Ads 468x60px

.

වැලිකඩට ආරක්‍ෂක හමුදා කැඳවූවේ කවුද...? අනුර කුමාරගෙන් ප්‍රශ්න 9ක්..

කිසිම ගැටුමක්‌ හෝ නොසන්සුන්තාවක්‌ නොපැවතී වැලිකඩ බන්ධනාගාරය

අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය කුමක්ද...?

වැලිකඩ බන්ධනාගාරයේ ගැටුමට ආරක්‍ෂක අංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක්‌ මැදිහත් කරවීමේ තීන්දුව ගත් නිලධාරීන් කවුරුන්ද යන්න පාර්ලිමේන්තුවට හෙළි කරන්න..!

යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12 දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කරමින් ආණ්‌ඩුවෙන් ප්‍රශ්න කර සිටියා. ස්‌ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශයක්‌ කරමින් දිසානායක මහතා මෙසේ ද කියා සිටියා.

පසුගිය 09 වැනි දින බන්ධනාගාරයේ රැඳවියන් හා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ මැදිහත්වීමක්‌ හේතුකොටගෙන බරපතළ ගැටුමක්‌ ඇති වී තිබෙනවා.

වාර්තා වන පරිදි එහිදී මිනිස්‌ ඝාතන විශාල ප්‍රමාණයක්‌ සිදුවී තිබෙනවා. තවත් 13 ක්‌ තුවාල ලබා තිබෙනවා. එපමණක්‌ නොව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ආර්. ඩබ්. එම්. පී. රණවන මහතා සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සෙබළුන් 13 ක්‌ ද ආරක්‍ෂක නිලධාරීන් 04 දෙනෙක්‌ ද තුවාල ලබා තිබෙනවා. 

මීට අමතරව බන්ධනාගාර
නියාමකවරයෙක්‌ හා සිවිල් වැසියෙක්‌ තුවාල ලබා තිබෙනවා. මෙම සිදුවීම මගින් පෙන්නුම් කරන්නේ සිවිල් පාලනයන් විසින් පවත්වාගත යුතු ක්‍ෂේත්‍රයන් සඳහා හමුදාව හා විශේෂ කාර්ය බළකාය මැදිහත් කරවීමේ මනෝභාවය විසින් ඇති කරන ලද ගැටුමක්‌ බවයි. 

රජය මේ වන විට සාමාන්‍ය සිවිල් පරිපාලන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවන් මැදිහත් කිරීමේ ඉතාමත් අහිතකර ප්‍රවණතාවයක්‌ ඇතිකොට තිබෙනවා. එහෙයින් බන්ධනාගාරගත රැඳවියන් හා සිරකරුවන් විශාල ප්‍රමාණයක ජීවිත අහිමි වී තිබෙනවා. මේ පිළිබඳව පහත ප්‍රශ්න කෙරෙහි ගරු අමාත්‍යතුමා පිළිතුරු ලබාදෙනවා ඇතැයි බලාපොරොත්තු වෙනවා.

1. වැලිකඩ බන්ධනාගාරය වෙත පොලිස්‌ විශේෂ කාර්ය බළකාය හා ආරක්‍ෂක හමුදාවන් මැදිහත් කිරීම සඳහා නියෝගය ලබාදෙන ලද්දේ කවුරුන්ද?

2. වැලිකඩ බන්ධනාගාරයේ ආරක්‍ෂාව වෙනුවෙන් බන්ධනාගාරයේ ආරක්‍ෂක නිලධාරීන්ට අමතරව වෙනත් ආරක්‍ෂක අංශවල පිරිස්‌ මැදිහත් කරවීම සඳහා මතු වූ අවශ්‍යතාවය කවරේද?

3. ඒ මොහොත වන විට කිසිම ගැටුමක්‌ හෝ නොසන්සුන්තාවක්‌ නොපැවතී වැලිකඩ බන්ධනාගාරය වෙත වෙනත් ආරක්‍ෂක අංශවල පිරිස්‌ යොමුකරවූයේ මන්ද?

4. මෙම ගැටුම විසින් මියගිය සිරකරුවන් හා රැඳවියන් ප්‍රමාණයත් තුවාල ලැබූ රැඳවියන් හෝ සිරකරුවන් ප්‍රමාණයත් කොපමණද?

5. එම මියගිය හෝ තුවාල ලැබූ රැඳවියන් හා සිරකරුවන් වෙනුවෙන් ආණ්‌ඩුව කවර ක්‍රියාමාර්ගයක්‌ ගන්නේද?

6. රැඳවියන් හා සිරකරුවන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක්‌ අහිමි කරන ලද ගැටුමක්‌ ඇති කිරීමට තුඩු දුන් තීන්දු හා තීරණ ගනු ලැබූ නිලධාරීන් කවුද? ඒ වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?

7. ආරක්‍ෂක අංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක්‌ මෙම ගැටුමට මැදිහත් කරවීමට තීන්දු ගනු ලැබූ නිලධාරීන් කවුද? ඒ වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?

8. බන්ධනාගාර නිලධාරීන් විසින් ආරක්‍ෂාව සැපයිය යුතු වැලිකඩ බන්ධනාගාරය වෙත පොලිස්‌ විශේෂ කාර්ය බළකාය හා අනෙකුත් ආරක්‍ෂක අංශ මැදිහත් කරවීමට තිබෙන නීතිමය ප්‍රතිපාදන කවරේද?

දිසානායක මහතාගේ මෙම ප්‍රකාශයට ආණ්‌ඩුව වෙනුවෙන් හෙට (14 දා) පිළිතුරක්‌ ලබාදෙන බව සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියා.
 
Related Posts with Thumbnails