Ads 468x60px

.

හදිසියේ කැලණියට පැමිණ මර්වින් ජනතාව අමතයි

මගේ අතේ ලේ ගෑවිලා නෑ...

මා මැරුණහම අළුපා කරන්නෙත් කැලණි ගඟේ...

ආණ්‌ඩුවේ ගෞරවය රකින්න
තාවකාලිකව අස්‌වුණා...


ජනාධිපතිගෙත් ආණ්‌ඩුවෙත් ගෞරවය ආරක්‍ෂා කරන්න මම තාවකාලිකව ඉල්ලා අස්‌වීමේ ලිපිය භාරදුන්නා. ඒත් මම හැමදාමත් ඉන්නෙ කැලණියේ. මැරෙන්නෙත් කැලණියේ. කවදා හෝ මගේ අළු ටික පා කරන්නෙත් කැලණි ගඟේ යෑයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (20 දා) කැලණිය කොහල්විල ප්‍රදේශයේ පැවැති ශ්‍රීලනිප ක්‍රියාකාරීන්ගේ එකමුතුවකින් පැවැති ජනහමුවකදීය.

මගේ අත් දෙක පිරිසිදුයි. ලේ ගෑවිලා නෑ. සත්‍ය කවදාහරි ජය ගනීවි. එදාට ඔයාල රතිඤ්
පත්තු කරන්න, හොරුන්ට, මංකොල්ලකාරයන්ට පගාකාරයන්ට කැලණිය යටත් කරන්න ඉඩ දෙන්නේ නැහැ.

ගිය ජනවාරියෙත් මේ වගේ චෝදනා අපහාස මට අහන්න ලැබුණා. ඔය උල්කාපාත, චණ්‌ඩ මාරුත, සුනාමි කොතෙකුත් ආවත් මා කිසි දෙයකින් සැලෙන්නේ නැහැ.


මම එන්නට පෙර කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ට හරිහැටි ඇඳුමක්‌වත් ඉන්න හිටින්න ගෙයක්‌ දොරක්‌වත් තිබුණෙ නෑ. ඔවුන්ට සතුටින් ජීවත්වෙන්න පුළුවන් විදියට මං කැලණියට වැඩ කළා. අද ඔවුන්ට තට්‌ටු ගෙවල්, වාහන පවා තියෙනවා. ඒක මට සතුටක්‌.

මෙම අවස්‌ථාවට කැලණිය ශ්‍රීලනිප කාන්තා සංවිධාන නායිකාව හා පෑලියගොඩ නගරාධිපති නිහාල් ආනන්ද ඇතුළු කැලණිය ශ්‍රීලනිප ක්‍රියාකාරීන් රැසක්‌ සහභාගි
වුනා.
 
Related Posts with Thumbnails