Ads 468x60px

.

රුසියාවට කඩා වැටුනේ ඊයේ අපේ කන ළඟින් ගිය ග්‍රහකයෙන් කොටසක්ද...

රුසියාවට කඩා වැටුණු උල්කාව නිසා 950කට තුවාල...

රුසියාවේ වේලාවෙන් උදෑසන 9.22ට පමණ (ලංකාවේ වෙලා වෙන් 8.52 ට) සුදු පැහැති දුම සහිත දිගු වල්ගයක් සහිතව දීප්තිමත් උල්කාවක් කඩා වැටෙන අයුරු කිලෝ මීටර් 200ක් දුරට දර්ශනය වී තිබෙනවා.

ඊයේ උදෑසන රුසියාවේ Chelyabinsk නගරයට කඩා වැටුණු එම උල්කාපාතය නිසා 950ක් පමණ තුවාල ලබා තිබෙනවා. Chelyabinsk නගරය පිහිටා තිබෙන්නේ මොස්කව් නගරයට කිලෝමීටර් 1,500ක් නැගෙනහිට දෙසින් කසක්ස්ථාන දේශසීමාව ආසන්නයේය.

සුපර් සොනික් ශබ්දයක් සහිතව පොළොවට ලඟාවූ එම උල්කාවෙන් බොහෝ දෙනා තුවාල වී තිබෙන්නේ එම කම්පනය නිසා ගොඩනැඟිලි වල වීදුරු කැඩී විසිවීම නිසාය.

විශාලතම උල්කාව Chebarkul ප්‍රදේශයේ විලකට කඩාවැටී තිබෙන අතර විල අසල ප්‍රදේශයක මීටර් 8ක පළල ආවාටයක්ද සෑදී තිබෙන්නේ තවත් උල්කාවක් නිසා බවටයි විශ්වාස කෙරෙන්නේ. එම ආවාටය අසල විකිරණ තත්ත්වය සාමාන්‍යය බවටයි වාර්තා වෙන්නේ.

Chelyabinsk නගරයේ ආණ්ඩුකාරවරයා පවසන්නේ තම නගරයේ Chebarkul ප්‍රදේශයට මෙන්ම Tyumen, Kurgan හා Sverdlovsk ප්‍රදේශ වලටද උල්කා කඩා වැටුණු බවයි.

කසක්ස්ථානය පවසන්නේ තම රටේ Aktobe ප්‍රදේශයට කඩා වැටුණු හඳුනා නොගත් වස්තූන් දෙකක් පිළිබඳව තමන්ද පරීක්ෂණ පවත්වන බවයි. ඒ අනුව එක් උල්කාවක් නොව උල්කා කිහිපයක්ම කඩා වැටී තිබෙනවා.

කෙසේවුවද උල්කාව කඩාවැටෙන තෙක්ම කිසිවෙකු එය දැනගන නොසිටි බවයි වාර්තා වෙන්නේ.

වොයිස්රුසියා වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ උල්කා වැටීමත් සමඟ රුසියානු ස්වයංක්‍රීය ගුවන් ආරක්ෂක පද්ධතියේ මිසයිල ක්‍රියාත්මකවී කිලෝමීටර් 20ක් ඉහලදී උල්කා හා ගැටී ඒවා විනාශ කල බවයි.

රුසියානු විද්‍යාඥයින් පවසන්නේ කඩා වැටුණු විශාලතම උල්කාව ටොන් 10ක් පමණ බරින් යුත් බවයි. Roscosmos (Russian Federal Space Agency) ආයතනය පවසන්නේ මෙය උල්කාව තත්පරයට කිලෝමීටර් 30ක (30Km/s) වේගයෙන් ගමන් කළ බවයි.

එය කඩාවැටීමෙන් එම ප්‍රදේශයේ ගොඩනැඟිලි 3,000කට පමණ හානි සිදුවී ඇති අතර එම ප්‍රදේශයේ පිහිටි සින්ක් කර්මාන්තශාලාවක වර්ග අඩි 6,000ක පමණ වහලයද සම්පූර්ණයෙන් කඩාවැටී තිබෙනවා.

සිද්ධියෙන් පසු එම ප්‍රදේශයේ ගෘහස්ථ ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම විසන්ධි කර තිබෙන අතර එම ප්‍රදේශයේ ජංගම දුරකථන, අන්තර්ජාල සබඳතා හා විදුලියද විසන්ධි වී තිබෙනවා.

මෙම උල්කාව ගමන් කර තිබෙන්නේ නැඟෙනහිර සිට බටහිරට වන අතර ලංකාවේ වෙලාවෙන් හෙට පාන්දර 00.56 ට පෘතුවිය පසුකර යන 2012 DA14 ග්‍රහකය ගමන් කරන්නේ උතුරේ සිට දකුණට නිසා මෙම උල්කාපාතයත් එම ග්‍රහකයත් අතර සබඳතාවක්
නැති බවයි අපට වාර්තා වන්නේ.

උල්කාව වැටුණු ස්ථානයේ ජායාරූප ද සහිත කඩා වැටුණු උල්කාවේ ජායාරූප හා වීඩියෝ එකතුවක් පහතින්.




























උල්කාව නිසා ගොඩනැඟිලි වලට හානි වී ඇති අයුරු පහතින්.













 
Related Posts with Thumbnails