Ads 468x60px

.

පානදුර, බොල්ගොඩ ගඟේ, ගිලී මියගිය ජපුර සිසුවාගේ මරණය අභිරහසක්‌ලු...

කොහොම වුණත් පුතාගේ මරණය ගැන අපිට ප්‍රශ්නයක්‌ තිබෙනවා... 

මොකද පුතා ජයවර්ධනපුර කැම්පස්‌ එකේ ඉඳලා පානදුර යන්න හේතුව දන්නේ නැහැ...

අනේ අපේ එකම රත්තරං පුතාට වෙච්ච දෙයක්‌. අපි දන්න තරමින් පුතාට කිසිදු ආදර සම්බන්ධයක්‌ තිබුණේ නැහැ. 

ඒ වගේම ඔහු සියදිවි නසාගන්න තරම් ප්‍රශ්නයක්‌ තිබුණෙත් නැහැ. කොහොම වුණත් අපේ රත්තරං දරුවාගේ මරණය ගැටලු සහගතයි.

යෑයි පානදුර, බොල්ගොඩ ගඟේ, අභිරහස්‌ අන්දමින් මියගොස්‌ සිටියදී හමු වූ ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ සිසුවාගේ පියා වන මහවිටගේ ගුණරත්න මහතා දැඩි කම්පනයෙන් යුතුව පැවසුවා.

මෙම අවාසනාවන්ත සිද්ධිය සැලවීමත් සමග අප එම විශ්වවිද්‍යාල සිසුවාගේ නිවසට ( 06 දා) ගිය අවස්‌ථාවේ ගුණරත්න මහතා එසේ කියා සිටියේය. සිද්ධියෙන් මුළු කහවත්තම කම්පාවට පත් වී සිටිනවා. නිවසට යන විටත් සිද්ධිය සැලවී ප්‍රදේශවාසීහු එම නිවසට පැමිණ සිටිනු දැක ගන්නට ලැබුනා.

මෙලෙස අභිරහස්‌ අන්දමින් මියගොස්‌ තිබුණේ කහවත්ත, යායින්, අංක 84 දරන නිවසේ පදිංචිව සිටි මහවිටගේ ලලිත් ගුණරත්න නැමැති 26 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවෙකි. ලලිත් සිසුවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටියේය.

ලලිත් සිසුවාගේ කහවත්තේ පිහිටි නිවස බ්ලොක්‌ ගල්වලින් පමණක්‌ බැඳ තිබූ කුඩා නිවසක්‌ විය. මෙහිදී අපට හමු වූ ලලිත් සිසුවාගේ මව වන එච්. ඒ. හීන් මැණිකේ මහත්මිය හැඬූ කඳුලින් මෙසේ පැවසූවා.

"ඇස්‌ දෙක වගේ තමයි අපි මේ දරුවා හදා ගත්තේ. කවදාවත් මගේ දරුවා අපි දෙන්නට වදයක්‌ වෙලා නැහැ. පුතා හරිම නිහඬ චරිතයක්‌. පාසල් යන කාලයේ පුතා පාසල් විෂයන් හැම එකකටම දක්‌ෂයි.
පුතා සෑම විභාගයක්‌ම එකවරම සමත් වුණා. පුතා විභාගවලින් සමත් වුණා කියලා හුඟක්‌ උද්දාමයට පත් වුණේ නැහැ. ඒ වගේ ම ඔහු මත්පැන් සිගරට්‌ පානය කළේ නැහැ. වැරැදි වැඩ කරලත් නැහැ. පුතා ගමේ කා අතරත් ප්‍රසිද්ධයි. අසල්වැසියනුත් පුතාට හරි ආදරෙයි."

" මම වත්තේ තේ දළු නෙලලා කුලී වැඩ කරලා හම්බ කරන හැම සතයක්‌ම වැය කළේ මගේ රත්තරං පුතාට හොඳට උගන්වන්නයි. ඒ වගේ හොඳ මහත්තයෙක්‌ කරන්නයි." පුතාගේ සිරුර හයවැනිදා උදේ පානදුර මුහුදේ මෝය කට ළඟ පාවෙමින් තිබී හමුවෙලා තිබෙනවා කියලා කහවත්ත පොලිසිය ඇවිත් කිව්වා. එතකොට මටයි, මහත්තයාටයි එකපාරටම ඒක විශ්වාස කරන්න බැරිවුණා. මගේ පුතා කාටවත් වරදක්‌ කර ඇති දරුවෙක්‌ නොවෙයි."

"කොහොම වුණත් පසුව මගේ පුතා මිය ගිහින් ඇති බව දැනගත්තා. පුතා මෙහෙම මිය යන්න හේතුව අපි දන්නේ නැහැ. කොහොම වුණත් පුතාගේ මරණය ගැන අපිට ප්‍රශ්නයක්‌ තිබෙනවා. මොකද පුතා ජයවර්ධනපුර කැම්පස්‌ එකේ ඉඳලා පානදුර යන්න හේතුව දන්නේ නැහැ."

"පුතා විශ්වවිද්‍යාලයේ වාණිජ අංශයේ සිසුවෙක්‌. පුතාට ඉගෙන ගන්න තිබූ ආර්ථික අපහසුතා මගහරවා ගන්නට නිවෙස්‌වලට ගිහින් උපකාරක පන්ති පවත්වා මුදල් හොයාගෙනත් තිබෙනවා. පුතා මිය යන්න කලින් ඒ කියන්නේ පස්‌වැනිදා මට කතා කරලා කිව්වා බැංකු ගිණුමට සල්ලි දාන්න කියලා. මම ඒ සල්ලිත් දැම්මා." 

" අපි වයසට ගියාම අපිව ගොඩගන්න හිටියේ අපේ රත්තරං පුතා. දැන් එයා අපිට අහිමි වෙලා. මගේ මහත්තයාටත් වැඩක්‌ පොලක්‌ කරන්න බැහැ. එයාට හිටපු ගමන් අසනීප වෙනවා. දැන් අපි ලොකු අමාරුවකයි වැටුණේ."
 
Related Posts with Thumbnails