Ads 468x60px

.

කාන්තා රන් පදක්කම් දිනූ පින්කි පිරිමියෙක් වූනාට ස්ත‍්‍රී දූෂණ කරන්න බැරිලු...

එතකොට පින්කි ඔහු සමග එකට හිටපු ක‍්‍රීඩිකාවකට මොකද කලේ...

එතකොට පින්කි නපුංසකද..? නැත්නම් සමලිංගිකද..?

තරුණියක දූෂණය කිරීමේ චෝදනාවකට හසුවී ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආන්දෝලනයකට ලක්වූ අන්තර් ජාතික රන් පදක්කම්ලාභී ඉන්දියා මලල ක්‍රීඩිකාවක් වන පින්කි ප්‍රමානික් පිරිමියකු බව වෛද්‍ය පරික්ෂණ මගින් තහවුරු වීමෙන් පසුව ඔහුට විරුද්ධව පසුගිය ජූනි මාසයේදී නඩු පැවරීමට එරට පොලිසිය පියවර ගත්තා.

පසුගිය ජූනි මාසයේ දී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් පින්කි පසුව වෛද්‍ය පරික්ෂණයට යොමු කෙරුණු අතර එහි වාර්තාව දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කළ බව ඒ සඳහා පත්කළ විශේෂ වෛද්‍ය කමිටුව සඳහන් කළා.


‘පින්කි කාන්තාවක් ‍නොවන බව වෛද්‍ය පරික්ෂණයෙන් තහවුරු වුණා. එම වෛද්‍ය වාර්තාව අපි දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කළා.’

ලිංග පරික්ෂණය සිදුකළ වෛද්‍ය කමිටුවේ සභාපති බී.එන්.කහාලි ඒ.එෆ්.පී.පුවත්සේවයට පැවසුවා. කෙසේවුවත් මේ සම්බන්ධව ඉන්දියා මලල ක්‍රීඩා බලධාරීහූ ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටියා.


එහෙත් වෛද්‍ය වාර්තා අනුව පිංකි ප‍්‍රමානික් ජානමය වශයෙන් පිරිමියෙකු වුවත්, ස්ත‍්‍රී දූෂණයක් සිදුකිරීමේ හැකියාවක් නැතැයි එරට වෛද්‍ය විශේෂඥයන් පවසනවා.

පිංකිගේ වෛද්‍ය වාර්තාවට අනුව ඔහු Disorder of Sexual Development (DSD) නම් ලිංගික ආබාධයකින් පෙළෙන බවත්, එවැන්නෙකුට ලිංගික ක‍්‍රියාවලියක නිරතවීමට නොහැකි බව වෛද්‍ය විශේෂඥ මතය බවත් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරනවා.

පිංකි පිරිමියෙක් බවට පසුගියදා සිදුකරන ලද ඞී එන් ඒ පරීක්ෂණ වලින් හෙළිවුවත් ඔහුට ස්ත‍්‍රි දූෂණ චෝදනා නගන එක සාධාරණ නොවන බව මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන කමිටුවේ සාමාජිකයෙකු වන ජාන විද්‍යා විශේෂඥ වෛද්‍යවරයෙකු වන කෞෂික් මොන්ඩොල් පවසා ඇතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ වැඩිදුරටත් දැක්වෙනවා.

පිංකි තමාව අපහරණයට ලක් කළේ යැයි ඔහු සමග එකට ජීවත් වූ ක‍්‍රීඩිකාවක පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පිංකි, පසුගිය ජුනි මාසයේදී අත්අඩංගුවට ගැණුනා.

පිංකි ක‍්‍රීඩිකාවක් ලෙස 2006 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ 4x400 සහාය දිවීම වෙනුවෙන් රිදී පදක්කමද 2006 වසරේ කොළඹ පැවති දකුණු ආසියානු මලල ක්‍‍්‍රීඩා තරගාවලියේ මීටර් 400 ,800 ඉසව්වන් නියෝජනය කරමින් රන් පදක්කමද එම තරගාවලියේදීම 4x 400 සහාය දිවීම වෙනුවෙන් රන් පදක්කමද දිනා ගැනීමට සමත්වූනා.


2007 වසරේ දී ක්‍රීඩාවෙන් සමුගත් පින්කි තරුණියක දූෂණය කිරීමේ චෝදනාවට හසුවූයේ පසුගිය ජූනි මාසයේ දීය.
 
Related Posts with Thumbnails