Ads 468x60px

.

ජැකා තවත් වැඩක් පටන් අරන්ලු...

පසුගිය තරගය සදහා මිලියන 3.4 කට ආසන්න කෙටි පණිවිඩ ප්‍රමාණයක්...

ඉංජිනේරු කාන්තා සෙබල අයෝමි පෙරේරා මිලියන 17ක් වටිනා සුඛෝපභෝගී නිවසක්...


මෙය ලොව ප්‍රථම මිලිටරි රියෑලිටිලු...

ප‍්‍රවීන නළු ජැක්සන් ඇන්තනී ‘රණවිරු රියල් ස්ටාර්’ තෙවැනි අදියරේ වැඩසටහන් අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කිරීමට භාරගෙන ඇතැයි ජාතික රූපවාහිනියේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

පසුගිය අවස්ථා දෙකේදීම මෙම රියැලිටි තරගයේ අවසන් මහා තරග දෙකේම වැඩසටහන් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජැක්සන් මෙවර සමස්ත වැඩසටහනේම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන බවද පැවසෙනවා.


මෙහි පළමු රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ දැනට ජර්මනියේ තානාපති ධූරය දරන සරත් කෝන්ගහගේ ගේ පුතු දේමින්ද කෝන්ගහගේ විසිනි.


කෙසේවවුද එම වැඩසටහනේ ද අවසන් මහා තරගයේ වැඩසටහන් අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ ජැක්සන් ඇන්තනිය. ලබන නොවැම්බර් මාසයේදි මෙහි රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත බවද අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

ඉකුත් තරගය සදහා මිලියන 3.4 කට ආසන්න කෙටි පණිවිඩ ප්‍රමාණයක් ලැබුණු බවද පැවසෙනවා.පසුගිය තරගාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු කාන්තා සෙබල අයෝමි පෙරේරා ‘රණවිරු රියල් ස්ටාර්’ කිරුළ හිමිකර ගනු ලැබුවා.

ඇයට මිලියන 17ක් වටිනා සුඛෝපභෝගී නව නිවසක් හිමිවුනා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගයාන් අරුණප්‍රිය විසින් මෙහි අනුශූරතාවය දිනා ගනු ලැබූ අතර ඔහුට ‘ටොයොටා ඇවන්සා’ රථයක් සමග රුපියල් මිලියනයක මුදලක් හිමිවුනා.

මෙහි තෙවැනි ස්ථානයද ශ්‍රී ලංකා යුද හමුදාව වෙතම හිමිකර දෙමින් කාවින්ද දුමින්දරාජ් විසින් කුසලානය සමග රුපියල් ලක්ෂ පහක මුදලක් හිමි කර ගනු ලැබුවා.මෙය ලොව ප්‍රථම මිලිටරි රියෑලිටි වැඩසටහන බව එහි සංවිධායකයෝ කියනවා.




 


http://www.defence.lk/img/Ranaviru_real_star_final_20120707_p_1.jpg






http://www.airforce.lk/uploads/news/ranaviru_real_star_2012/16.jpg
 
Related Posts with Thumbnails