Ads 468x60px

.

විනාඩියක් තුල වැඩිම පිරිමින් සංඛ්‍යාවක් සිපගත් වීනා මලික්ගෙන් ගිනස් වාර්තාවක්...

සලමන් ඛාන්ගේ වාර්තාව බිඳියි...

විනාඩියක් ඇතුලත පිරිමින් 137 දෙනෙක් සිපගෙන...

බොලිවුඞ් සිනමාවේ ආන්දෝලනාත් මක චරිතයක් වන පකිස්තානු ජාතික නිළි විනා මලික් , විනාඩියක් තුල වැඩිම පිරිමින් සංඛ්‍යාවක් විසින් සිපගත් කාන්තාව ලෙස ගිනස් වාර්තාවක් තබා ඇතැයි වාර්තා වෙනවා.

තමන්ගේ නවතම චිත‍්‍රපටය වන The city that never sleeps හි ප‍්‍රවර්ධන කටයුත්තක් ලෙස  සිදුකල මෙම සිපගැනීමේ තරගයේදී පිරිමින් 137 ක විසින් විනාඩියක් තුල වීනා මලික්ගේ අත සිපගෙන ඇති අතර ඇය විසින් බිදහෙලා ඇත්තේ මීට පෙර සලමන්
ඛාන් විසින් තබා තිබූ වාර්තාවයි.

මෙය මට මෙවර ලැබුන හොදම උපන්දින තෑග්ගයි. මේ වැනි ගිනස් වාර්තා 20 ක් තැබීම මගේ ඉදිරි අරමුණයි යනුවෙන් වාර්තාව තැබීමෙන් පසු මාධ්‍ය ඇමතූ වීනා මලික් පවසා
තිබෙනවා.

විනා මලික්ගේ එම පින්තුර පතින්.






 
Related Posts with Thumbnails