Ads 468x60px

.

සංසර්ගයේ අවසානය සුරාන්තයෙන් කෙළවර වේනම් සමලිංගික ඇසුර වරදක්ද.?

ඕනෑ මල ඉලව්වකින් හරි සුරාන්තයට පත් විය හැකි නම්...

අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය හෝටලයක සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම පිළිබඳව අප්‍රසාදය පළ ක සිදුවීමට අදාලව මාධ්‍ය ගනනාවක් පුවත් පල කර තිබුනා.  

මේ පහතින් දැක්වෙන්නේ ක්තරා පුවත්ප පල වූ පුවතකි.

අනුරාධපුර වැනි පූජා භූමියක් තෝරා ගෙන සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම කනගාටුවට කරුණක් බව සමලිංගික ක්‍රියාවලියට විරෝධය දක්වන ආයතනයක උසස් නිලධාරියෙකු පැවැසීය. 

ලෝකයේ බොහෝ රටවල සමලිංගික තත්වය ප්‍රසිද්ධ කරුණක් වුවත්, බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථානය ක ප්‍රසිද්ධියේ වැඩමුළු පැවැත්වීම කිසි සේත්ම අනුමත කළ නොහැකි බවත් එය නරක පූර්වාදර්ශයක් බවත් ඔහු පෙන්වා දුන්නේය. 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමලිංගික සේවනයේ යෙදෙන්නන් 700 ක ප්‍රමාණයක් සිටින බව පැවැසූවත් එතරම් විශාල පිරිසක් නොමැති බව ද ඔහු අවධාරණය කර සිටියේය.

විජාතීය බලවේගයන් අපේ රටේ තරුණ තරුණියන් සමලිංගිකත්වයට ඇද දැමීම සඳහා රුපියල් කෝටි ගණනින් වියදම් කරන බවත්, සමලිංගික නොවන තරුණ තරුණියන්ද ඔවුන්ගේ මුදල් පෙන්වා මෙම ක්‍රියාවලියට එක්කර ගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.

අනුරාධපුර නගරයේ පාසල් සිසුන් හා විවිධ වෘත්තීය පාඨමාලාවල යෙදෙන තරුණ තරුණියන් මේ සඳහා ‍පොළඹවා ගැනීමට අනුරාධපුර ප්‍රදේශයේ විශේෂ කණ්ඩායමක් කටයුතු කරන බවත්, තරුණ තරුණියන්ට මුදල් හා පහසුකම් ලබාදෙමින් ඔවුන් මෙම පිළිකුල් සහගත ක්‍රියාවලියට ‍පොළඹවා ගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය. 

මෙම ක්‍රියාවලියේ ඇති භයානක තත්ත්වය නම් විරුද්ධ ලිංගිකයන්ට (ස්ත්‍රී-පුරුෂ) වඩා සමලිංගිකයන් තුළින් භයානක සුවකළ නොහැකි ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ ප්‍රවණතාවය වැඩි වීම බව ඔහු පෙන්වා දුන්නේය.

සමලිංගික සේවනය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඇමෙරිකාවෙන් හමුවූ ලෝකයේ ප්‍රථම ඩ් ආසාදිතයා සමලිංගිකයෙකු බවත්ය. 


1983 හෝ 1984 කාලයේදී ශ්‍රී ලංකාවෙන් ඩ් ආසාදිතයෙක් හමුවූ බවත් ඔහුද විදේශීය රටක සමලිංගික ඇසුර පැවැත්වූ පුද්ගලයෙක් බවද වෛද්‍යවරයා කියා සිටියේය. 

ඊට අමතරව 1983 අගභාගයේ හෝ 1984 මුල් භාගයේදී දේශීය ආසාදිතයෙකු හමුවූ අතර ඔහුද සමලිංගික ඇසුරක් පැවැත්වූ අයකු බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. 

ඊට අමතරව සමලිංගික ඇසුර තුළින් නිට්ටාවට සුව කළ නොහැකි ගොනෝරියා, ලිංගික ඉන්නන්, ලිංගික හර්පිස්, හෙපටයිටිස් ඕ, උපදංශය වැනි භයානක රෝග වැළඳිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. 

විවිධ පුද්ගලයින් පෙන්වා දෙන තරමේ සුන්දර ලෝකයක් සමලිංගික සේවනයන්ට පුරුදු වූවන්ට නොමැති බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඊයේ (12) අනුරාධපුර නගරයේ හෝටලයක පැවති සමලිංගිකත්වය ප්‍රචලිත වැඩසටහන සඳහා විවිධ වයස් කාණ්ඩවල 20 දෙනෙකු පමණ සහභාගි වී සිටින බව වාර්තා වූ අතර ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයාදී තිබූ බවද අනාවරණය විය.

මේ ප්‍රවෘත්ති පල කළ අයතනත් මේ ලිව් ජනමාධ්‍යවේදියාත් ඔහුට තොරතුරු ලබා දෙන පුද්ගලයිනුත් මේ රටේ මේ මහ පොළවේ පය ගහගෙන ජීවන් වන්
වුන් නොවන බව අපට ඉඳුරාම කිව හැකිය.

අනෙක් කරුණ මේ සඳහන් කරන සියල්ල අසත්‍ය හා පාඨකයන් නොමඟ යවන තොරතුරුය. සමලිංගිකත්වය යනු වැරදි ලිංගික චර්යාවක් නොවේ. ඒ මානසික රෝගයක්ද නොවේ. ඉන් ලිංගික ලෙඩ රෝග පැතිරීම ප්‍රවණතාවයක් ඇත්තේද නැත.

මේ රටේ සමලිංගිකත්වය යනු අලුත් දෙයක්වත් අමුතුවෙන් කෝටි ගනන් වියදම් කර පැතිරිය යුතු දෙයක්ද නොවේ. නගරයේ මෙන්ම ඇත ගම් ද
ව් වලද සමලිංගිකයන් සිටිති. 

පාසලේ විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර වල සිටිවුන්ට සමලිංගිකත්වය අලුත් අත්දැකිමක් නොවේ. ආරක්ෂක අංශ වල පිරිසට මේ අමුතු අත්දැකීමක් නොවේ පන්සලේ පල්ලියේ මේක අලුත් චර්යාවක් නොවේ. 

සමාජයේ පහලම අඩියේ ඉන්න එකාගේ සිට ඉහළම තැන වැජඹෙන වුන් දක්වා තරතිරම් ජාති ආගම්භේදයක් නොමැතිව සමලිංගිකත්වය චර්යාවන් හී යෙදෙන වුන් ඕනෑ තරම් ඇත. 

බෞද්ධ හෝ මුස්ලිම් හෝ ක්‍රිස්තියානි හෝ හින්දු හෝ රටකට සමලිංගිකත්වය ඔබින්නේ නැතැයි කියන කාරනය මළ විකාරයකි. ස්ත්‍රී විරෝධී ආගමික තහංචි අවශ්‍ය වූයේ ගොත්‍රික යුගයේ මෝඩ සමාජය පාලනයට අවශ්‍ය නීතිරීති සැකසීමටය. 

ඒ පාලකයන්ගේ පැවැත්මටය. ඒ අද දක්වා කරගහගෙන එන මෝඩයන්ට මිනිස් අයිතිවාසිකම් යන්නද මිනිස් වර්ගයා විනාශ කරන්නක් ලෙස පෙනීයාම පුදුමයක් නොවේ. සැබවින්ම මානසික විකෘත තාවයකින් පෙළෙන්නේ මේ විෂම ලිංගික ගොත්‍රිකයන්ය.

ලිංගික සංසර්ගයෙහි යෙදෙන්නේ ප්‍රජාව බෝකර ගැනීම සඳහා පමණක් ලෙස සිතන්නේ නම් සම ලිංගිකත්වය යනු වැරදි චර්යාවකි. මන්ද ඉන් වර්ගයා බෝ කර ගත නොහැකි බැවිනි.

එහෙත් සංසර්ගෙයේ අවසානය සුරාන්තයෙන් කෙළවර වේනම්, ඒ සඳහා විශම ලිංගික හෝ වේවා සම ලිංගික හෝ
වේවා වෙනත් ඕනෑ මල ඉලව්වකින් හරි සුරාන්තයට පත් විය හැකි නම් එහි ශක්‍රාණු බීජයක තරම් වත් වරදක් ඇත්තේ නැත.
 
Related Posts with Thumbnails