත්තයි. නංගිලා දෙන්නම විවාහකයි. මටත් දුවෙක් ඉන්නවා. අපි අම්මලා එක්ක තමයි ඉන්නේ .

පුංචිකාලේ අංජලි ගොඩක් අහිංසකයිලූ නේද?
ඔව්. මම ගියෙ ගල්කිස්සේ උසස් බාලිකාවට. පාසලෙත් අහිංසක චරිතයක්. මම නර්තනයට දක්ෂයි. ඒ නිසා තමයි ළමයි මාව දන්නේ . පාසලේ පෙරදිග තුර්යවාදක කණ්ඩායමේ නායිකාව විදියට කටයුතු කරා. ඒ නිසත් ළමයි ටිකක් මාව අදුර ගත්තා. නැටුම් ගුරුවරියක් වෙන්න තමයි හිතාගෙන හිටියේ.

ඇයි ඒ හීනය බොද වුණේ
පොඩි වයසෙන්ම කසාද බැන්දා. දුව හම්බවුණා. ඒ හීනය බොද වුණා. ජීවිතේ හැම හීනයක්ම ඒ විදියටම සැබෑ වෙනව නම් අපි කොච්චර වාසනාවන්තද?

රංගන ශිල්පිණියකට තියෙන ගෞරවය අද අපේ රටේ තියෙනවද?
ඒ ඒ ශිල්පිණියන් ගෞරවය රැකගෙන ඉන්න මට්ටමෙන් තියෙනවා. රංගනය කියන්නේ ගෞරවනීය වෘත්තියක් . ඒක රැකගන්න ඉන්න අය දැනගන්න  ඕන.

මේ යන ටෙලි නාට්‍ය රැල්ල ගැන මෙකද හිතෙන්නේ
හොද අධ්‍යක්ෂකවරයෙක්, හොද තිරපිටපතක් සහ හොද නළු නිළියන් ඉන්නව නම් හොද නිර්මාණයක් බිහිවෙනවා. මේ තුන්ගොල්ලගේ එක්වීමක් නැති නිසා තමයි බාල නාට්‍ය නිෂ්පාදනය වෙන්නේ .

ආදරය ගැන මොකද හිතේන්නේ
මට නම් සුන්දර වගේම අසුන්දර අත්දැකීමුත් තියෙනවා. හැම ගැහැණියකටම ආදරය, රැකවරණය  අවශ්‍යයයි. අපට ගැළපෙනම කෙනා මුණගැනම් හිත් රිදවීම් අහිමි වීම් වෙන්නේ නෑ. එහෙම ගැළපෙනම කෙනා මුණ ගැහෙනව නම් ඒක වෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒකයි ගොඩක් අය ආදරය නිසා දුක් විදින්නේ.


anjaa
anjaaa
anjjj
annn
 
Related Posts with Thumbnails