Ads 468x60px

.

කකුල යටින් පේනව නම් පේනවා කියල කියන්න ජායාරූප ශිල්පියාට කියන්න පුළුවන් වෙන්න ඕනේ.

විදෙස් සගරාවකට නිරුවතින් හෝ පෙනී සිටින්න පුළුවන්...

ඔවුන් ඡායාරූප ගන්නේ වල් කමින් නෙමෙයි කලාත්මක ඇසින්...

ඡායාරූප ශිල්පියෙකු ඡායාරූප ගනිද්දී කකුල යටින් පේනව නම් ‘ යුරේනි, පේනවා’ කියල කීමට වැදගත් කමක් ජායාරූප ශිල්පියකුට තිබිය යුතු බව නිළියක්, මෝස්තර නිරූපන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන යුරේනි නොෂිකා පවසනවා.

යුරේනි, මේ බව පවසා ඇත්තේ පසුගිය කාලයේ ඇගේ ඇග පසග වැඩියෙන් පෙනෙන ආකාරයේ ඡායාරූප පල කිරීම සම්බන්ධයෙන් පුවත් පතක් සමග ඇතිකරගත් ආරවුල ගැන දිනපතා පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයක් කළ විමසීමකදීය. 

එම සම්මුඛ සාකච්ඡාවේදී අදාල ජායාරූප ශිල්පියා දිගින් දිගටම විවේචනය කර ඇති යුරේනි, එම ඡායාරූපය ගත් ජායාරූප ශිල්පියා ඒවා ගෙන ඇත්තේ වල් කමින් බවද පවසා තිබෙනවා.

විදෙස් සගරාවකට නිරුවතින් හෝ පෙනී සිටිය හැකි බවද එවැනි සගරාවල කැමරා ශිල්පීන් ඡායාරූප ගන්නේ වල්කමින් නොව කලාත්මක ඇසින් බවත් ඇය පවසනවා

එම ඡායාරූප ශිල්පියා තමාගේ ඡායාරූප 500ක් පමණ ගත් බවත්, එහි ලස්සන ඡායාරූප තිබුණත් ඔහු පාවිච්චිකර ඇත්තේ තමාගේ වැසුනු තැන් පෙනෙක ඡායාරූපයක් බවත්, ඉන් ඔහුගේ මානසිකත්වය පෙනෙන බවද ඇය සදහන් කර තිබෙනවා.

එය පුවත්පත විකුණා ගැනීමට කළ උපක්‍රමයක් බවටද ඇය චෝදනා කරනවා.වල් ඇස් තියෙන ඡායාරූප ශිල්පීන් නිසා කළ කිරීමක් තිබුණත් ඡායාරූප ශිල්පීන්ට බය නැති බවත් ඇය පවසනවා.

තමාට පෙම්වතුන් සිවුදෙනක් සිට ඇති බවත්, ඔවුන් ලංකාවෙ නොවන බවත් ඇය පවසනවා. කෙසේවුවද තමාගේ ‌ෙපම්වතුන් විදේශිකයන්ම නොවන බවද පවසන යුරේනි, ඔවුන් අතර උසස් අධ්‍යාපනයට ලංකාවෙන් විදෙස් ගතවූවන් ද සිටින බවද පවසනවා.
 
Related Posts with Thumbnails