Ads 468x60px

.

පානදුර කුලී නිවසේ අබිරහස්‌ ලෙස මියගොස්‌ සිටි තුන්දෙනා ඇත්තටම මියගියේ ආර්ථික ප්‍රශ්න නිසාද

මාස 5 කින් ගෙවල් කුලී ගෙවා නැතිලු...

සෑහෙන පිරිසකගෙන් ණයට මුදල් අරගෙන... 

පානදුර සාගර මාවතේ පිහිටි නිවසක පදිංචිව සිටි මවක, පියකු සහ අටමස්‌ හැවිරිදි දරුවකු නිවස තුළ අබිරහස්‌ අන්දමින් මියගොස්‌ සිටියදී පානදුර පොලිසිය මගින් ඊයේ (28 වැනිදා) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

මෙතෙක්‌ සිදුකර ඇති පරීක්‍ෂණවලට අනුව පොලිසිය සැකකරන්නේ සැමියා, සිය බිරිඳ සහ දරුවා ඝාතනය කර ඔහු ද නිවසේ බාල්කයේ එල්ලී සියදිවි හානිකර ගන්නට ඇති බවයි.


මීට දින තුනකට පමණ පෙර මොවුන් මියයන්නට ඇති බවට ද පොලිසිය සැක පහළ කරනවා. මොවුන් පදිංචිව සිටි නිවස දෙසින් අධික දුර්ඝන්ධයක්‌ පැතිර යැම නිසා ඒ පිළිබඳව විමසිලිමත් වූ අසල්වැසියකු ඒ බව පොලිස්‌ හදිසි ඇමතුම් ඒකකයේ 119 දුරකථනය වෙත දැනුම් දී තිබෙනවා

ඒ අනුව එම නිවසට ගිය පානදුර පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ නිවස තුළ මියගොස්‌ සිටි තිදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙනවා.  

මොවුන්ගේ සිරුරු සොයා ගන්නා අවස්‌ථාවේ ඒවා අධික ලෙස කුණුවී තිබූ බවද පොලිසිය පවසනවා.මෙහිදී සියදිවි හානිකර ගෙන ඇත්තේ හිටපු නාවික හමුදා සෙබළකු වූ 40 හැවිරිදි නිරෝෂන් ඉන්දික නමැති අයෙකි. ඝාතනයට ලක්‌ව ඇත්තේ තිස්‌පස්‌ හැවිරිදි ශිරාණි පද්මලතා නමැති කාන්තාවක වන අතර ඝාතනයට ලක්‌වූ දරුවාගේ නම හෙළි වී නොමැත.


නිරෝෂන් නමැත්තා සිය බිරිඳගේ ගෙල තියුණු ආයුධයකින් කපා දමා ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබෙනවා. ඝාතනයට ලක්‌ වූ ශිරාණිගේ සිරුර සාලයේ පුටුවක්‌ මත තිබී ඇති අතර දරුවාගේ සිරුර තිබී ඇත්තේ සාලයට යාබද කාමරයකය.

බිම ඇතිරූ පැදුරක්‌ මත කුඩා දරුවා ඝාතනය කර සිටි අතර කොට්‌ටයක්‌ මුහුණට ඔබා හුස්‌ම හිරකිරීමෙන් එම දරුවා මරා දමන්නට ඇති බවට පොලිසිය සැක කර
නවා.නිරෝෂන් නමැත්තාගේ සිරුර සාලයේ බාල්කයේ එල්ලෙමින් තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

බිරිඳ ඝාතනය කිරීමට යොදා ගත් බවට සැකකරන පිහියක්‌ නිවසේ වැසිකිළියේ කොමඩ් එක තුළ සඟවා තිබියදී පොලිසිය සොයා ගන්නා ලදී.


සිය දිවි හානිකර ගත් බවට සැක කරන නිරෝෂන් නමැත්තා හමුදා සේවයෙන් ඉවත් වීමෙන් පසු කුලී රථ රියෑදුරකු ලෙස සේවය කර තිබෙනවා.

මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ මොවුන් පානදුර සාගර මාවතේ නිවසට පැමිණ ඇත්තේ මීට වසර තුනකට පමණ උඩදීය. කුලී පදනම මත මොවුන් මෙම නිවසේ පදිංචිව සිට ඇති අතර දැඩි ආර්ථික අගහිඟකම් මැද ජීවත් වී ඇති බවද හෙළිවී
තිබෙනවා.

මාස 5 කින් ගෙවල් කුලී ගෙවා නැති අතර නිරෝෂන් නමැත්තා සෑහෙන පිරිසකගෙන් ණයට මුදල් ලබාගෙන ඇති බව ද හෙළි වී
තිබෙනවා.

ණය හිමියන් නිතර නිතරම නිවසට ඒම නිසා මොවුන් දැඩි අපහසුතාවට පත්ව සිට ඇත.ඝෘතනයට ලක්‌ වූ ශිරාණි ද කාලයක සිට සුළු මානසික ආබාධයකින් පෙළුණු කාන්තාවක බව පරීක්‍ෂණවලින් හෙළි වී
තිබෙනවා.

ආර්ථික ප්‍රශ්නත්, බිරිඳගේ මානසික ආබාධයත් නිසා නිරෝෂන් දැඩි මානසික පීඩනයකින් ජීවත් වූ අයෙකි. මොහු අවස්‌ථා කීපයකදීම අසල්වැසියන් සමග පවසා ඇත්තේ පුංචි දරුවා නැත්නම් තමන් හිස හැරුණු අතක යන බවයි.



කෙසේ වෙතත් මෙම මරණ සිදු වූ ආකාරය නිවැරැදිව දැනගැනීමට හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් අනතුරුව බව පොලිසිය පවසනවා.
 
Related Posts with Thumbnails