Ads 468x60px

.

මුන්නේෂ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව නවත්වන්න - ජනාධිපතිගෙන් ඉල්ලීමක්.

ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර ඇත්තේ, අමාත්‍ය මර්වින්ලු..

හලාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව මෙවර සිදු නොකරන ලෙස, ජනාධිපතිවරයා කාලි කෝවිලේ ප‍්‍රධාන පූජකවරයා වෙත  දැනුම් දී තිබේ.

ඉන්දියාවේ කපිලවස්තුපුර සිට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ මෙරටදී ප‍්‍රදර්ශනය කෙරෙන හෙයින්, එම අවස්ථාවේ රට තුල බිලිපුජා පැවැත්වීම් සුදුසු නොවන බැවින් ජනාධිපතිවරයා විසින් මෙම ඉල්ලීම සිදුකළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක,බන්දුල ජයසේකර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ

අවධානය යොමුකර ඇත්තේ, අමාත්‍ය මර්වින් සිල්වා මහතා බව වාර්තාවේ. සර්වඥ ධාතූන් වහන්සේ  ප‍්‍රදර්ශනය කෙරෙන අවස්තාවක බිලිපුජා පැවැත්වුව හොත් එය බෞද්ධ ජනතාවගේ බලවත් කෝපයට හේතුවිය හැකි  බව අමාත්‍යවරයා  ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා හමුවී  පැහැදිලි කර තිබේ.

කවරෙකු උද්ඝෝෂණය කලද, බලපෑම් කලද සැප්තැම්බර් මස 01 වැනිදා නියමිත පරිදි පූජාව පවත්වන බව කෝවිලේ ප්‍රධාන පූජක ශිවපාක්‍ය සුන්දරම් පූජකවරයා මිට දින කිහිපයකට පෙර ප‍්‍රකාශ කළේය. එහෙත්, බිලි පූජාව නවත්වන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළහොත් එය නැවැත්වීමට තමන් සූදානම් බවද  එතුමා  එහිදී පැවසුහ.
 
Related Posts with Thumbnails