Ads 468x60px

.

තරගයකට පණ ඇති කැරපොත්තන් සහ පණුවන් දුසිම් ගණන් කෑ තරුණයා මියයයි...

මෙම අරුම පුදුම තරගයේ ජයග‍්‍රාහී තිලිණය පිඹුරෙක්ලු...

කැරපොත්තන් කෑමේ අරුම පුදුම තරගයකට සහභාගී වූ පුද්ගලයෙකු මියයාමේ පුවතක් පිළිබඳව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ ඩියර්ෆීල්ඞ් බීච් නගරයෙන් වාර්තා වෙනවා .

තරගයෙන් ජයග‍්‍රහණය කළ 32 හැවිරිඩි ඬේවිඞ් ආච්බෝල්ඞ් නැමැත්තෙකු අවාසනාවන්ත ලෙස තරගය අවසානයේදී මරණයට පත්ව තිබෙනවා.

පණ ඇති කැරපොත්තන් සහ පණුවන් දුසිම් කිහිපයක් අනුභව කළ මෙම තරුණයා හදිසියේම අසනීප වී බිම ඇදවැටී ඇත.නිලධාරීන් පවසන ආකාරයට ඔහුගේ මරණයට හේතුව මේවන තෙක් අණාවරණය වී නොමැති අතර මෘතදේහය මරණ පරීක්ෂණය සදහා යවා තිබෙනවා.


පසුගිය සිකුරාද දින ඩියර්ෆීල්ඞ් බීච් නගරයේ බෙන් සීගල් නම් උරග වෙළදසැලේ දී පැවති මෙම තරගයට තරගකරුවන් 30 දෙනෙකු සහභාගී වී තිබෙනවා.

මෙම තරගයේදී ජයග‍්‍රහකයා හැරුනකොට වෙනත් කිසිඳු තරගකරුවෙක්ට අසනීප තත්වයක් ඇති වී නොමැති අතර වෙළදසැළේ හිමිකරු බෙන් සීගල්ගේ නීතීඥවරයා පවසන ආකාරයට සියලූම තරගකරුවන් තරග සහභාගීත්වය සමබන්ධයෙන් තමන් වග කියන බවට ලියවිල්ලක් අත්සන්කොට තිබෙනවා.

මෙම අරුම පුදුම තරගයේ ජයග‍්‍රාහී තිලිණය ලෙස පිඹුරෙක් ලබාදීමට කටයුතු යොදා තිබුණා.
 
Related Posts with Thumbnails