Ads 468x60px

.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාන්තා ලිංගික හිංසන...

ලිංගික අතවරවලට කැමැත්ත නොදුන් නිසා මෘත ශරීරාගාරයේ සේවයට යොදවලා... 

එහිදී සිහි නැතිවෙලා...

හෙදිය තරුණිය යළි පියවි සිහිය ලබන විට නිරුවත්ව දූෂණය වෙලා...

සෞඛ්‍ය අමාත්‍ය  මෛත්‍රිපාල සිරිසේන කාන්තා හිංසනය පිළිබඳව පසුගියදා ගලධාරී හෝටලයේ පැවති වැඩසටහනකදී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල සේවය කරන කාන්තාවන් රැසක්‌ ඒවායේ ඇතැම් නිලධාරීන්ගේ ලිංගික අඩන්තේට්‌ටම් වලට භාජන වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය තරම් කාන්තාවන්ට ලිංගික අඩන්තේට්‌ටම් සිදු කරන වෙනත් කිසිම ආයතනයක්‌ නැතැයි පවසා තිබේ.

අමාත්‍යවරයා පැවසූ අන්දමට එක්‌තරා රෝහලක කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලයේ තරුණියක්‌ ලිංගික අතවරවලට ඇයගේ කැමැත්ත නොදුන් නිසා බලධාරීන් විසින් රෝහලේ මෘත ශරීරාගාරයේ සේවයට යොදවනු ලැබූ බවත්, එහිදී සිහිසුන්වූ තරුණිය යළි පියවි සිහිය ලබන විට නිරුවත්ව සහ දූෂණයට ලක්‌ව සිටි බවත් හෙළි කළේය. 

අමාත්‍යාංශයේ සේවය කරන මෙවැනි ලිංගික අතවරවලට ලක්‌වූ තරුණියන් කීපදෙනෙකු
පසුගිය දිනෙක හඬමින් පැමිණ තමන් හමුවූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. 

ඇමතිවරයා නොදත් අනෙක් කරුණ වන්නේ රෝහල් වල ලිංගික හිංසනයන් සිදු වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් ඒවා යට ගසන බවයි.  

පසුගිය වසරේ පුත්තලම රෝහලේ මානසික රෝග සායනයේ සේවය කල  ගාමිණී  ජයසිංහ නමැති වෛද්‍යවරයා මානසික රෝගී තරුණ කාන්තාවන්ට  ලිංගික බලපෑම් කල බවට හෙළි විය. 

මේ සම්බන්දයෙන් කාන්තා සංවිධාන විසින්  සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කලද අදාල බලධාරීන් විසින් නිසි පරීක්ෂණයක් පැවැත්වුයේ නැත.  මේ පැමිණිලි යට ගසන ලදී. 

සෞඛ්‍ය අමාත්‍ය  මෛත්‍රිපාල සිරිසේනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවන කාන්තා හිංසනය නැවැත්වීමට අවංක උවමනාවක් තිබේ නම් මුලින්ම කල යුත්තේ යට ගසා  තිබෙන මේ පැමිණිලි නැවත විභාග කිරීමයි.

- දර්ශනී විමලසුරිය
 
Related Posts with Thumbnails