Ads 468x60px

.

අපි ජීවත් වෙන්නේ අමාරුවෙන් බිස්නස්වලින් තමා ඔළුව උස්සගත්තෙ – සරණ කියයි

දේශපාලනඥයො වුණාට අපට සල්ලි ලැබෙන්නේ නෑ...නෝනා අඳින සාරියට 75,000ක් යනවා...

මිනිස්සු හිතනවා අපිට හොඳට සල්ලි තියෙනවා කියලා...ඉතින් එකම ගානේ ඒවා ඇන්දම හරිනේ නේද...

ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙකුගේ උපන් දින සැමරුමක් පසුගිය සෙනසුරාදා රාති‍්‍රයේ කඳානේ පිහිටි ඔහුගේ නිවසේදී පැවැත්වුනා. 

එම උත්සවයට පියංකර ජයරත්න, සරණ ගුණවර්ධන, උදිත් ලොකුබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, චන්ද්‍රනි බණ්ඩාර ඇතුළු මැතිඇමැතිවරු පිරිසක් ද ඒ සඳහා එක්ව සිටියා.

මෙහිදී සරණ ගුණවර්ධන අමාත්‍යවරයා දේශපාලඥයන් මුහුණ දී සිටින අපුරු ගැටලූවක් පිළිබඳ පිරිස හමුවේ මෙසේ අදහස් දක්වන්නට වුනා.

‘‘මිනිස්සු හිතනවා අපිට හොඳට සල්ලි තියෙනවා කියලා. දේශපාලනඥයො වුණාට අපට සල්ලි ලැබෙන්නේ නෑ. අපි ජීවත්වන්නෙත් අමාරුවෙන්. බිස්නස්වලින් තමා අපිත් ඔළුව උස්සගත්තෙ.’’ 

සරණ ගුණවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයාගේ අදහසට එහි සිටි අනෙකුත් පිරිස ද හිස වනා අනුමත කළා. ඉන් දිරිමත් වූ නියෝජ්‍ය ඇමැති සරණ යළිත් කටහඬ අවදි කළා.

‘‘මේ ළඟදි අපේ නෝනා සාරියක් ගන්න ගියා. ගාණ රුපියල්
 75,000 ක්.

‘‘ අපෝ වැඩියිනෙ. අපි නම් අඳින්නෙ උපරිම රුපියල් 10000ක් විතර වටින ඒවා. ඊට වඩා ගණන් සාරි අපි අඳින්නෙ නෑ.’’ 
චන්ද්‍රනි බණ්ඩාර මන්තී‍්‍රවරිය පැවසුවා.

‘‘අපේ නෝනත් එහෙම වටින ඒවා ඉල්ලන්නේ නෑ. මේ වටේ ඉන්න අය තමයි මැඩම්….ඒක හරි නෑ. මේක ගන්න කිය කියා උනන්දු කරවන්නෙ.’’ 
සරණ ගුණවර්ධන පිළිතුරු දුන්නේය.

‘‘අපිටත් ඒවාගේ ඒවා එනවා. ඒත් ඉතින් අපි ගත්තෙ නෑ. චන්ද්‍රනි බණ්ඩාර මන්තී‍්‍රවරිය යළි පැවසුවා.

‘‘ඒකනෙ. අපේ නෝනලා, ඔයාලා හැමෝම යන්නෙ එකම උත්සවවලට. ඉතින් එකම ගානේ ඒවා ඇන්දම හරිනේ නේද.’’
සරණ ගුණවර්ධන කීවේය.
 
Related Posts with Thumbnails