Ads 468x60px

.

අනියම් සබඳතාව දුරදිග ගිහින් පුතා, පුංචි අම්මාත් ඇදගෙන කෝච්චියට පැන්නාලු...

පුතා හා පුංචි අම්මා මීට දින දෙකකට පෙර නිවෙස්‌වලින් අතුරුදන් වෙලා...

සැමියාගෙන් ගම්පහ පොලිසියට පැමිණිල්ලක්...

වේයන්ගොඩ පුංචි අම්මා සහ ඥති පුත්‍රයා අතර තිබූ අනියම් සබඳතාව දුර දිග යැමෙන් දෙදෙනාම දුම්රියට පැන දිවි නසා ගැනීමේ පුවතක්‌ අප ඊයේ දිනයේ ඔබ වෙත ගෙන ආවා.

ඒ අනුව ඊයේ 17 දා අලුයම 4.55 ට පමණ වේයන්ගොඩ හා හීන්දෙණිය පට්‌ටියගොඩ දුම්රිය ස්‌ථාන අතරතුරදී රඹුක්‌කන සිට පානදුරය බලා ගමන් ගන්නා බලවේග දුම්රියට පැන මෙසේ දිවි නසාගෙන ඇත්තේ ගම්පහ ඉහළගම පදිංචිව සිටි නයනා ලියනගේ 25 නමැති එක්‌දරු තරුණ මවක්‌ හා ඇගේ ස්‌වාමිපුරුෂයාගේ සොහොයුරාගේ පුත්‍රයා ප්‍රදීප් කුමාර 22 නමැති තරුණයෙකුයි.

මෙම කාන්තාව හා තරුණයා මීට දින දෙකකට

පෙර නිවෙස්‌වලින් අතුරුදන්වී ඇති බැව් මියගිය කතගේ සැමියා ගම්පහ පොලිසියට පැමිණිලිකර තිබිණි.

ඊයේ අලුයම 4 ට තමා පැදවූ දුම්රියට කොළඹ බලා ගමන් ගන්නා අතරතුරදී හීන්දෙණිය පට්‌ටියගොඩ දුම්රිය ස්‌ථානය ආසන්නයේ තරුණයා කාන්තාවගේ අතින් අල්ලා ඇදගෙන දුම්රියට පැන්න බව දුම්රිය රියෑදුරා පවසයි.

මියගිය කාන්තාව සතුව තිබූ බැංකු පොත්, ජංගම දුරකථනයක්‌ රුපියල් 50 ක මුදලක්‌ හා 16 වැනිදා අනුරාධපුර දුම්රිය ස්‌ථානයෙන් ලබාගත් අනුරාධපුර සිට කොළඹ කොටුව දක්‌වා ගමන් කරන දුම්රිය ප්‍රවේශපත්‍ර 2 ක්‌ සොයාගෙන තිබේ. බැංකු පොතේ ලිපිනයෙන් ඔවුන්ගේ වතගොත සොයාගෙන තිබේ.




===========//============ 

පුංචි අම්මයි පුතයි කෝච්චියට අහුවුනාද අහුකලාද..?

මොවුන් ගැන කිසියම් සම්බන්ධයක් ගැන පුංචි අම්මාගේ ස්වාමියාගෙන් පොලිසියට පැමිණිල්ලක්...

රඹුක්කන සිට පානදුර දක්වා ධාවනය වූ අංක 512 දරණ කාර්යාල දුම්රියට අසුවීමෙන් අද 17 අළුයම 4.55 ට පමණ මියගොස් ඇත්තේ එකම පවුලක ඥාතීන් වන පුංචි අම්මා සහ පුතකු බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා

අද උදේ හීන්දෙනිය - පට්ටිගොඩ හා වේයන්ගොඩ දුම්රිය මාර්ගයේ ස්ථානයක දී දුම්රියේ ගැටී මොවුන් දෙදෙනා මියගොස් තිබෙනවා. ගම්පහ,ඉහළගම 130 බී,නිවසේ පදිංචි 25 හැවිරිදි නයනා බෙරගම ලියනගේ නැමැති එක් දරු මවක් හා ඔහුගේ ඥාති පුත්‍රයකු වන ඩබ්.ඒ.මුදිත කුමාර 22 යන දෙදෙනා මෙසේ මියගොස් තිබෙනවා.

මොවුන් දෙදෙනා අතර පැවැති කිසියම් සම්බන්ධයක් ගැන මියගිය කාන්තාවගේ පුරුෂයා විසින් මීට පෙර ගම්පහ පොලිසියට පැමිණිල්ලක් කර තිබූ බව අනාවරණය වී ඇත.
 
Related Posts with Thumbnails