Ads 468x60px

.

සිරස සුපර් ස්ටාර් පස්වැනි අදියර ‘ද නෙක්ස්ට් වොයිස්’ නමින්...


විනිශ්ච මණ්ඩලයට ශිහාන් මිහිරංග සහභාගිවීමට නියමිතයි...

ජයග‍්‍රාහකයාට රුපියල් කෝටියක මුදලක්... 

රියැලිටි වැඩසටහනකින් ලබාදුන් ඉහළම මුදල් ත්‍යාගය ‘ද නෙක්ස්ට් වොයිස්’වෙතින්.. 

සිරස සුපර් ස්ටාර් වැඩසටහන් මාලාවේ පස්වැනි අදියර ‘ද නෙක්ස්ට් වොයිස්’ නමින් ආරම්භ කිරීමට සියල්ල සූදානම් කර ඇතැයි වාර්තා වේ.

මෙහි විනිශ්ච මණ්ඩලයට එම තරගාවලිය හරහා ජනපි‍්‍රයත්වයට පත් යොවුන් ගායක ශිහාන් මිහිරංග
සහභාගිවීමට නියමිත බවද පැවසේ. ශිහාන් සමඟ නිරෝෂා විරාජිනී සහ හේෂාන් ගමගේ පස්වැනි අදියරෙහි විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතය.

‘ද නෙක්ස්ට් වොයිස්’ රියැලිටි ටෙලිවිෂන් කලාවට අලුත් අත්දැකීමක් එක්කරන බවද එහි සංවිධායකයෝ කියති.මෙවර තරගාවලියේ ජයග‍්‍රාහකයාට රුපියල් කෝටියක මුදලක් ලබාදීමට නියමිත බවද පැවසේ.

එය මෙතෙක් රියැලිටි වැඩසටහනකින් ලබාදුන් ඉහළම මුදල් ත්‍යාගය බවද වාර්තා වේ.එසේම ලබන නොවැම්බරයේ විකාශය ඇරැඹෙන ‘ද නෙක්ස්ට් වොයිස්’ සති අන්තයේ රාත්‍රී නවයට සිරස නාලිකාවෙන් විකාශය වේ.
 
Related Posts with Thumbnails