Ads 468x60px

.

ඇත්තටම වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූයේ කුමක්ද…? ජේලර් කෙනෙකුගෙන් නිර්නාමිකව ලිපියක්...

තමුසෙනම් හෙට අනිද්දට රිටයර් වෙන්න ඉන්නෙ....

නමුත් අපි ඉන්න ඕනෙ... 

තමුසේ මුළු පොලිස් දෙපාර්තමේන්තුවේම.... ගෑවා...

එස්ටීඑෆ් නිලධාරීන් පැමිණ රැඳවියන් සිව් දෙනෙකුගේ නම් කියා රැගෙන ඔවුන් ගෙනා මාංචු දමා රැඳවියන් පිටතට ගෙන ඒ අතරේ ප්රශ්ණයක් ඇතිකරගෙන එම රැඳවියන්ට වෙඩි තබා මරා දැමුවේ යයිද මෙය සැලසුම් සහගතව කළ ඝාතනයක් බවද බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර කොමසාරිස්වරයාටත් පොලිස්පති වරයාටත් නිර්ණාමික ලිපියක් යවමින් පවසා තිබෙනවා.

ඒ අනුව මුල සිටම ඩීඅයිජී රණවන සහ ඒඑස්පී සිල්වෙස්ටර් එස්ටීඑෆ් නිලධාරීන් පැමිණ ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සමග ගැටුම් ඇති කරගෙනය. 


ඒ පරීක්ෂාවට අදාල අධිකරණ නියෝග ඉල්ලු නිසා සහ බන්ධනාගාර නිලධාරීන්වත් පරීක්ෂා කිරීමට යාම හේතුවෙනි. ඉන්පසු එල් වාට්ටුවේ සිටින දඬුවම් නියම කර නැති රිමාන්ඩ් රැඳවියන්ගෙන්


1 විජය රෝල් හෙවත් පාතාලේ ගුණ්ඩු


2 හර්ෂ
ශ්‍රී මණිකීර්ති පෙරේරා හෙවත් මංජු ශ්‍රී හර්ෂ, (සපුමල් කුමාරයාගේ කඩුව ගැනීමට ගොස් කෝට්ටේ රජමහා විහාරයේ හිමිවරුන් ඝාතනය කළ පුද්ගලයා)

3. නිර්මල අතපත්තු


4. තුෂාර චන්ද්ර හෙවත් කළු තුෂාර

යන සිව් දෙනා කව්දැයි පෙන්වන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබේ. පසුව එම සිව්දෙනා එළියට රැගෙන ඔවුන්ට එස්ටීඑෆ් එක ගෙනැවිත් තිබූ මාංචු දමා තිබේ. ඔවුන්ව රැගෙන යන ගමන් චැපල් වාට්ටුවේ සිටින අච්චුකරන ලද සිරකරුවන් ගණන් ගනිමින් සිටි බන්ධනාගාර නිලධාරීන් සමග සිල්වෙස්ටර් විසින් ගැටුමක් ඇති කර ගෙන තිබේ. 


ජේලර් වරයෙකුට පහර දී ඇත. එවිට ඒ වෙනුවෙන් කතාකළ සිරකරුවාට ප්රථමයෙන් තුවක්කු බෙඳන් පහර දී ඔහු බිම වැටුනු පසු පයින් ගසා වෙඩි තබා ඝාතනය කර තිබේ.

එම සිද්ධියත් සමගම කිසිදු හේතුවක් නැතිව පෙර කී මාංචු දමා රැගෙන යමින් සිටි රැඳවියන් සිව්දෙනාට එක්වරම වෙඩි වරුසාවක් එල්ලකර ඝාතනය කර ඇත. මේ හේතුවෙන් කැළඹුණු ගණන් ගනිමින් සිටි සිරකරුවන් පිරිස පැන එස්ටීඑෆ් භටයන්ට පහර දෙමින් අවි පැහැරගෙන තිබේ.

ඉහත කී සිව් දෙනා ඝාතනය සඳහාම වුවමනාවෙන් කළබලයක් ඇති කරන ලද බව තමන්ට වැටහෙන්නේ යැයි ද ඊට ඇති හොඳම සාක්කිය ලෙස ඝාතනය කළ කළු තුෂාර නමැත්තාගේ මළ සිරුර රෝහලට ගෙන යන විටත් මාංචු තිබූ බවද එම ලිපියේ දැක්වේ.

අවි ගබඩාවක් කැඩූ කතාව එම ලිපියෙන් සම්පූර්ණයෙන්
ප්‍රතික්ෂේප කර තිබේ.බන්ධනාගාර නිලධාරීන් විසින් නිර්නාමිකව යවන ලද ලිපියේ මෙම සිද්ධිය ඇති වූ අයුරු ගැන සඳහන් වන්නේ එළෙසිනි.

මේ අතර අලූතින් වාර්තා වන්නේ මෙම මෙහෙයුමට පෙර උදේ ඩී.අයි.ජී. රණවන සහ ඩී.අයි.ජී. අනුර සේනානායක ආරක්ෂක ලේකම් සමග රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවයි.අනුර සේනානායක එදින දහවල් බොරැල්ල පොලිසියට නිලධාරීන් 40 ක් අවි සහිතව ස්ටෑන්ඩ් බයි තියන්න යැයි පවසා ඇත. මෙම සිදුවීම වන කාලය පුරා ඔහු බොරැල්ල පොලිස් ස්ථානයට වී මෙහෙයවා තිබේ.

සිදුකළ ඝාතනයන් ගැන අනුර සේනානායක වග කිව යුතු යැයි ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී නවරත්න මහතා අනුර සේනානායකගේ මුහුණටම ඊයේ බැන වැදී ඇත.  


"තමුසෙනම් හෙට අනිද්දට රිටයර් වෙන්න ඉන්නෙ. නමුත් අපි ඉන්න ඕනෙ. තමුසේ මුළු පොලිස් දෙපාර්තමේන්තුවේම ගූ ගෑවා යයි. ආණ්ඩු එයි. යයි. තමුසෙට කවද හරි මේ මිනීමැරුම් වලට වගකියන්න වෙයි"  

යනුවෙන් නවරත්න මහතා අනුර සේනානායකට බැන වැදී තිබේ.

වඩා වැදගත් දෙයක් නම් මෙතෙක් කිසිදු
මාධ්‍යයක් මේ සිදුවීම ගැන බන්ධනාගාර නිලධාරීන් කියන්නේ කුමක්දැයි ප්‍රචාරය නොකිරීමයි. ඒ ඇයි?

මේ සම්බන්ධයෙන් අනුර සේනානායක සිය
ජඩමාධ්‍ය කරුවන්ද සමග පුදුමාකාර මිත්‍යා කතා පතුරුවමින් සිටී. එක් පුවත්පතක ජඩමාධ්‍ය කරුවන් සිව් දෙනෙකු එක්ව අපූරු කතාවක් ලියා තිබිණ. 

ඒ මෙසේය, 

"පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන් සිය උපකරණ ද සහිතව පැමිණ සිටියේය.
ඔවුන්ට ලබා දී තිබූ ඉලක්ක වූයේ බන්ධනාගාර භූමියේත් වාට්ටු තුලත් සිටින රැඳවියන් සිය ගුද මාර්ගයේ සඟවා ගෙන සිටින ජංගම දුරකථන සොයා ගැනීමය. පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ උපකරණ ගෙනැවිත් තිබුනේ ඒ සඳහා ය"

මේවා ගුදයෙන් හිනායන කතාය. මේ අනුව මින්පසු අර්ශස් රෝගය ති
බෙන අය සිය ගෙඩි ගැන සොයා බැලීමට රෝහල් වෙත නොගොස් එස්ටීඑෆ් හි පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන් වෙත යනවා නම් හොඳය. එසේත් නැතිනම් මේවා ලියන ජඩ මාධ්‍ය වේදීන් හමුවූවා නම් හොඳය.

මේ අතර යුද පිටියක් වූ වැලිකඩ සිරගේ පිළිසකර දැන් ආරම්බ කර තිබෙනවා. ඉකුත්දා හටගත් වැලිකඩ බන්ධනාගාර ප්‍රහාරයේදී රුපියල් කෝටි 6 ක පමණ අලාභ හානියක් බන්ධනාගාරයට සිදු වී තිබෙනවා. එම හානියට අදාළ පිළිසකර වැඩ දැන් ලහිලහියේ ආරම්භ වී තිබෙනවා.

බන්ධනාගාර ගොඩනැගිලි කිහිපයක වහල මත නැගුණු සිරකරුවන් වහළ සෙවිළි කර තිබූ උළු කැට කඩා පහරදීම නිසා වහළ අළුතින් ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු යොදා සෙවිළිකරන්නට පටන් ගෙන ඇත.

සිද්ධිය වූ දින රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාව නිසා උළු කැට ඉවත් කළ ගොඩනැගිලි වලට විදුලිය ලබා දුන් විදුලි උපකරණ සියල්ලම වතුර කාන්දු වීම නිසා විදුලිය ඇණහිටියේය. එබැවින් විදුලි පද්ධතිය නැවත සකස් කෙරෙමින් පවති. 

වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාගේ රාජකාරි කාමරයේ සහ නිල රථයේ වීදුරු කැඩී විනාශ වී ඇත. බන්ධනාගාරයේ වතුර මෝටරයද කඩා දමා තිබේ. එසේම සිරකරුවන්ගේ කුටිවල යතුරු කඩා තිබීම නිසා ඔවුන් කුටිවලට යොමු කිරීමේ අපහසුතත්වයක් ද බන්ධනාගාරය තුළ පවති.

සිරකරුවන් උසාවි ගෙන යාමේදී යොදන දම්වැල් හා අත් මාංචු වලටද හානි වී ඇති නිසා රාජකාරි කටයුතු බාධා මැද සිදු කරන බව අනාවරණය වෙයි. කෙසේ නමුත් හැකි ඉක්මනින් සිරකරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරා ආරක්ෂාව තහවුරු නොකළහොත් විවිධ ප්‍රශ්න මතුවන්නට ඉඩ ඇතැයි බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.


වැලිකඩට ආරක්‍ෂක හමුදා කැඳවූවේ කවුද...? අනුර කුමාරගෙන් ප්‍රශ්න 9ක්..  

වැලිකඩදී මැරුන මාලන් එක්ක විවාහ වුනු එක ඇත්ත ඒත් ඒක නීත්‍යානුකූල එකක් නෙමෙයි - අනුෂා සොනාලි

වැලිකඩ ගැටුම මෙහෙයවුයේ අනූශා සොනාලිගේ සැමියා සහ තවත් 4 දෙනෙක්ලු...  

වැලිකඩ කැරැල්ලේ මිය ගිය රැදවියන් සංඛ්‍යාව 27 තෙක් ඉහලට...  
 
Related Posts with Thumbnails