Ads 468x60px

.

පිරිමි ළමයෙකුගේ නිරුවත් පින්තුර CD එකකට ගහලා විකුනලා...

දරුවා සම ලිංගික සේවනයට මෙන්ම මත්ද‍්‍රව්‍යවලටද ඇබ්බැහි කරලා...

බාලවයස්කාර පිරිමි දරුවෙකුගේ නිරුවත් ජායාරූපගෙන එම ඡායාරූප සංයුක්ත තැටිවල ගබඩා කර වෙළෙඳ සැල්වලට බෙදාහැරි බවට සැකපිට තරුණයන් තිදෙනෙකු ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියේ විශේෂ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ 15 හැවිරිදි දරුවෙකුගේ ඡායාරූප ගෙන මෙසේ සංයුක්ත තැටියකට යොදා ඇති බව පැවසෙනවා.

දරුවාගේ ඡායාරූප සහිත සංයුක්ත තැටියේ එම දරුවාගේ ඡායාරූප ඇති බව සඳහන් කරමින් දරුවගේ නිවසේ මිදුලට සංයුක්ත තැටියක් විසිකර තිබූ බවත් එය මව විසින් අහුලාගෙන බැලීමේදී මෙම ඡායාරූප දැක තිබෙනවා.

සැකකරුවන් දරුවා සම ලිංගික

සේවනයට මෙන්ම මත්ද‍්‍රව්‍යවලටද ඇබ්බැහි කර ඇති බවද දරුවාගේ මව ළමා ආරක්‍ෂණ අධිකාරියට පවසා තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවන් 18 හා 19 හැවිරිදි වයස්වල පසුවන්නන් බවත් ඔවුන් පෞද්ගලික ආයතනවල සේවය කරන්නන් බවත් පැවසෙනවා.

සැකකරුවන් එම දරුවාගේ නිරුවත් ඡායාරූප ගැනීමට භාවිතා කළ ජංගම දුරකතනයද සොයාගෙන සොයාගෙන තිබෙනවා.
 
Related Posts with Thumbnails