Ads 468x60px

.

ලෝක විනාශ කතාව අමූලික බොරුවක් - මායාවරුන්ගේ නායකයා කියයි...

මායාවරුන්ට කැලැන්ඩර් දෙකක් තිබුණා...

පළමු කැලැන්ඩරයේ ක්‍රිස්තු පූර්ව 3114 දී අවසන් වුණා. 

එදා ලෝක විනාශයක් සිදුවුණේ නැහැ... 

මායා කැලැන්ඩරයට අනුව මේ දෙසැම්බර් 21 වැනි දින ලෝක විනාශයක් සිදු නොවන බවත් එදිනට සිදුවනුයේ තම කැලැන්ඩරයේ අලුත් දවසක් උදාවීම පමණක් බවත් මායාවරුන්ගේ දැනට සිටින නායක පිලිපේ ගෝමස් ප්‍රකාශ කරනවා.

මේ වන විට අමෙරිකා එක්සත් ජනපදයේ දරුවන් ලෝක විනාශය පිළිබඳ ගැටලුව නිසා තාරකා විද්‍යාව ඉගෙනීමටත් බියක් දක්ව
නවා. මායා කැලැන්ඩරය දෙසැම්බර් 21 දිනෙන් අවසන් වන නිසා ලෝක විනාශයක් ගැන කතා කිරීම ආරම්භ වුනා. 

මායා කැලැන්ඩරය අවසන් වන දිනයේ ලෝක විනාශය සිදුවන බවට ලෝකයේ ජනතාව අතර පැතිර යන දුර්මතය බැහැර කළයුතු බව පවසන කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා ලෝක විනාශය ගැන ඇසූ සමහරුන් දිවිනසා ගැනීමටත් ඉඩකඩම් විකුණා දැමීමටත් කටයුතු කර ඇති බව ද පෙන්වා දුන්නේය.

මෙරට තුළද එසේ ඉඩකඩම් විකුණා දැමීමට කටයුතු කළ පුද්ගලයන් සිටින බවද ලෝක විනාශය
පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්යවරයා කීය‍. උතුරු අමෙරිකාව හා දකුණු අමෙරිකාව සම්බන්ධ වන කොටසේ මායාවරුන් ස්වල්පයක් දෙනා අදත් ජීවත් වෙනවා. 

මායාවරුන්ට කැලැන්ඩර් දෙකක් තිබුණා. පළමු කැලැන්ඩරයේ ක්‍රිස්තු පූර්ව 3114 දී අවසන් වුණා. එදා ලෝක විනාශයක් සිදුවුණේ නැහැ. ඊළඟට ආරම්භ වූ කැලැන්ඩරය මේ වසරේ දෙසැම්බර් 21 දිනෙන් අවසන් වනවා. ඉන්පසු අලුත් කැලැන්ඩරයක් එනබවද මායාවරුන් පෙන්වාදෙන බවද මහාචාර්යවරයා පැවසීය‍.
 
Related Posts with Thumbnails