Ads 468x60px

.

ඇදැහැළණු රතු වැස්‌ස පිටසක්‌වල ජීවී ප්‍රහාරයක්‌ දැයි සැකයක්...

2001 දී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ඇදහැළුණු රතු වැසි පිටසක්‌වල ප්‍රහාරයක්‌ලු...

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට ඇදැහළණු රතු වැස්‌ස පිටසක්‌වල ජීවී ප්‍රහාරයක්‌ද නැත්නම් දූවිලි හෝ අම්ල මිශ්‍ර වැස්‌සක්‌ දැයි සොයා බැලීමට පරීක්‍ෂණ ආරම්භ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.

අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසන්නේ මෙම වැසි ජල සාම්පල පරීක්‍ෂා කිරීමෙන් පසු ඒ සම්බන්ධ නිවැරැදි නිගමනයකට පැමිණිය හැකි බවයි. මෙම රතුවැසි ඊයේ මොනරාගල සහ මනම්පිටිය ප්‍රදේශයටත් පෙරේදා සෙවනගල ප්‍රදේශයටත් ඇදහැළුනා.

මෙවැනි වැසි ඇතිවීමට හේතු ලෙස ජලයේ ඇති රතුපැහැති ඇල්ගීජල වාෂ්ප සමඟ මුසුවී ඉහළ අහසට යැම පරිසරයේ ඇති දූවිලි වාතයට එක්‌වීම ආදිය දැක්‌විය හැකි බවත් පෙන්වා දුන් සමරනායක මහතා 2001 දී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට නිතර
ඇදහැළුණු රතු වැසි සම්බන්ධව කළ පරීක්‍ෂණවලදී එම ජලය සමඟ උල්කාපාතවල දූවිලි මිශ්‍රවී තිබූ බවත් එහි පෘථිවියට ආවේණික නොවූ ක්‍ෂුද්‍ර ජීවින් විශේෂයක්‌ සිටි බව අනාවරණය වී තිබූ බවත් සඳහන් කරනවා.

එම රතුවැසි ආම්ලිකතාව වැඩිවීමත්ල දූවිලි අංශු මිශ්‍ර වීමත් ඇල්ගී එක්‌වීමවක්‌ නොව පිටසක්‌වල ප්‍රහාරයක්‌ ලෙස හඳුනා ගැනීමත් සමඟ මෙම වැසි සම්බන්ධව මෙතෙක්‌ පැවැති ආකල්ප වෙනස්‌ වන්නට පටන් ගෙන ඇතැයිද සමරනායක මහතා සඳහන් කරනවා.

මෙම ක්‍ෂුද්‍ර ජීවීන්ගේ සිරුරේ පෘථිවියේ ජීවීන්ට ආවේණික ඩී.එන්.ඒ. අණු නොතිබීම නිසා ඔවුන් පිටසක්‌වල ජීවී විශේෂයක්‌ බවත් එම වැසි ජලය රත් පැහැවී තිබුණේ මෙම ක්‍ෂුද්‍ර ජීවීන් නිසා බවත් විද්‍යාඥයන් නිගමනය කර තිබූ බව හෙතෙම සඳහන් කරනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පලකර ඇති ඉන්දීය විද්‍යාඥයන් පිරිසක් පවසා ඇත්තේ මෙය පිටසක්වල ප‍්‍රහාරයක්වීමට ඉඩකඩ ඇති බවයි.

සෙවනගලට, මනම්පිටියට රතු වැසි - වහාම පරීක්ෂණ අරඹයි...
 
Related Posts with Thumbnails