Ads 468x60px

.

අද්භූත නොපෙනෙන බලවේගයකින් මාතර, කැකණදුර ගම්මානය කැළඹුන හැටි...


වාහනවලට කාන්තාවක්  අත දමනවා...

එම කාන්තාව වාහනයට නැග්ග ක්‍ෂණයෙන් නැතිව යනවා...

පයින් යන අය සමග කතා කරමින් පිටුපසින් පැමිණ එකපාරටම අතුරුදන් වෙනවා...

මාතර, කැකණදුර, බණ්ඩාරනායකපුර ප්‍රදේශයට ආසන්නව අද්භූත හා භයංකාර ජනක නොපෙනෙන බලවේගයක් ක්‍රියාත්මක වේ යයි රාවයක් ප්‍රදේශය පුර ශීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් මුළුමහත් කැකණදුර ගම්මානයම කැළඹීමට පත්ව ඇතැයි  වාර්තාවේ.

තල්පාවිල කැකණදුර, බෙදුම් ඇළ අසල ප්‍රදේශයේ මෙවැනි දේ සිදුවන බව පැවසේ.  බලි තොවිල්, හදි හූනියම්
වැඩි වශයෙන් විශ්වාස කරන මාතර පුරවරයේ සිදුකරනු ලබන බොහෝ තොවිල් බලි පිදේනි තටු ගෙනත් දමන්නේ මෙම කැකණදුර බෙදුම් ඇළ අසලට බව යෑයිද ප්‍රදේශවාසීහු කියති.

රාත්‍රි සහ අලුයම මෙම ප්‍රදේශයෙන් එහා මෙහා යන මිනිසුන් කීප දෙනකුම මේ වන විටත් මෙම නොපෙනෙන බලවේගයට මුහුණ දී ඇති බවටත්, එම ප්‍රදේශයෙන් ගමන් කරන වාහනවලට කාන්තාවන් අත දමන බවටත් කටකතා පැතිරයමින් පවතී.

වාහනයට නග්ගා ගෙන ගිය විට එසේ ගොඩ වූ කාන්තාව ක්‍ෂණයෙන් නැති වන බවත් පයින් යන අය සමග කතා කරමින් පිටුපසින් පැමිණ ක්‍ෂණයෙන් නැති වන බවත් තවත් එවැනි  කට කතාවකි.මෙම තත්ත්වය හේතුවෙන් බෙදුම් ඇළට වැටුණු පුද්ගලයන්, තුවාල වූ පුද්ගලයන් කීප දෙනෙක්‌ම මෙම ප්‍රදේශයෙන් වාර්තාවී ඇති ද පැවසේ.

පසුගිය කාලයේ විවිධ ප්‍රදේශවලින්  භූතයන් හා අවතාර මතුවීම පිලිබඳ වාර්තාවිය. මාධ්‍ය හරහා එම කට කතාවලට පුළුල් ප්‍රචාරයක් ද ලැබිණ. පසුගිය කාලයේ අත්තනගල්ලෙන් මතුවූ එවන් කාන්තා හොල්මනක් හේතුවෙන් එම ප්‍රදේශය කැළඹීමට ලක්ව තිබිණ.

එම සිදුවීම පිලිබඳ කල සොයා බැලීමේදී  අප වෙත  දැනගැනීමට ලැබුනේ එම ප්‍රදේශයේ පවත්වාගෙන යන අපචාර කටයුත්තක් සඳහා මෙම කට කතාව පතුරුවා හැර ඇති බවයි.
 
Related Posts with Thumbnails