Ads 468x60px

.

බිලි පූජා කටයුතු නතර කිරීමට කැප වී කටයුතු කරනවා - මර්වින්


දේවාලයේ පරිපාලන සභාවට තම ගෞරවනීය ස්තුතිය පළ කරනවා...

ජනාධිපතිවරයාගේ ඉල්ලීමට එකඟවෙමින්, මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී දේවාලයේ සත්ව බිලිපූජාව නතර කිරීමට එකඟ වීම පිළිබඳව දේවාලයේ ප්‍රධාන පූජකවරයා ඇතුළු පාලක සභාවට ස්තූතිය පළ කරන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.

මේ කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා  සමඟ දීර්ඝ සාකච්ඡාවක් පැවැත් වූ බවත්,  මේ මහා සත්ත්ව ඝාතනය නැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් 'අප පින්වත් ජනාධිපතිතුමන්ට' පින්පෙත් පමුණුවන බවත් අමැතිවරයා නිකුත්කළ නිවේදනයක සදහන්වේ.

කෙසේ වෙතත්
අවසාන මොහොතේ හෝ මෙවන් තීන්දුවකට එළැඹීමට දේවාලයේ පරිපාලන සභාව කටයුතු කිරීම ගැන තම ගෞරවනීය ස්තුතිය පළ කරන බව සදහන් කරන ඇමැතිවරයා ,  මේ කාරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට ප්‍රධාන පූජකතුමාගෙන් ඉල්ලීමක් ද කරයි.

අන්‍යාගම්වලට ද ගරු කරමින් බිලි පූජාවලින් තොරව කටයුතු කරන ලෙසත් දේවාලයට අවශ්‍ය සහයෝගය ලබාදීමට සූදානම් බවත් පවසන ඇමැතිවරයා ඉදිරියේ දී ත් මෙවන් බිලි පූජා කටයුතු නතර කිරීමට කැප වී කටයුතු කරන බව ද අවධාරණය කර සිටී.
 
Related Posts with Thumbnails