Ads 468x60px

.

ට්විටර් ප්‍රවෘත්තියෙන් ධවල මන්දිරය කැලඹෙයි..

පිපිරීම් දෙකකින් ජනපති ඔබාමා තුවාල ලැබූ බව පළ කරලා...

ඇසෝසිඒටඩ් ‍‍ප්‍රෙස් ට්විටර් ජාලයේ ධවල මන්දිරයේ සිදුවු පිපිරීම් දෙකකින් ජනාධිපති ඔබාමා තුවාල ලබා ඇතැයි පළ වු ප්‍රවෘත්තියක් නිසා මහත් කලබැගෑනියක් ඇතිවි තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සමඟම එය ව්‍යාජ ප්‍රවෘත්තියක් බවට සඳහන් කරමින් ප්‍රවෘත්ති මාධ්‍ය සමාව
අයැද තිබෙනවා. සිරියන් ජනාධිපති බෂා අල් - අසාද් ට පක්ෂ පාතිත්වය දක්වන අන්තර්ජාල ක්‍රියාකාරින් කණ්ඩායමක් ප්‍රවෘත්තිය පළ කිරීමේ වගකිම බාරගෙන තිබෙනවා.

ධවල මන්දිර ප්‍රකාශක ජේ කානි ද වහාම මාධ්‍යකරුවන්ට ප්‍රකාශකර ඇත්තේ එය බොරු ප්‍රචාරයක් බවයි. තමා සිටියේ ජනාධිපතිවරයා සමඟ බව පවසා ඇති ඔහු ජනාධිපති ඔබාමා කිසිදු උපද්‍රවයකින් තොරව යහතින් සිටින බව තහවුරු කර
තිබෙනවා.

එසෝසිඒටඩ් ප්‍රෙස් ආයතනය මෙන්ම අමෙරිකන් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ද මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.
 
Related Posts with Thumbnails