Ads 468x60px

.

උතුරු මැද ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගැසුවේ පරණ කෝන්තරයක් පිරිමහගන්නද..?

කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ තවත් දොස්‌තර කෙනෙක්‌ලු...

විනය හේතුවක්‌ මත වැඩ තහනම් කරපු දොස්‌තර කෙනෙක්... 

උතුරුමැද ආයුර්වේද කොමසාරිස්‌ වෛද්‍ය කුමාර අල්විස්‌ මහතාට ඇසිඩ් ප්‍රහාරය එල්ල කරන ලද්දේ අනුරාධපුර ආයුර්වේද රෝහලේම සේවය කරන වෛද්‍යවරයකු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක්‌ මත බව හෙළිකර ගත් පොලිසිය එම වෛද්‍යවරයාත් ඊට සම්බන්ධ හමුදා සෙබළකු හා තවත් අයෙකුත් ඊයේ (28 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබුවා.

රෝහලේ පැවැති පරිපාලනමය ගැටලු සම්බන්ධව ඇතිවූ ආරවුල් නිසා වෛද්‍ය අල්විස්‌ මහතා සමග දැඩි වෛරයකින් පසුවූ මෙම සැකකාර වෛද්‍යවරයා, සෙබළා හා අනෙක්‌ පුද්ගලයා යොදවා ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබෙනවා.


මෙම කොන්ත්‍රාත්තුව වෙනුවෙන් සැකකාර වෛද්‍යවරයා විශාල මුදලක්‌ද ලබාදී ඇති අතර ඉන් කොටසක්‌ මුලින් දී ඇති බවද හෙළිවී තිබෙනවා.

ඇසිඩ් ප්‍රාහරයට ලක්‌ වූ වෛද්‍ය කුමාර අල්විස්‌ මහතා අත්අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයාගේ සේවය මීට ටික කලකට පෙර විනය හේතුවක්‌ මත තහනම් කර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී
තිබෙනවා. පසුව එම වැඩ තහනම ඉවත් කර නැවත සේවයට වාර්තා කිරීමට සැකකාර වෛද්‍යවරයාට ඉඩ ලබාදී තිබෙනවා.

සැකකාර වෛද්‍යවරයා පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේදී සිය නිවසේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ප්‍රශ්න කිරීමේදී වෛද්‍ය කුමාර අල්විස්‌ මහතාට ඇසිඩ් ප්‍රහාරය එල්ල කිරීමට හමුදා සෙබළකුට කොන්ත්‍රාත්තුව දී ඇති බව හෙළිවී
තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඇසිඩ් ගැසීමට පැමිණි සෙබළාගේ දුරකථන අංකය සැකකාර වෛද්‍යවරයාගෙන් ලබාගෙන ඔහුව අත්අඩංගුවට ගැනීමට පියවරගෙන තිබුනා. මෙම සෙබළා සැකකාර වෛද්‍යවරයා විසින් කුඩා කළ සිට හදා වඩාගත් අයකු බව පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී
හෙළිවී තිබෙනවා.

වෛද්‍ය කුමාර අල්විස්‌ මහතාට ඇසිඩ් ප්‍රහාරයක්‌ එල්ල කිරීමට අවශ්‍ය බව සැකකාර වෛද්‍යවරයා කීප විටක්‌ම මෙම හමුදා සෙබළා සමග සාකච්ඡා කොට
තිබෙනවා. ඒ අනුව මෙම සෙබළා තම හිතවත් පුද්ගලයා සමග යතුරුපැදියකින් පැමිණ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ අනිත් පුද්ගලයා නිට්‌ටඹුව ඌරපොල ප්‍රදේශයේදී පොලිසිය විසින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන
තිබුනා.

සැකකාර වෛද්‍යවරයා, සෙබළා සහ අනෙක්‌ පුද්ගලයා අතර ජංගම දුරකථන ඔස්‌සේ සිදුවූ සාකච්ඡා පිළිබඳව සවන් දීමට අදාළ දුරකථන සමාගම්වලින් අවසර ලබා ගැනීම සඳහා පොලිසිය අධිකරණ නියෝගයක්‌ ලබා ගැනීමට ද නියමිතය.

ඉකුත් 22 වැනිදා අලුයම 4.30 ට පමණ අල්විස්‌ මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිල නිවසට කඩා වැදුණු සැකකාර සෙබළා සහ අනෙක්‌ පුද්ගලයා ඒ මහතාගේ මුහුණට ඇසිඩ් ප්‍රහාරයක්‌ එල්ල කර පළාගොස්‌
තිබුනා.එහිදී බරපතළ පිළිස්‌සුම් තුවාල ලැබූ වෛද්‍යවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එහි තවත් විස්තර පහතින්


 
Related Posts with Thumbnails