Ads 468x60px

.

සෙවනගලට, මනම්පිටියට රතු වැසි - වහාම පරීක්ෂණ අරඹයි...

සංවහනයත් සමග ඇල්ගී විශේෂයක් වායුගෝලයට මුසු වුනාද...

දිගින් දිගටම රතු පැහැති ද්‍රාවණයක් සහිත වැසි ඇද හැලීම සම්බන්ධයෙන් පරික්ෂණ...

පොළොන්නරුවේ ස්ථාන කිහිපයකට ද අද (15) පෙරවරුවේ රතු වැස්සක් වැටී ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා.

මනම්පිටිය, සීලපුර ප්‍රදේශයටත් දිඹුලාගල ඇල්ලේවැව සහ හිඟුරක්ගොඩ ප්‍රදේශවලටත් මෙසේ රතු වැසි වැටී ඇතැයි එම ප්‍රදේශවාසීහු පවසනවා. දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශ‍යට උදෑසන රතු වර්ෂාව වැටී ඇත්තේ  පෙ.ව 7.00 සිට 8.00 දක්වා කාලයේය.


සෙවනගල - ඉදිකොලපැලැස්ස ප‍්‍රදේශයටද ඊයේ මෙවැනි වැස්සක් ඇද හැලුණා. වර්ෂාවත් සමග රතු පැහැති ද්‍රාවණයක් පොළවට වැටුණු බව කියන මෙම සිද්ධින් සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණායතනය විශේෂ පරික්ෂණය ක් ආරම්භ කර තිබෙනවා.

එම ප‍්‍රදේශවලට ඇදහැලූනු වර්ෂා ජලයේ පර්යේෂණ නියැදි වෛද්‍ය පර්යේෂණායතනය වෙත යොමු කරන ලෙස අදාල දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරිවරුන් වෙත මේ වනවිට දැනුම් දී ඇති බව කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක සඳහන් කළා.

මෙවැනි වැස්සක් මෙරටින් වර්තා වූ පළමු අවස්ථාව මෙය බවත් ලෝකයේ යම් යම් ස්ථානවළින් මෙවැනි වර්ෂාවන් වාර්තා වී තිබෙන බවත් ඔහු පවසනවා.


මෙය මල් රේණු හෝ ජලජ ශාක හෝ කර්මාන්ත ශාලාවල ඩයි විශේෂයක් දූලි සමග මුසු වී ඉහළ අහසට ගමන් කිරීමෙන් ඇතිවූ තත්ත්වයක් නිසා සිදු වූවක්ද යන්න පිළිබදව සොයා බලන බවත් පරීක්ෂණයෙන් අනතුරුව එය නිශ්චිතව කිවහැකි බවත් ඒ මහතා සදහන් කළා.

දිගින් දිගටම රතු පැහැති ද්‍රාවණයක් සහිත වැසි ඇද හැලීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කල විමසීමකදී එහි අධ්‍යක්‍ෂ එස්. ආර්. ජයසේකර මහතා සඳහන් කර සිටියේ, සංවහනයත් සමග ඇල්ගී විශේෂයක් වායුගෝලයට මුසුවීමෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද සිදුකරන බව අධ්‍යක්‍ෂවරයා පවසනවා.


සෙවනගල ඉඳිකොළපැලැස්ස ප‍්‍රදේශයට රතු වැස්සක්...
සෙවනගල ඉඳිකොළපැලැස්ස ප‍්‍රදේශයට ඊයේ(13) රාති‍්‍රයේ රතු පැහැති වැස්සක් ඇදහැළි තිබේ.මෙම ඇදහැළුණු රතු පැහැති වර්ෂාව ලේ වැස්සක් බවට ප‍්‍රදේශවාසීන් සැකකරයි.

 එහෙත් ඇදහැලී තිබෙන්නේ ලේ වැස්සක් නොව රතු පැහැති වැස්සක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන අතර  කොරියාව වැනි රටවලට නිතර නිතර කහ පැහැති වර්ෂාවන් ඇදහැලෙන බව පැවසීය.

වැසි ජලය සමග දූවිලි අංශුමිශ‍්‍ර වීමෙන් මෙම වැසි ඇඳ හැලීම සිදුවන බවත්,සෙවණගල ඉඳිකොළපැලැස්සප‍්‍ රදේශයට රතු වැස්සක් ඇදහැලීම ඊට සමාන තත්වයක් යැයිද ‍එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
 
Related Posts with Thumbnails