Ads 468x60px

.

හෙළුවැලි පින්තූර ගන්න එපා කිව්වාම මෛත්‍රීපාලගේ පුතා ඩී අයි ජී ගේ පුතාට ගහලා...

ඩී අයි ජී පුතා ජාතික රෝහලට...

රජයේ ප්‍රබල ඇමැති වරයකුගේ ප්‍රත්‍රයකු ඇතුළු පිරිසක් මාළු මාළු හෝටලයේ දී ඇඳුම් ගලවා පින්තූරයක් ගනිද්දී නියෝජ්‍ය පොලිස්පති ගේ පුතා සහ බිරිය පසුබිමේ සිටි හෙයින් නිරුවත් පින්තූර වලට තමන් ද දර්ශනය විය හැකි හෙයින් එසේ නොකරන්නැයි ඉල්ලා තිබෙනවා. 

එම අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පතිට හා ඔහුගේ පුතාට පහර දී බරපතල තුවාල සිදු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවාපාසිකුඩාවේ අලුතෙන් විවෘත කළ මාළු මාළු හෝටලයේ දී එසේ පහරදුන් බව කියන ඇමැති පුතා පොලිස් ඇප මත මුදා හළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා

පොළොන්නරුව නියෝජනය කරන මෙම ප්‍රබල ඇමැතිවරයාගේ ඇතුළු පිරිස කල්කුඩාවේදී බරපතල තුවාල සිදු කර ඇත්තේ මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාරගේ
පුතාට බව පොලිස් ආරංචි කියයි. මේ සම්බන්ධයෙන් සැකපිට 13 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසනවා.


එමෙන්ම විදුලි සංදේශ විධායකයකු වන අසේල වෛද්‍යලංකාර (27) මහතා මඩකළපුව රෝහලේ සිට කොළඹට මාරු කළ බව මඩකළපු රෝහල් ආරංචි මාර්ග පවසනවා. පහර දුන් දහතුන්දෙනා අතර පල්ලේ වත්ත ගමරාළලාගේ දහම් සිරිසේන(20) සිටි බවත් අසේල ඔහු මීට කලින් දැන ඇදින නොසිටි බවත් පොලිස් ආරංචි පවසනවා

ඔහු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුතායි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි කියා සිටියේ දෙපිරිස අතරම ගැටුමක් ඇති වු බවයි.

එහි වැඩි විස්තර පහතින් 


 
Related Posts with Thumbnails