Ads 468x60px

.

ගැන්ග්නම් ගාසා ස්ටයිල් (Video)

ධනවත් ජනයාට සරදම් කිරීමක්.

නිර්මාණශීලී පලස්තීනුවන් කණ්ඩායමකට තමන් එදිනෙදා මුහුණ දෙන අපහසුතාවයන් පෙන්වීමට අවශ්‍ය වූයේ ජංගම දුරකථනයක්, උපහාසාත්මක දැක්මක් සහ අන්තර්ජාල සම්බන්ධතාවයක් පමණි.

පලස්තීන කණ්ඩායමක් දකුණු කොරියානු ගැන්ග්නම් ස්ටයිල් ගීතයේ හාස්‍යජනක අනුවාදයක් නිර්මාණය කර ඇත්තේ ‘ගැන්ග්නම් ගාසා ස්ටයිල්’ යනුවෙනි. මෙම වීඩියෝවේ වැඩිහිටියන් පස් දෙනෙක් සහ ලමයෙක් එකම ආකාරයේ ඇඳුම් වලින් සැරසී නර්තනයක් ඉදිරිපත් කරන අතර කලාපයේ ඇති ප‍්‍රශ්නද ඉස්මතු කර තිබෙනවා.

එක් ගායකයකුගේ පිටේ ‘විරැකියාව’ යන්න ඉංග‍්‍රීසි සහ අරාබි භාෂා වලින් ලියා ඇත. අතරමගදී කණ්ඩායමේ වාහනය ඉන්ධන නැතිව නතර වී තල්ලූ කරන්නට සිදුවෙයි. ඒ අතරතුර ඔවුන් ගැන්ග්නම් නර්තනයක් ඉදිරිපත් කරනවා.

ඉන්ධන හලට පැමිණි පසු ‘ඉන්ධන නැත’ යන පුවරුවක් අලවා ඇත. මේ නිසා ප‍්‍රවාහන මාධ්‍ය ලෙස ඔවුන් බූරුවන් යොදා ගනිති. මේ කණ්ඩායමේ සාමාජික වොලිඞ් ඇන්තනි රොයිටර් වෙත කියා ඇත්තේ මෙයින් දෙන පණිවුඩය නම් තමන්ගේ විඳවීම්, සිරවීම්, විරැකියාව, විදුලිය නැතිකම ආදී ප‍්‍රශ්න දැක්වීම බවයි.

ගාසාවේ වර්තමාන විරැකියාව 40% ක් පමණ වෙතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන නමුත් දේශීය ආර්ථික විද්‍යාඥයන් කියන්නේ එය 60% ක් පමණ වන බවයි. කණ්ඩායම් නායක මුහම්නද් බරකත් කියා සිටියේ සරල මෙවලම් මගින් ලෝකයට පණිවුඩයක් දීමට හැකි වීම පිලිබඳ දෙවියන්ට ස්තුති කල යුතු බවයි.

ගාසාහි මෙම තත්වයට හේතුව 2001 දී සහ 2007 දී ඊශ‍්‍රායලය විසින් පනවන ලද සම්බාධකයි. පලස්තීනය (විශේෂයෙන් ගාසා තීරය) යැපෙන්නේ විදේශ ආධාර මතය. රාජ්‍ය හා පුද්ගලික බැංකු වලට ගෙවිය යුතු ණය විශාල ප‍්‍රමාණයක් තිබෙනවා.

මේ ගීතය මගින් සියොල් හි වෙසෙන ධනවත් ජනයාට සරදම් කිරීමක්ද සිදුවෙනවා.

එම ගැන්ග්නම් ගාසා ස්ටයිල් වීඩියෝව පහතින් 

 
Related Posts with Thumbnails