Ads 468x60px

.

රනිල්ට කපිලවස්තු ධාතූන්වහන්සේලා සැරියුත් මුගලන් වහන්සේලාගේ වුන හැටි...

1898 වර්ෂයේ පුරාවිද්‍යා ගවේශණයකදී වර්තමානයේ බිහාර් ප්‍රදේශයේ වූ ස්ථූපයක නටඹුන් ආශ්‍රිතව සිදුකළ ගවේශණයකින් කපිලවස්තු ධාතූන්වහන්සේලා සොයා ගැනුණා. වර්තමානයේ බිහාර් හි පිප්රාහ්වා ප්‍රදේශය අතීතයේ හඳුන්වා ඇත්තේ කපිලවස්තු පුරවරය නමිනි.

පසුගියදා දෙවන වරට ලංකාවට ගෙන්වනු ලැබු මෙම ධාතූන් වහන්සේලා මීට පෙර ලංකාවට ගෙන්වනු ලැබුවේ 1978 වර්ෂයේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේදීය.

බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන්
පසු සිදුකළ ආදාහන පූජෝත්සවයේදී උන්වහන්සේගේ දේහයේ ධාතූන්වහන්සේලා කොටස් 8කට බෙදා දෙනු ලැබුවා .

ඒවාට උරුමකම් කියූවේ අජාත ශාස්තෲ, ලිජ්ජවී රජුන්, කපිලවස්තුපුර ශාක්‍ය රජුන්, කෝලිය රජු, චේතදීපක බමුණා හා පාවා නුවර මල්ල රජුන්ය.කපිලවස්තු ධාතූන් ලෙස සැලකෙන්නේ එදා ශාක්‍යයන් වෙත බෙදා දුන් ධාතූන්ය.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අද කන්තලේ පවති දේශපාලන රැස්වීමකදී පැවසුවේ කපිලවස්තු ධාතූන් යනු සැරියුත් මුගලන්ගේ ධාතූන් බවයි.










 
Related Posts with Thumbnails