Ads 468x60px

.

සුපර් ස්‌ටාර් මහින්ද සිල්වා රිය අනතුරක...

වෑන් එක පාරෙන් එලියට පැන ලයිට් කණුවක වැදිලා...

සුපර් ස්‌ටාර් සංගීත කණ්‌ඩායමේ නායක මහින්ද සිල්වා මහතා සිය බිරිඳ සහ පවුලේ ඥතීන් පිරිසක්‌ සමග වෑන් රියකින් පෞද්ගලික ගමනක්‌ යමින් සිටියදී ඊයේ (31 ) අලුයම  සියඹලාණ්‌ඩුව අම්පාර පාරේ හයේ කණුව අසලදී අනතුරකට ලක්‌ව ඇත.

එහිදී වෑන් රථයේ ගමන්ගත් පස්‌දෙනකු තුවාල ලබා සියඹලාණ්‌ඩුව මූලික රෝහලට සහ මොනරාගල දිසා රෝහලට ඇතුළත් කළ බව සියඹලාණ්‌ඩුව පොලිසිය සඳහන් කරයි.

තුවාලකරුවන්ගේ අතර
කාන්තාවන් තිදෙනෙක්‌ සහ පිරිමින් දෙදෙනකු සිටින බව පොලිසිය සඳහන් කරයි.

අනතුරට පත් වූ පිරිස දෙහිවල සිට සියඹලාණ්‌ඩුව හරහා අම්පාර දෙසට ගමන් කරමින් සිටියදී,  වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක හැපීම නිසා මෙම අනතුර සිදුව තිබේ.

තුවාලකරුවන් තත්ත්වය එතරම් බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
Related Posts with Thumbnails