Ads 468x60px

.

මේ අවුරුද්දේ විතරක් බිලි පූජාව අත්හිටවනවා - පූජක කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් කියයි

ආගමික හා සත්ත්ව සංවිධාන 17ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවකුත් දාලා...

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ ඉල්ලීම මත ලබන පළමු වැනි දාට හළාවත මුන්නේශ්රම් ශ‍්‍රී කාලි කෝවිලේ යෙදී තිබුණු සත්ව බිලි පූජාව අත්හිටවූ බව දේවාල යේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් පවසනවා.

කපිලවස්තුපුර ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කර සිටිනා අවස්ථාවක බිලි පූජා නුසුදුසු බැවින් එය අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

කෙසේ වෙතත් කොවිල්
පරිපාලන සභාව තීරණය කලේ මේ වසරේ පමණක් පූජාව අත්හිටුවීමට බවද ප්‍රධාන පූජකවරයා වැඩිදුරටත් කියා සිටීනවා.මෙම බිලි පුජාව නතර කරන ලෙස ඉල්ලා ආගමික හා සත්ත්ව සංවිධාන 17ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක්ද පවරා තිබෙනවා.
 
Related Posts with Thumbnails