Ads 468x60px

.

පැහැර ගත් ඕලු බිස්කට් නිර්මාණකරු මාධ්‍යය හමුවේ කරුණු හෙළිකිරීම ප්‍රතික්‍ෂේප කලේ ඇයි..?

කුරුණෑගල චූල පත්මේන්ද්‍ර පැහැරගෙන මහමග දමයි...

නිපැයුම්කරුවකු වශයෙන් ජනාධිපති සම්මානත් හම්බ වෙලා... 

කුරුණෑගල නව කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති ඩී. ඇම්. අජිත් චූල පත්මේන්ද්‍ර මහතා ඉකුත් 18 දා උදෑසන කුරුණෑගල නව බස්‌ නැවතුම්පළේදී කිසියම් පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ අත පය බැඳ දමා අඹේපුස්‌ස කුරුණෑගල පාරේ දමාගොස්‌ සිටියදී 20 දා අලුයම වරකාපොල පොලිසියට හමු වී තිබෙනවා.

මෙම පැහැරගැනීමට ලක්‌ වූ පුද්ගලයා කුරුණෑගල බලල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඔහු මඟ නැඟුම සාකච්ඡාවකට සහභාගිවීම සඳහා නගරයට යැමට සිටියදී තිදෙනකු පැමිණ ඉන් එක්‌ අයකු ආරාධනා පත්‍රය ද පෙන්වා ඔවුන් ද එම සාකච්ඡාවට යන බව පවසමින් සුදු පැහැති වෑන් රථයකට අජිත් නමැති අය නංවාගෙන තිබෙනවා.  

අනතුරුව නාඳුනන පිරිස කිසියම් ප්‍රදේශයක පිහිටි නිවසකට තමන් කැඳවාගෙන ගිය බවත් තමන් නිෂ්පාදනය කරනු ලබන භාණ්‌ඩ වර්ගවල ප්‍රමිතිය පැහැදිලි කරදෙන ලෙස මරණීය තර්ජන කළ බවත් දිසානායක මහතා පොලිසිය හමුවේ කරන ලද පැමිණිල්ලක සඳහන්ව තිබෙනවා.

ඔහු නිෂ්පාදනය කරනු ලබන භාණ්‌ඩ වර්ගවල ප්‍රමිතිය පැහැදිලි කිරීමෙන් පසුව ඔහුගේ අතපය බැඳ දමා ඊයේ (20 වැනිදා) අලුයම 6.30 ට පමණ වරකාපොල අඹේපුස්‌ස කුරුණෑගල පාරේ අයිනකට දමා ගොස්‌ තිබෙනවා.

මෙසේ පැහැරගැනීමට ලක්‌ වූ දිසානායක මහතා 2008 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්‌වා නව නිපැයුම්කරුවකු වශයෙන් ජනාධිපති සම්මාන හිමිකර ගත් අයකු බව දැනගන්නට ඇත.

පිටස්‌තර පුද්ගලයකු විසින් වරකාපොල පොලිසියට අත්පා බැඳ දමා පාරේ දමා ගොස්‌ අයකු සිටින බව දුරකථනයෙන් දැනුම් දීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ වරකාපොල පොලිසියේ නිලධාරීන් එතනට ගොස්‌ මොහු පොලිසියට රැගෙනවිත් තිබෙනවා. ඉන් අනතුරුව වරකාපොල පොලිසිය මගින් වරකාපොල මූලික රෝහලට මොහු යොමුකර වෛද්‍ය වාර්තා ද ලබාගෙන තිබෙනවා.


කරුණු කෙසේ වුවද මෙසේ පැහැරගැනීමට ලක්‌ වූ දසනායක මහතා මෙම සිද්ධිය පිළිබඳව මාධ්‍යය හමුවේ කරුණු හෙළිකිරීම ප්‍රතික්‍ෂේප කර සිටියා.

මෙසේ පැහැරගත් ඕලු බිස්කට් නිර්මාණකරු මහව බලල්ලේ පදිංචි අජිත් දසනායක මහතා ගේ පියා පාරම්පරික බේකරි කරුවෙකි. සිය පියාගේ වියෝවෙන් පසුව බේකරියේ පාලනය සියතට ගන්න අජිත් මහතා සහල් පිටි වලින් විස්කෝතු සෑදීමට ආරම්භ කරනු ලබන්නේ 1990 දීය. නමුත් එය අසාර්ථක වී ඇත්තේ සහල් පිටි එකතු කල විට තිරිඟු පිටි මෝලිය පට්ටයක් ලෙසට සවිවීමෙනි. 

ඉන්පසු ඔහු ප්‍රදේශයේ වැව් වලින් බහුලව කඩා ගත හැකි ඕලු ඇට පිටි කොට ඒවා සහල් පිටි වලට මිශ්‍ර කොට විස්කෝතු සෑදීමේ ක්‍රියාවලිය දියුණු කරලිමට හැකි දැයි අත්හදා බලා ඇත. 

ඕලු අලයේ මෙන්ම ඇටයේ ද තිබෙන මෙළෙක් ස්වභාවයද, පිටි මෝලියට කලවම් නොකරන තවත් දේශිය ද්‍රව්‍ය කීපයක් ද අලුතින් එක් කිරීම මගින් තව දුරටත් පිටි මෝලිය මෙළෙක් වන බව ඔහු සොයාගෙන ඇති අතර ඒ අනුව සහල් පිටි සියයට විස්සක්ද ඕලු ඇට පිටි සියයට අසූවක් ද කලවම් කොට අජිත් මහතා විසින් නිර්මාණය කළ විස්කෝතුව බේකරි කර්මාන්තයේ විප්ලවීය ආරම්භයක් විය. 

රාධා ලංකා නැචුරල් නමින් වූ නිෂ්පාදන නාමය අනුව ඔහුගේ ඊළඟ නිර්මාණය බවට පත් වන්නේ ඕලු පිටි වලින් නිෂ්පාදනය කරනු ලැබූ කේක් ගෙඩියකි. එය සහමුලින්ම නව නිර්මාණයක් විය. එම අත්දැකීමෙන් පසු සහල් පිටි සියයට විස්සක්ද තිරිඟු පිටි සියයට විස්සක් ද ඕලු පිටි සියයට හැටක් ද මිශ්‍ර වූ පාන් ගෙඩියක් එම නිෂ්පාදන අතරින් එළියට පැමිණෙන්නේ එවකට බේකරි නිෂ්පාදකයින් අත නොගැසූ නවතම කේෂ්ත්‍රයකට අවතීර්ණ වෙමිනි. 

කෙසේ වෙතත් සහල් පිටි හා ඕලු පිටි යොදමින් පාන් ගෙඩියේ පිපීම සාර්ථක කර ගැනීමට කරන ලද අත්හදා බැලීම තුලින් ඉදිරියට පැමිණි අජිත් දසනායක මහතා රුපියල් විස්සකට පාන් ගෙඩියක් වෙළෙඳ පළට නිකුත් කළ හැකි යයි කළ අභියෝගයද සුලුපටු නොවේ. 

එය කලහැක්කේ සත්ව ආහාර සඳහා බහුල වශයෙන් ගැනෙන දේශිය බඩ ඉරිඟු පිටි යොදා ගනිමිනි. එහිදී සියයට අනූඅටක්ම එම පිටි වර්ගය යොදමින් ඔහු කළ නිර්මාණය නිසා ඇතැම් පිරිසකගෙන් ඔහුට ජීවිත තර්ජන පවා ඇති විය. 

මේ වන විටි ඔලු කුරහන් මෙන්ම කොස් අලු කෙහෙල් ඇතුලු දේශිය ධාන්‍ය වර්ග හා එළවුලු රාශියකින් සමන්විත ආහාර නිෂ්පාදන හැට දෙකක් වෙළෙඳපළ ට ඉදිරිපත් කරන්නට අජිත් දසනායක මහතා සමත්ව සිටී. ඒ අතර දියවැඩියා රොගීන්ට දිය හැකි ඕලු බිස්කට් රුධිර පීඩනය ඇතිරෝගීන් ට සුදුසු සුදු ලූනු ඉඟුරු ඕලු කුකීස් කොස් ඇට කුකීස් සහ විවිධ ධාන්‍ය වර්ග වලින් සහ සහල් පිටි බඩ බරිඟු පිටි වලින් නිපදවූ කේක් වර්ගද වෙයි.

සිද්ධිය තව දුරටත් මෙසේයි...


 
Related Posts with Thumbnails