Ads 468x60px

.

සන්ඩෙ ලීඩර් මාධ්‍යවේදිනි මන්දනාව පැහැරගන්න ගිහින් පොලිස් වෙඩි කයි...(ඡායාරූප,වීඩියෝ)

ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනි සන්ඩෙ ලීඩර් මාධ්‍ය වේදිනි මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මියගේ නිවසට ඇතුළු වූ බව කියන සැක කටයුතු පිරිසක් සමග ඇති කර ගත් ගැටුමේදී පොලිස් වෙඩි පහරින් එක් අයෙකු මියගොස් තිබෙනවා.

මිලාගිරිය ඩික්මන් පාරේ පිහිටි අංක 9 නිවසට අද අලුයම 2.00ට පමණ මෙම පිරිස පැමිණ ඇති බව පොලීසිය පවසනවා

මෙම පිරිස නිවසට ඇතුළු වූ බව නිවැසියන් විසින් එම අවස්ථාවේදී 119 දුරකථන අංකයට දැනුම්දී තිබෙනවා. එහිදී වහාම ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ ස්ථානය වටලා තිබෙනවා.‍

වැටලීමේදී මෙම පිරිස පොලීසිය සමග ගැටුමක් ඇති කර ගෙන ඇති අතර එහිදී පොලීසියේ නිලධාරියෙකුට එම සංවිධානාත්මක කණ්ඩායමේ සිටි අයෙකු පිහි ඇනුමක් ද කර ඇතැයි සඳහන්.

එම අවස්ථාවේදී පොලීසිය තැබූ වෙඩි පහරින් එක් අයෙකු මියගොස් ඇති අතර තවත් සිව්දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ මේ වන විට දැඩි ආරක්ෂාව මැද ප්‍රතිකාර ගන්නා බව පොලීසිය පැවසුවා.

එසේම ගැටුමේදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මන්දනාගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ පෙරේදා දිනයේදී බළලෙකුගේ බෙල්ල කපා නිවසට විසිකර තිබූ බවත්, මාධ්‍ය වෘත්තීය සමිතිය පිහිටවූ දිනයේ සිට තමාට තර්ජන තිබූ බවයි.

එසේම ඊට පෙර දිනයේ තම මෝටර් රථයේ ටයර්ද කපා තිබූ බවත්, මෙය සොරකමක් සිදු කිරීමට තැත් කිරීමක් නොවන බවද පැමිණි පිරිස ඇය බියවද්දා එම නිවස පුරා යම් ලේඛනය සොයමින් සිටි බව මන්දනා පවසනවා

එසේම පමිණි පිරිස තමන් පැමිණියේ කොන්ත්‍රත් එකකට බවද පවසා ඇති අතර ඇයව පැහැරගෙන යාමේ සූදානමක්ද තිබුණු බවත් ඇය පැවසුවා.

මේ අතර,දිවයින පුවත්පතේ ආරක්ෂක තීරු ලිපිකරුවා වන කීර්ති වර්ණකුලසූරිය පසුගිය සතියේ සිය ලිපිය මගින් මන්දනාට හා ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතිය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්කර තිබුනා.

එහි තවත් විස්තර පහතින්

ශ්‍රී ලංකා ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපති හා ද සන්ඩේ ලීඩර් පුවත් පතේ මාධ්‍ය වේදිනී මන්දනා ස්මයිල් අබේවික්‍රම මහත්මියගේ නිවසට කිසියම් පිරිසක් ඇතුල්වී සිටියදී පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ මන්දනාගේ නිවසට අනවසරයෙන් ඇතුළුව සිටි අයෙකි. එසේම පොලිස් වෙඩි තැබීමෙන් එසේ අනවසරයෙන් ඇතුළුව සිටි තවත් අයෙක් තුවාල ලබා ඇති අතර තවත් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තුවාල ලබා සිටින අයගේ තත්ත්වයද බරපතල බවද වාර්තා වේ. මෙම සිද්ධිය සිදුව ඇත්තේ අද (24) අලුයම 3.00 ට පමණ බව පැවසේ. මන්දනාගේ නිවසට පස්දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඇතුළුවී ඇති අතර ඔවුන් විසින් ඇයගේ නිවස අස්සක් මුල්ලක් නෑර සෝදිසිකර තිබේ.

අදාල අවස්ථාවේ මන්දනාද එහි සිට ඇති අතර, මේ පිරිස ඇය බියවද්දා කිසියම් ලේඛනයක් අවශය බව පවසමින් සෝදිසි කර ඇත. පසුව මන්දනා ඔවුන්ට ඕනෑම දෙයක් රැගෙන යන ලෙස දන්වා තිබේ.

ඒ අතරතුර මන්දනාගේ සැමියා සිට ඇත්තේ නිවසින් පිට වන අතර ඔහු පොලිසියද රැගෙන නිවස ආසන්නයට පැමිණ ඇත. එහිදී පොලිසිය විසින් මෙම පිරිසට ‍වෙඩි තබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අප මන්දනාගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ පෙරේදා දිනයේදී බළලෙකුගේ බෙල්ල කපා නිවසට විසිකර තිබූ බවත්, මාධ්‍ය වෘත්තීය සමිතිය පිහිටවූ දිනයේ සිට තමාට තර්ජන තිබූ බවයි. එසේම ඊට පෙර දිනයේ තම මෝටර් රථයේ ටයර්ද කපා තිබූ බවත්, මෙය සොරකමක් සිදු කිරීමට තැත් කිරීමක් නොවන බවද ඇය කීවාය.


"මන්දනාගේ නිවසට ආ සන්නද්ධ පිරිස කොල්ලකාරයෝ නෙවෙයි" 
Updated - ලේකම් ප්‍රියන්ත කරුණාරත්න

සන්ඩේ ලීඩර් පුවත් පතේ මාධ්‍ය වේදිනී මන්දනා ස්මයිල් අබේවික්‍රම මහත්මියගේ නිවසට ආ පිරිස කොල්ලකරුවන් නොවන බව ශ්‍රී ලංකා ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතියේ ලේකම් ප්‍රියන්ත කරුණාරත්න මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අප විසින් කරන ලද විමසීමකදීය. මෙය ශ්‍රී ලංකා ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතියේ ක්‍රියාකාරිත්වය හා මන්දනාගේ මාධ්‍ය භාවිතය හේතුවෙන් එය නුරුස්සන එය හිසරදයක් වී තිබෙන පිරිසක් විසින් සංවිධානාත්මකව සිදු කළ දෙයක් බවද ඔහු පැවසීය.

එසේ තමා අවධාරණයෙන් කියා සිටින්නේ මෙම සිද්ධිය මන්දනාගේ ජීවිතයට අනතුරක් සිදුවීමෙන් නිමා වන්නට තිබූ වටපිටාවක් බැලූ බැල්මට පෙනෙනන්ට ඇති නිසා බවද ඔහු කීය.

විශේෂයෙන්ම පසුගිය දෙසතිය තුළදී එක්තරා ජාතික පුවත්පතක මන්දනාගේ මාධය භාවිතය හා ශ්‍රී ලංකා ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතිය ජාතිද්‍රෝහී ක්‍රියාවන්හි නිරතවන කණ්ඩායමක් ලෙස හන්වඩු ගැසීමට උත්සාහයක නිරතවීම ඉන් එකකි.

තවද මීට දිනකට පෙරදී බළල් මළකුණක් නිවස ඉදිරියේ තබායාම, එසේම සිද්ධියට පෙර දිනයේදී මන්දනාගේ සැමියා වන රොමේෂ්ගේ මෝටර් රතයේ ටයරයක් කපා දැමීම ආදියෙන් පෙනී යන්නේ මන්දනාගේ නිවස අවට කිසියම් නිරීක්ෂණ කණ්ඩායමක් සිට බව යැයිද ඔහු පැවසීය.

මෙසේ මන්දනාට හිරිහැර කරනන්ට හෝ ජීවිතය විනාශකර දමන්නට පැමිණි පිරිස හදිස්සියේ කොටුවන්නේ අහමුවකින් බවද ඔහු සදහන් කළේය. ඒ මන්දනාගේ සැමියා නිවසින් පිට සිටි නිසා බවත්, ඒසේම ඔහු පොලිසිය රැගෙන එතනට පැමිණි නිසා බවත්ය.

 
image1image3image4image5image9image7
image6
image2image
im M

 
Related Posts with Thumbnails