Ads 468x60px

.

ශ්‍රී ලංකාවේ උපත් පාලන කොපු පාවිච්චිය කෝටි දෙක පනී - වෛද්‍ය ජී. වීරසිංහ කියයි.

වැඩිම රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ...
එම සංඛ්‍යාව 28515 ක්ලු...

ශ්‍රී ලංකාවේ වෙසෙන පුද්ගලයන් වසරක්‌ තුළ මිලියන විස්‌සකටත් වඩා වැඩි උපත් පාලන කොපු සංඛ්‍යාවක්‌ භාවිත කරන බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හා එච්. අයි. වී. මර්දන ඒකක ප්‍රධානියා වන ජී. වීරසිංහ මහතා පවසනවා.

දැනට ලංකාවේ ප්‍රධාන රෝහල් සඳහා ඒඩ්ස්‌ මර්දන ඒකකය විසින් උපත් පාලන කොපු ලබාදෙන අතර ඒවා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් ලබා ගැනීමට ක්‍රමවේදයක්‌ ඇති බවද පවසනවා

මේ අයුරින් ඒඩ්ස්‌ මර්දන ඒකකය මගින් ලබාදෙන ඒවාට අමතරව ඇතැම් පුද්ගලයන් ආරක්‍ෂිත ලිංගික හැසිරීමකට පෞද්ගලික ඔසුසල් වලින්ද මිලදී ගන්නා බව වෛද්‍ය වීරසිංහ මහතා පවසනවා.

2012 වසරේ ඒඩ්ස්‌ මර්දන ඒකකය මගින් රෝහල් වෙත ලබාදුන් උපත් පාලන කොපුවලින් වැඩිම සංඛ්‍යාවක්‌ භාවිතයට ගෙන ඇත්තේ රත්නපුර දිස්‌ත්‍රික්‌කයේය. 


එම සංඛ්‍යාව 28515 කි. කොළඹ 17468, මහනුවර 13010, නුවරඑළිය 16286 කුරුණෑගල 12560, කෑගල්ල 10544 ආදී වශයෙන් ඒඩ්ස්‌ මර්දනය ඒකකය රෝහල් වෙත ලබාදුන් උපත් පාලන කොපු භාවිත කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පවසනවා.
 
Related Posts with Thumbnails