Ads 468x60px

.

හත් හැවිරිදි දරුවා විකෘති කාමාතුරයෙක් ගෙල ටයිපටියෙන් සිරකර සාහසික ලෙස මරා දමලා...

වයස 7 යි තවම 2 වසරේ...

ටයි පටිය බෙල්ලේ ඔතලා මගේ පුතා මරා දමලා තිබුණා - දරුවාගේ මව හඬමින් කියයි
 
කෑගල්ල වලගම්බා විදුහලේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හත් හැවිරිදි ශිෂ්‍යයකු පැහැරගෙන ගොස්‌ ඇති නාඳුනන පුද්ගලයකු කෑගල්ල උඩකරඬුපොන නිල්මල්ගොඩවත්ත ප්‍රදේශයේදී එම ශිෂ්‍යයාගේ ගෙල ටයිපටියෙන් සිරකර සාහසික අන්දමින් ඝාතනය කර තිබෙනවා.


පෙරේදා (23 වැනිදා) දහවල් සිදුවී ඇති මෙම ඝාතනයෙන් කෑගල්ල ප්‍රදේශයේ ජනතාව දැඩි කම්පාවට පත්ව සිටිනවා. මෙසේ ඝාතනයට ලක්‌වූ පුෂ්පකුමාර විඡේකෝන් ශිෂ්‍යයාගේ සිරුර පොලිසිය මගින් පෙරේදා රාත්‍රී සොයාගෙන ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පිහිටි පාළු නිවසක තිබියදීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ කෑගල්ල පොලිසිය ශිෂ්‍යයා ඝාතනයට ලක්‌ව තිබූ පාළු නිවස ආසන්නයේ පදිංචිකරුවකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදාවෙන් විශ්‍රාම ගොස්‌ සිටින මෙම සැකකරු විකෘති ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයකු බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී තිබෙනවා. මොහු සිය බිරිඳ සහ දරුවන්ගෙන් වෙන්වී හුදකලා ජීවිතයක්‌ ගත කරන පුද්ගලයකු බව පොලිසිය පවසනවා.


එහෙත් මෙම ඝාතනය තමන් විසින් නොකළ බව සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා. කෑගල්ල වලගම්බා විදුහලේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි පුෂ්පකුමාර විඡේකෝන් ශිෂ්‍යයා උඩකරඬුපොන දිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පුෂ්පකුමාර ශිෂ්‍යයාගේ පියා තැපැල් සේවකයකු වන අතර මව ඇඟලුම් සේවිකාවකි. මොහුගේ වැඩිමහල් සොහොයුරාද වලගම්බා විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ඔහු නිවසට වී සිට ඇත.

පුෂ්පකුමාර දරුවා පාසල නිමවීමෙන් පසු කෑගල්ලේ සිට උඩකරඬුපොන නිල්මල්ගොඩවත්ත හන්දිය දක්‌වා ත්‍රීරෝද රථයකින් පැමිණීමට පුරුදුව සිටියේය. එම හන්දියේ සිට බොහෝ විට දරුවා නිවසට යන්නේ සිය පියාද සමගය.

සිද්ධිය වූ දින දහවල් පුෂ්පකුමාර දරුවා ත්‍රිරෝද රථයෙන් නිල්මල්ගොඩවත්ත හන්දිය දක්‌වා පැමිණ තිබෙනවා. එදින ඔහුගේ පියා එම ස්‌ථානයේ නොසිටි නිසා දරුවා තනිවම නිවසට යැමට පිටත්ව තිබෙනවා.

මෙම දරුවා පැහැර ගැනීමට ලක්‌ව ඇත්තේ ඒ අවස්‌ථාවේ දී බව පරීක්‍ෂණවලින් අනාවරණය වේ. සිය සොහොයුරා සුපුරුදු පරිදි නිවසට නොපැමිණි බව වැඩිමහල් සොහොයුරා දුරකථන මාර්ගයෙන් පියාට දැනුම් දී ඇත්තේ එදිනම පස්‌වරු 2.00 ට පමණය.

පසුව පියා නිවසට පැමිණ අසල්වාසීන්ද සමග දරුවා සෙවීමට පටන් ගෙන තිබෙනවා. සවස 6.00 වනතුරු දරුවා සොයා ඇති අතර ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක්‌ ලැබී නැත.

පසුව දරුවාගේ පියා මේ පිළිබඳව කෑගල්ල පොලිසියට පැමිණිලිකර තිබෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වූ කෑගල්ල පොලිසිය පොලිස්‌ නිල සුනඛයන්ද යොදාගෙන අතුරුදන්වූ දරුවා සෙවීමට පටන් ගෙන තිබෙනවා.

දරුවාගේ ඉව පාරේ ගිය පොලිස්‌ නිල සුනඛයන් පාළු නිවස අසලට ගොස්‌ තිබෙනවා. පසුව පොලිස්‌ නිලධාරීන් එම නිවස විවෘත කර බලද්දී ඝාතනය කර සිටි දරුවාගේ සිරුර සොයා ගෙන තිබෙනවා.

පුෂ්පකුමාර දරුවාගේ පාසල් බෑගයද නිවසේ පසෙක දමා තිබූ අතර ඔහුගේ ඇඳුම් ඉවත් කර තිබිණි. දරුවා පැළඳ සිටි ටයිපටියෙන් ගෙල සිරකර ඉතාම සාහසික අන්දමින් ඔහු ඝාතනය කර ඇති බව මූලික පරීක්‍ෂණවලින් හෙළිවි තිබෙනවා.

පොලිසිය සැක පහළ කරන්නේ කිසියම් පුද්ගලයකු දරුවා පැහැරගෙන ගොස්‌ පාළු නිවසේදී දරුවාට අතවරයක්‌ කර මරා දමන්නට ඇති බවයි.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරු මතය. සැකකරු කෑගල්ල පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.


එහි තවත් විස්තර පහතින්.

අපි පුතා නැති නිසා දවල් 2.30 සිට සවස 6.30 වෙනතුරු හෙව්වා. පස්‌සේ පොලිසියට කිව්වා. පොලිසියෙන් සොයන විට පාළු ගෙයක ටයි පටිය බෙල්ලේ ඔතලා පාසල් ඇඳුම පිටින්ම පුතා මරලා දාලා තිබුණා යෑයි මියගිය දරුවාගේ මව වන රූපා වික්‍රම මහත්මිය කීවාය.

හැඬූ කඳුළින් යුතුව ඇය සිදු වූ විපත මෙසේ හෙළි කළාය.දරුවා උදේ 6.55 ට පමණ පාසල් ගියා. පාසල් යාම සඳහා පැමිණි ත්‍රිරෝද රථයෙන් ගොස්‌ තිබෙනවා. සෑම දිනම එම ත්‍රිරෝද රථයෙන්ම ආපසු එනවා. පෙරේදාද පාසල ඇරී ත්‍රිරෝද රථයෙන් නිවසට පැමිණෙන විට මගදි කරඬුලෙන විහාර හන්දියේදී බැහැලා. එතැන සිට කිලෝ මීටර දෙකක්‌ විතර නිවසට යාමට තිබෙනවා. පුතා ත්‍රිරෝද රථයෙන් බැස කිලෝමීටරයක්‌ පමණ ආපු ස්‌ථානයේ පාළු නිවසක්‌ තිබෙනවා. එහි පුතා මරාදමා තිබුණා.

අපි පුතා නැති නිසා දහවල් 2.30 සිට සවස 6.30 පමණ වනතුරු සෑම නිවසකම හෙව්වා. දරුවා හමුවූයේ නැති නිසා පොලිසියට කිව්වා. පසුව පාළු ගෙයක පාසල් ඇඳුම් පිටින්ම මරා දමා තිබුණා. පාසලේ ටයි පටිය බෙල්ලේ ඔතලා තිබුණා" යෑයි පැවැසීය.

මියගිය දරුවාගේ පියාවන අනුර පත්මකුමාර විෙ-කෝන් (41) මෙසේ පැවැසීය. මම සේවය කරන්නේ කෑගල්ල තැපැල් කාර්යාලයේ. හැම දිනම නිවසට පැමිණෙනවා. දරුවා පාසල් ගොස්‌ ත්‍රිරෝද රථයේ ඇවිත් කිලෝ මීටරයක්‌ පයින් එනවා. හෙමිහිට හෙමිහිට ගෙදර එන කොට මම බයිසිකල් එකේ දාගෙන ගෙදර එනවා. සමහර දිනක තාත්තා එනවා කියලා මට ඉස්‌සර වෙන්න පයින් ඉක්‌මනට යනවා.

මේ දිනවල මියගිය පුතාගේ අයියා සාමාන්‍ය පෙළ ලියා අවසන්ව ගෙදර ඉන්න නිසා ඉක්‌මනට ගෙදර යනවා. 23 වැනි දින දරුවා පාසල ඇරී ආවේ නැති නිසා දෙකට පමණ අසල්වාසී නිවෙස්‌වල දරුවා ඉන්නවාද කියා සොයා බැලුවා. බැරිම තැන පොලිසියට පැමිණිල්ලක්‌ දාලා ආවා. පසුව පොලිසිය සමග නැවත හෙව්වා. පසුව පාළු ගෙයක දරුවා මරා දමා තිබුණා.

මියගිය පුෂ්පකුමාරගේ සහෝදරයා වන සුරංග කුමාර විෙ-කෝන් (16) මෙසේ පැවැසීය.

මම ඉගෙන ගන්නේ උඩකරඬුපොත විද්‍යාලයේ. මම සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්නවා. මල්ලි එනතුරු මම සෑමදාම ගෙදර බලාගෙන ඉන්නවා. එදා එනම් 23 දින දහවල් 2.30 පමණ වනතුරු ආවේ නැති නිසා මම අම්මාට දුරකතනයෙන් කතාකර කිව්වා අම්මේ මල්ලි තවම ආවේ නැහැ කියා. පසුව තාත්තාටත් කීවා. මමත් තාත්තාත් අසල්වාසීන් සමග සොයා බැලුවා. පසුව රාත්‍රියේදී පාළු ගෙයක මල්ලී මරා දමා තිබී හමුවුණා.

මියගිය දරුවා ඉගෙන ගන්නා පාසලේ පංතියේ ආචාර්යවරිය පැවසුවේ 23 වන දින පාසලේදී ප්‍රගති වාර්තාව ලබා දුන් පසුව දරුවා මෙවර ප්‍රතිඵල වාර්තාවට දමා දෙන මෙන් ඉල්ලා සිටි බවයි. පොතකට පිට කවරයක්‌ දාගෙන එන්න කිව්වාම මම හෙට දාගෙන එන්නම් කීවා. මෙම දරුවාගේ ඉදිරිපත් වීම ඉතාමත් හොඳයි. ඉගෙනීමටත් දක්‌ෂයි. වැඩිය කතා කරන්නේ නැහැ. ඔලුවෙන් තමයි කතා කරන්නේ. යෑයි ගුරුවරිය පැවසුවාය.
 
Related Posts with Thumbnails