Ads 468x60px

.

ජනාධිපතිවරයා විසින් ලිඛිත ඉල්ලීමක් කලත් බිලි පුජාව තියෙනවාද නැද්ද කියල තීරණය කරන්නේ අනෙක් පූජකවරුන් සමඟ සාකජ්ජා කරලයි...

බිලි පූජාව සූදානම් ජනාධිපති ලිඛිතව දුන්නොත් සලකා බලනවා – ප‍්‍රධාන පූජක...

බිලි පූජාව තිවුවොත් ගිණි තියා ගන්නවා – බෝවත්තේ ඉන්දරතන හිමි...

අහිංසක සතුන්ගේ ජීවිත බේරා ගන්නයි මම මේ තීරණය ගත්තේ.. 
 
අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිත මුන්නේෂ්වරම් සත්ත්ව බිලි පූජාව පවත්වන්නට එම පූජකවරයා කටයුතු කළහොත් ඊට පෙර මුළු ලෝකයටම පෙනෙන්න තමන්ගේ සිරුරට පැට‍්‍රල් හලා ගෙන ගිනි තබා ගන්නා බව පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියෝ පවසති.

උන්වහන්සේ පැල්මඩුල්ල
ප‍්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත‍්‍රිවරයකු ද වෙති.

‘අහිංසක සතුන්ගේ ජීවිත බේරා ගන්නයි මම මේ තීරණය ගත්තේ. භික්ෂූන් වහන්සේ නමක් ගිනි තබා ගන්නා ආකාරය තමයි මුළු ලෝකයටම දකින්න ලැබෙන්නේ. කතා කරන්න බැරි, කිසියම් පාපයක් නිසා සත්ත්ව ආත්ම ලබා සිටින සතුන්ගේ ජීවිත බේරා ගන්න පුළුවන් ජනාධිපතිවරයාට විතරයි. මන්ද කාලි කෝවිලේ පූජකවරයා පවසා තිබෙනවා ජනාධිපතිතුමා කිව්වොත් විතරක් බිලි පූජාව නවත්වන බව.’ යයිද උන් වහන්සේ පවසති.

මෙම සත්ත්ව බිලි පූජාව පවත්වන්නට නියමිත ලබන සෙනසුරාදා මුන්නේශ්වරම කෝවිල අවට ප‍්‍රදේශයේ උද්ඝෝෂණ, පිකටින්, විරෝධතා ව්‍යාපාර කිසිවක් හෝ පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පනවා තිබේ.

මේ අතර ජනාධිපතිවරයා විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුන්නේෂ්වරම කාලි කෝවිලේ කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් ප‍්‍රධාන පූජකවරයා පවසා ඇත්තේ එවැනි කිසිම ඉල්ලීමක් තමන් වෙත මේ දක්වා ලිඛිතව නොලැබුණ බවකි.

සර්වඥ ධාතූන් වහන්සේලා මෙරට ප්‍රදර්ශනය කරන බැවින් සත්ව බිලි පූජාව නවත්වන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ලිඛිත ඉල්ලීමක් කරන්නේ නම් පමණක් ලබන පළමුවෙනිදා පැවැත්වීමට නියමිත සත්ව බිලි පූජාව සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි යයි  මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී දේවාලයේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් පවසයි.

අධිකරණ හෝ ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කර නොමැති බවද බවසන ඔහු පුත්තලම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ බිලි පූජාව නවත්වන ලෙස ඉල්ලීමක් කර ඇති බව ද කියා සිටී.

කෙසේ වෙතත් සත්ව බිලි පූජාවට අවශ්‍ය සියළු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බවත් පවසන ඔහු ජනාධිපතිවරයා විසින් ලිඛිත ඉල්ලීමක් කළද දේවාලයේ සෙසු පූජකවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බිලි පූජාව පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද අවධාරණය කරයි.
 
Related Posts with Thumbnails