Ads 468x60px

.

ෆෝන් එකක් නිසා නාලන්දාවේ විදිහල්පතිනී සති දෙකක් පන්ති තහනම් කල ලජ්ජාවට සිසුවිය වස පානය කරලා..

සමාවෙන්න මැඩම් ස්‌පෝට්‌ මීට්‌ එක නිසා ෆෝන් එක ගෙනාවේ...

කටවහපන්!! කෙල්ලේ... මම ගහනවා දැන් කෝටුවක්‌ අරන් කියා... 
- විදුහල්පතිනිය කියලා...

ස්පෝර්ට් මීට් එක ඉවරවෙන කොට රෑ වෙන හින්දා තාත්තට එන්න කියන්න ෆෝන් එකක් ගෙනා නිසා මිනුවන්ගොඩ නාලන්දාවේ විදිහල්පතිනී සති දෙකක් පන්ති තහනම් කල ලජ්ජාවට කලකිරී සිසුවියක් වස පානය කර තිබෙනවා.

මිනුවන්ගොඩ නාලන්දාවේ විදුහල්පතිනිය මහේෂිකාගේ කණ මිරිකා බැණ වැදුන නිසාත් සති 02 ක්‌ පංති තහනම් කළ නිසාත් එදා සිට කලකිරීමෙන් සිටි මහේෂිකා නැවත පාසලට බාර නොගන්නා බව විදුහල්පතිනිය කිව් නිසාත් ඇතිවූ කලකිරීම මත එම සිසුවිය වස පානය කර තිබෙන බවයි අප වෙත වාර්තා වන්නේ.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

මමත්, මියගිය දුවත් නාලන්දාවේ විදුහල්පතිනිය හමුවෙන්න 05 වැනිදා පාසලට ගියා. විදුහල්පතිනිය හමුවී මා කිව්වා දරුවා ෆෝන් එක ගෙනත් තියෙන්නේ ක්‍රීඩා තරග ඉවරවෙන කොට රාත්‍රී වෙනවා. රෑ වුණොත් තාත්තාට කෝල් එකක්‌ දෙන්න කියා. 


දුවත් කිව්වා සමාවෙන්න මැඩම් ස්‌පෝට්‌ මීට්‌ එක නිසා ෆෝන් එක ගෙනාවේ කියා. කටවහපන්!! කෙල්ලේ... මම ගහනවා දැන් කෝටුවක්‌ අරන් කියා... විදුහල්පතිනිය කිව්වා. දැන් ළමයව ගෙදර එක්‌කගෙන යන්න. සති දෙකක්‌ පංති තහනම් කරනවා. ආයේ පාසලට ගන්න බැහැ. වෙනත් පාසලක්‌ හොයා ගන්න කියාත් කිව්වා. නිවසට පැමිණි දරුවා කලකිරීමෙන් සිටියේ. 

එම කලකිරීම නිසා දුව වස පානය කර තිබෙන්නේ යෑයි මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලබන හිරිපිටියලාගේ නිශාදි මහේෂිකා ජයරත්න නමැති 17 හැවිරිදි සිසුවියගේ මව පැවසුවාය.

මියගිය දියණියගේ පියා වන ජයරත්න මහතා මෙසේ පවසනවා.

වැඩිමහල් පුතාලා දෙන්නා විවාහවෙලා වෙනම නිවෙස්‌වල පදිංචි වෙලා ඉන්නේ. මියගිය දුව මිනුවන්ගොඩ නාලන්ද බාලිකා විදුහලේ උසස්‌ පෙළ ඉගෙන ගන්නවා. වාණිජ විෂය හදාරන ඇය 2014 විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියා. 


දිනපතා පාසල් යන ඇය පාසල් වැඩවලට දක්‌ෂයි. පසුගිය ජනවාරි 31 වැනිදා පාසලේ නිවාසාන්තර තරග තිබුණා. එය තිබුණේ වෑගොව්ව පාසල් ක්‍රීඩාංගණයේ. 

උදේ 9 ට විතර ගෙදරින් ගියේ. එක්‌ක යන්න මම එන්නද කියලා ඇහුවා. මම ෆෝන් එක ගත්තා. රෑ වුණොත් කෝල් එකක්‌ දීලා තාත්තව ගෙන්වා ගන්නම් කියා දුව කිව්වා. ඇය සවස 6 ට විතර ආපසු නිවසට ආවා. 

එයාගේ ෆෝන් එක පංති භාර මැඩම් ගත්තා කියා කිව්වා. මම එවිටත් ඇහැව්වා ෆෝන් ගෙනියන්න තහනම් නම් ඇයි ගෙනිච්චෙ කියා. රෑ වුණොත් තාත්තට එන්න කියන්නයි ෆෝන් එක ගෙනිච්චෙ කියා ඇය නැවතත් කිව්වා. 

සඳුදා නිවාඩු නිසා අඟහරුවාදා (05 දා) දුව සමග නාලන්දා පාසලට ගියා. විදුහල්පතිවරියව හමුවුණා. මා කිව්වා රෑ වුණොත් තාත්තට කෝල් එකක්‌ දෙන්නයි ෆෝන් එක ගෙනත් තියෙන්නේ කියා. ෆෝන් එකේ අනවශ්‍ය දේවල් තිබුණා කියා කිව්වා. මම ඒවා බලන්න අවශ්‍ය යෑයි කිව්වා. 

ෆෝන් එක ඔන් කරලා බැලුවත් අනවශ්‍ය කිසිවක්‌ ෆෝන් එකේ තිබුණේ නැහැ. විදුහල්පතිනිය අසල වින්ධ්‍යා කියන මැඩම්ද හිටියා. එයා මා ඉදිරියේදී මියගිය දුවගේ කණ මිරිකා බැණ වැදුනා. එදා සිට එයා කලකිරීමෙන් හිටියේ. දුවට වෙන ප්‍රශ්න මුකුත් තිබුණේ නැහැ. 

දුවගේ ප්‍රේම සම්බන්ධතාවක්‌ තිබුණා. එම කටයුත්තට අපේ විරුද්ධතාවක්‌ තිබුණේ නැහැ. සති 02 ක්‌ පංති තහනම් කළ නිසාත් නැවත පාසලට බාර නොගන්නා බව විදුහල්පතිනිය කිව් නිසා ඇතිවූ කලකිරීම මත දියණිය වස පානය කළ බව මගේ විශ්වාසයයි.

වගකිවයුතු වැඩිහිටියන් තරුණ වියේ පසුවන දූ දරුවන්ට අවවාද දීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව මරණ පරීක්‌ෂකවරයා පැවසීය.
 
Related Posts with Thumbnails