Ads 468x60px

.

අම්මා රට යවලා තාත්තා දුව කෙලෙසු හැටි බෝඩිමේ හිටපු පෙම්වතාට කියයි...

අම්මා රට ගිහින්, හැදී වැඩී තියෙන්නේ ආච්චි කෙනක්‌ ළඟ...

පාසල් යෑවීමට යෑයි කියා කටුනායක බෝඩිමකට අරන් ඇවිත්... 

මව විදේශගතව සිටින හෙයින් 17 හැවිරිදි දැරිය
ක්‌ පුංචි අම්මා, නැන්දා කෙනකු සහ ආච්චි භාරයේ හැදී වැඩී තිබෙනවා. පාසල් යෑවීමට යෑයි පවසා පියා විසින් දැරියව වයස අවුරුදු 15 දී ආච්චි අම්මා භාරයෙන් රැගෙන විත් කටුනායක, පීල්ලවත්ත ප්‍රදේශයේ බෝඩිම් කාමරයක්‌ කුලියට ගෙන එහි නවතා තිබෙනවා. 

එතැන් පටන් 2011 වසරේ සිට පියා විසින් දැරියට අතවර කර ඇති අතර බෝඩිම් හිමිකරුගේ පුතා සමග මීට මාස කිහිපයකට පමණ පෙර අතවරයට පත් දැරිය පෙම් සබඳතාවක්‌ ගොඩනඟාගෙන තිබෙනවා. 

පියාගෙන් නිතර නිතර සිදුවන අතවර ගැන පෙම්වතාට පැවසීමෙන් අනතුරුව පෙම්වතා එම තරුණියව විවාහ කරගන්නා පොරොන්දු මත වෙනත් ප්‍රදේශයක කාමරයක්‌ කුලියට ගෙන එහි නවතා තිබී ඇත. එම තරුණයාද එම කාමරයේ පදිංචිවී සිට ඇත. 

බාලවයස්‌කාර දැරිය නිවසේ නොමැති බවට පියා විසින් කටුනායක පොලිසියට කළ පැමිණිල්ල මත පොලිස්‌ නිලධාරීන් විසින් කළ විමර්ශනයේ දී යුවළව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිද්ධිය අනාවරණය වූ බවට අධිකරණයට කරුණු අනාවරණය කරනු ලැබුවා.

තම දියණියට කෲරත්වයෙන් සලකා ඇයට වරින් වර අතවර කිරීමේ චෝදනා මත කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයේ පසුවන 37 හැවිරිදි පියාට ඇප ලබාදීම ප්‍රතික්‌ෂේප කළ මිනුවන්ගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියෝග කළා.
 
නීත්‍යනුකූල භාරකාරත්වයෙන් දැරියව අපහරණය කිරීමේ චෝදනා මත සැකකාර තරුණයාවද කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයට පත්කරනු
ලැබුවා. අධිකරණ නියෝග මත දැරියව ළමා නිවාසයක රඳවා තිබෙනවා.
 
Related Posts with Thumbnails