Ads 468x60px

.

අවුරුදු තුනහමාරේ දරුවාට අනියම් සැමියා දස වධ දීලා

බඩගිනි වී හෝ තුවාල වේදනාවෙන් දරුවා හඬන විට...

දරුවාට එළියට විසිවෙන්නට පා පහරවල් දීලා...

වයස අවුරුදු තුනහමාරක කුඩා සිඟිති දරුවකු අමානුෂික ලෙස කෘෘර වධ හිංසනයට ලක්වෙමින් සිටියදී ඇල්පිටිය පොලිසියට ලද තොරතුරක් මත පෙරේදා (8දා) එම දරුවා බේරාගෙන ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා.

පොලිසිය විසින් දරුවා සොයාගන්නා විට දරුවාගේ ශරීරය පුරා අලුත් තුවාල හා පැරැණි තුවාල සලකුණු බොහොමයක් තිබූ බවත්, දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය බෙහෙවින් පිරිහී ඇතැයිද ඇල්පිටිය රෝහල් ආරංචි මාර්ග සඳහන්
කරනවා.

එම දරුවාගේ මවගේ ප්‍රකාශයක් මත ඇයගේ අනියම් සැමියා මේ සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් බවද ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක රොහාන් පුෂ්පකුමාර මහතා පැවසුවා.

පහළ ඕමන්ත සර්වෝදකන්ද පදිංචි මවගේ ප්‍රකාශ සටහන් කරගෙන වධ හිංසාවට ලක්වූ දරුවා ඇල්පිටිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිසිය පියවර 
ගෙන තිබෙනවා.

මෙම දරුවාගේ වම් පාදය, හිස, නිකට හා පපුව යන ප්‍රදේශවල බරපතළ ලෙස තුවාල සිදුවී තිබූ අතර ඇතැම් ප්‍රදේශවල පහරදීම් හේතුවෙන් හටගත් තුවාල සුවවී ඇති ලප කැළැල්ද දක්නට ඇත. 


මේ පහරදීම් දරුවාගේ බාප්පා යැයි කියන පුද්ගලයා විසින්ම සිදුකරන ලදැයි දරුවාගේ මව පවසන අතර ඇයගේ විවාහක සැමියා මීට වසර තුනකට පමණ පෙර අපරාධ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විටත් සිරගතව ඇතැයිද පොලිසිය මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් හෙළිව ඇත.

අනියම් සැමියා සමඟ දීග කමින් පසුවන මෙම දරුවාගේ මවට තවත් වසර දෙකක දැරියක්ද සිටියි. ඉතා දුෂ්කර කඳු සහිත ප්‍රදේශයක වෙනත් නිවෙසක් පේනතෙක් මානයක නොමැතිව හුදකලාවේම මෙම දරු පවුල කුඩා පැල්පතක දිවි ගෙවමින් සිට ඇත. 


මනුස්ස වාසයකින් අෑත්ව මෙම දරු පවුල දිවි ගෙවීම නිසා දරුවාට වධ හිංසා කිරීම පිළිබඳ අසල්වැසියන්ගෙන් තොරතුරු ලබා ගැනීමට නොහැකිවී තිබේ. දරුවාගේ නිවෙසේ දුරකතන පහසුකම් කිසිවක් නොමැතිවීම නිසා පොලිසියට දැන්වීමට නොහැකි වූ බවද මව පොලිසියට පවසා ඇත.

කුලී වැඩට ගොස් සැමියා නිවෙසට පැමිණි පසු බඩගිනි වී හෝ තුවාල වේදනාවෙන් දරුවා හඬන හඬ ඇසුණහොත් නිවෙස තුළ සිටින දරුවාට එළියට විසිවෙන්නට පා පහරවල් එල්ල කළ බොහෝ අවස්ථා ඇතැයි දරුවාගේ මව පවසන්නීය. 


එසේ එල්ල කරන ලද පා පහරවලින් පසුව උඩින් විසිවී යන දරුවා ඔළුව පහළට ගල් මතට වැටීමෙන් තුවාල සිදුවූ අවස්ථා වලදී දරුවාගේ බාප්පාට හොරා කැලෑ කොළ කොටා තුවාල වල දවටන බවද මව පොලිසියට පැවැසුවාය.
 
Related Posts with Thumbnails