Ads 468x60px

.

සොරුන්ටත් නිගාදෙන පාපතරයකු මහලු මවගේ කරාබු දෙක කන්පෙති සමග කඩාගෙන ගිහින්...

ගෙදරට ඇවිත් තිබහට වතුර වීදුරුවක් ඉල්ලලා...

බෙල්ලෙන් අල්ලා තද කර කන් දෙකත් එක්කම කරාබු දෙක කඩාගෙන... 

අදාළ පුද්ගලයා තවමත් නිදැල්ලේ...

නියාගම, මත්තක, කිඹුලාවල ප්‍රදේශයේ වයෝවෘද්ධ මාතාවකගේ කරාබු යුගලය කන් දෙකද සමග කඩාගෙන ගිය ශෝචනීය පුවතක්‌ පිටිගල පොලිස් වසමෙන් අසන්නට ලැබෙනවා. 

සොරුන්ටත් නිගාදෙන පාපතරයකු විසින් කරන ලද මෙම පහත් සොරකමට මුහුණපා ඇත්තේ ජී. එල්. සොපිනෝනා නමැති හැත්තෑ හැවිරිදි කාන්තාවකි.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.
 
වයස අවුරුදු තිස්‌පහක පමණ අයෙකු මෙම කාන්තාව විසූ කුඩා නිවසට දහවල් දොළහට පමණ පැමිණ වතුර වීදුරුවක්‌ ඉල්ලා තිබෙනවා.


කාන්තාව විසින් එම පුද්ගලයාට වතුර වීදුරුවක්‌ ගෙනවිත් දී
තිබෙනවා. ඒ මොහොතේ නිවසේ වෙනත් කිසිවෙක්‌ නොමැති බව දැනගත් සැකකරු වතුර වීදුරුව පානය කිරීමෙන් අනතුරුව බෙල්ලෙන් අල්ලා තදකර කරාබු දෙක කන් පෙතිද සමගම කඩාගෙන පළාගොස්‌ තිබෙනවා.

දැඩි කම්පනයට පත් එම කාන්තාව කතාකර ගත නොහැකිව එහි ඇද වැටී
තිබෙනවා. කැඩීගිය කන්පෙතිවලින් ලේ රූරා වැටෙන්නට පටන් ගෙන ඇති අතර ඇය කිසිවක්‌ කර කියාගත නොහැකිව වැටුණු තැනම වැතිරී තිබෙනවා

පසුව කුලී වැඩ නිමවා දිවා ආහාරය පිණිස ඇගේ සැමියා නිවසට ආ විට ලේ ගලමින් වැටී සිටි මැය දැක අවට වාසීන්ට කෑගසා ඇල්පිටිය මූලික රෝහලට ගෙන ගොස්‌ තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් පිටිගල පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය පරීක්‌ෂණ ආරම්භ කර
තිබෙනවා. එහෙත් අදාළ පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.
 
Related Posts with Thumbnails