Ads 468x60px

.

ෆේස්බුක් තාවකාලිකව අක්‍රීය කිරීමේ කරුණක් සම්බන්ධයෙන්...

පියා සහ දියණි අතර ෆේස්බුක් නොබලන ගිවිසුමක්...

ෆේස්බුක් යනු මෙකල තරුණ පරම්පරාව අතර ඉතා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියකි. බොහො ප්‍රයෝජන පැවැතියද ඇතැම් තරුණ තරුණියන් ෆේස්බුක් වෙතම ඇබ්බැහි වී සිටීම නිසා වැඩිහිටියන්ගේ අනුමැතිය නම් මේ කෙරෙහි වැඩිපුර නොලැබේ.

පෝල් ඛෙයර් සිය දියණිය වන රේචල් (14) ෆේස්බුක් සිය ‘ජීවිතය‘ කරගෙන සිටිනු දැකීම නොරිස්සීය. ඇය  මෙයින් මුදා ගන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටිනා අතර ඇය ෆේස්බුක් වෙත සමුදෙන්නේ නම් ඇයට සැළකිය යුතු කරමේ මුදලක් පිරිනමන්නෙමියි යන අදහස පෝල්ට පහළ වේ.

ඒ අනුව ක්‍රියාත්මක වන ඔහු මේ ගැන රේචල්ගෙන් විමසූ විට පුදුමයකට මෙන් ඇයගේ අනුමැතියද හිමිවේ. මේ අනුව පැහැදිලිවනුයේ දෙදෙනා අතර ‘අවබෝධතා‘ ගිවිසුමක් ඇති බවයි.

‘ෆේස්බුක් තාවකාලිකව අක්‍රීය කිරීමේ කරුණ සම්බන්ධයෙන්‘

රේචල් ඛෙයර් වන මම මගේ ෆේස්බුක් ගිණුම 2013/02/04 දින සිට 2013/06/06 දිනය දක්වා තාවකාලිකව අක්‍රීය කිරීමට එකග වන අතර එකග වූ පරිදි මගේ පියා වන පෝල් ඛෙයර් මට ඩොලර් 50 ක මුදලක් 2013/04/15 වන දිනදී ගෙවනු ඇත.තවත් ඩොලර් 150 ක මුදලක් 2013/06/26 දිනදී මට ලැබීමට සළස්වනු ඇත.

මගේ ෆේස්බුක් ගිණුමෙහි මුරපදය ඔහුට ලබාදෙන අතර එමගින් ඔහුට මගේ ගිණුම අක්‍රීය කිරීමටත් ගිවිසුම් කාලයට පෙර මම ෆේස්බුක් ගිණුම සක්‍රිය කිරීමට වැටබැදීමටත් ඔහුට හැකි වනු ඇත.

මම ලැඛෙන මුදල් මට අවශ්‍ය දේවල් මිලදී ගැනීම සදහා වැය කිරීමට බලාපොරොත්තු වෙමි. අත්සන් කළේ... රේචල් ඛෙයර්.....පෝල් ඛෙයර්
 
Related Posts with Thumbnails