Ads 468x60px

.

බාප්පාගේ සිත්තැවුල සිඟිත්තියගේ යෝනියෙන් පිටකරලා...

දෙපා හා කලවා තලා පෙලා සිගරට් කොටවලින් පුළුස්සලා.

සිඟිත්තිය අපයෝජනයට ලක්කර ටොකු ඇන මැරූ පාපතරයෙක්

දියතලාව ඇල්ලෙගම අට හැවිරිදි දැරියක තලාපෙලා විනාශකර දැමූ උණුසුම පහව යන්නටත් පෙර ඒ ආසන්නයේම වැලිමඩ බොරගස් ප්‍රදේශයේදී අවුරුදු එකයි මාස දෙකක දැරියක් ඊටත් වඩා කුරිරු අන්දමින් බහ තෝරන්නටත් පෙරම මෙලොවින් තුරන් කර තිබු පුවතක් අප වෙත වාර්තා වෙනවා. 

දිනෙන් දින සිදු වන්නා වූ විවිධාකාර අපචාර වලින් දෙකන් පමණක් නොව දරුවන් ඇති අම්මලාටත් මෙම සිද්ධීන් වලින් ඉගෙන ගත යුතු අමතක නොවන පාඩම්ද එවාට පාදක වී තිබෙනවා. 

අප වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

හල්දුම්මුල්‍ලේ එම්. ජයචිත්‍රාගේ පළමු විවාහය දෙදරා ගියද ඇයට එයින් දියණියන් දෙදෙනෙකු ඉතිරි වී සිටියේය. වැඩිමහල් දියණියගේ වයස අවුරුදු පහකි. 

බාල දියණිය අනුෂා සඳුනිට වයස මාස හයක් පිරී තිබියදී අගහිඟකම් ජයචිත්‍රාට වැඩි වන්නට විය. එහිදී ඇය දියණියන් දෙදෙනා මවගේ රැකවරණයේ තබා වරකා‍පොළ ප්‍රදේයේ නිවසක වැඩට ගියාය. වරකා‍පොළ නිවසේ ඇය සමග තවත් පිරිමි සේවකයෙකුද සිටියේය.

නමින් සූරසේන වූ තිස් අට හැවිරිදි ඔහු ජයචිත්‍රා සමග අනියම් සබඳතාවයකට පැටලී තිබුණේ ජයචිත්‍රාගේ අඟහිඟකම් නිසාමයි.
මීට මාස නවයකට පෙර ඒ අනුව ජයචිත්‍රාගේ අනියම් සැමියා බවට සූරසේන පත්වීය. එහෙත් ඒ සම්බන්ධය නිවෙස් හිමියන් දැනගත් විගස දෙදෙනාටම එහි දොර වැසිණ.


මාසයක් තුළ ජයචිත්‍රාට හා සූරසේනට මේ නිසා සූරසේනගේ උපන්ගම වූ උඩපුස්සැල්ලාවේ රක්වාන වෙත ඒමට සිදුවිණ. මෙහිදී මාස හයක කුඩා දැරිය අනුෂා සඳුනිද උඩපුස්සැල්ලාවට මවගේ රැකවරණයෙන් මුදාගෙන හල්දුම්මුල්‍ලේ සිට ජයචිත්‍රා රැගෙන ආවාය.

පසුව එම ප්‍රදේශයේ ඔවුන් තිදෙනාට ජීවත් වීමට තරම් ආදායමක් එන මගක් නොමැති නිසා වැලිමඩ බොරගස් ප්‍රදේශයට ආවේ මීට මාස එකහමාරකට පමණ පෙරදිය. එහි කුලී වැඩ කරමින් ජීවත් වූ ඔවුන් පසුගිය 16 දින ජයචිත්‍රාගේ ස්වභාවික ගබ්සාවක් නිසා රෝගී වී වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කළාය.


සූරසේන හා අනුෂා සඳුනි පමණක් නිවසේ තනි විය. 17 දින අලුයම සූරසේන සිඟිති දියණියද තුරුලු කරගෙන වැලිමඩ රෝහලට පැමිණියේ දැරියටද අසනීප බව පවසමින්ය. රෝහල ඇතුළු කළ දැරිය වෛද්‍යවරුන් පරීක්ෂා කරන විටත් මියගොස් සිටියාය. 


ඒ සමගම සූරසේන ද රෝහලින් අතුරුදන් විය. මෙම සිද්ධීන් අනුව දැරියගේ මරණය සැක සහිත බැවින් එදිනම වැලිමඩ මහේස්ත්‍රාත් නියෝගයක් මත වෛද්‍ය වාර්තා ලබා ගැනීමට බදුල්ල මහ රෝහලට යැවිණ. 

ජයචිත්‍රා සූරසේනට ශාප කරමින් රෝහල දෙවනත් කළාය. මේ වන විට 19 දින බදුල්ල මහ රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය ඒ.ටී.අයි. විජේවීර මහතාගේ නිගමනය වූයේ දැරියගේ හිසට බලයක් යොදා පහරදීමෙන් මොළය තුළට ‍ලේ ගැලීමෙන් වූ මරණයක් බවයි. 

එසේම දැරියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුව ඇති බවද වාර්තා කළේය. දැරිය දෙපා කලව ප්‍රදේශය තලාපෙලා සිගරට් කොට වලින් පුළුස්සා තිබූ බවද හෙළිවිය. එනිසා ඇගේ සිරුර රෝහල්ගත කරන විට නිල්පැහැ ගැන්වී තිබිණ. 

මේ නිගමනය ලද විගස වැලිමඩ ‍පොලිස් ස්ථානාධිපති බුද්ධික ඒකනායක හා වැලිමඩ ‍පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක තුසිත් කුමාර මහතාගේ උපදෙස් මත සැරයන් චන්ද්‍රපාල ඇතුළු පිරිසක් සූරසේන අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කළේය. මාස අටක් ජයචිත්‍රා සූරසේන සමග අනියම් ඇසුරක් පවත්වා තිබුණද ඔහුගේ නමගම තොරතුරු කිසිවක්ම ඕ නොදැන සිටියාය. 

මේ කරුන අපේ අනෙක් අම්මලාටත් හොඳ පාඩමක්ය. මේ දිනවලදීම වස පානය කළ පුද්ගලයෙකු උඩපුස්සැල්ලාව රෝහ‍ලේ සිටින බව වැලිමඩ ‍පොලීසියට තොරතුරක් ලැබිණ. ඒ අනුව සොයා බැලීමේදී ඔහු සූරසේන බව වැලිමඩ ‍පොලීසිය එහි ගොස් කළ පරීක්ෂණවලදී හෙළිවිය.

පසුව මෙම දැරියගේ මරණය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා සූරසේනව උඩපුස්සැල්ලාව රෝහලින් අත්අඩංගුවට ගෙන වැලිමඩ මූලික රෝහලට මාරු කළේය. ‍පොලීසියේ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ සූරසේන සිදුවූ සියලු කරුණු මෙසේ හෙළි කළේය.


මා 16 දින ජයචිත්‍රාව වැලිමඩ මුලික රෝහ‍ලේ නවතලා දැරියත් රැගෙන බොරගස් කුලී නිවසට ගියා.  රාත්‍රියේ මැදියම වන තුරුම මා ඇයට විවිද ලිංගික අපයෝජන කළා. එහිදී  දැරිය යටිගිරියෙන් කෑගසන්න වූවා.


මා අහල පහළ අයට ඇසේවි කියලා මිට මොලවලා දරුවාගේ හිසට ටොකු තුනක් පමණ හයියෙන් ඇන්නා. දැරිය එවිට නිහඬ වෙලා නිදා ගත්තා. රාත්‍රී දෙකට විතර දැරියගේ සිරුර ශීතලවී තිබුණ නිසා ඒ වෙලාවේ දැරිය රැගෙනවිත් වැලිමඩ මූලික රෝහලට දීලා මා උඩපුස්සල්ලාවේ ගියා.


මගේ විවාහ දෙවරක්ම කඩා කප්පල් වූ නිසා මාත් සිත කලකිරීමෙනුයි මේ සියලු දේ කරගත්තේ. කෙසේ වුවද මහ ‍පොළොව පවා නුහුලනු ලබන මෙවැනි පාපතරයනට සමාවක් නම් නොලැබෙනු ඇත.

දියතලාව ඇල්ලේගම පාසැල් කන්ද ප්‍රදේශයේදී අට හැවිරිදි දැරිවිය දූෂණය කොට මරා දමා තිබූ පුවත පහතින්

ඇල්ලේගම විදුහලේ 3 වන වසරේ ඉගෙනුම ලැබූ අට හැවිරිදි දැරිවියක වූ
එච්.එම්.ඉරේෂිකා සත්සරණී නැමැති දැරිය මෙලෙස දූෂණය කොට මරා දමා තිබිණි. මවත් පියාත් හැරුණු කොට වැඩිමල් සොහොයුරෙකුගේත්, සොහොයුරියකගේත් බාල නැඟණිය වූ සත්සරණී ජීවත් වූ නිවසට යාබද
නිවසෙහි ගරාජයක සේවකයෙකු වාසය කොට තිබේ. 


ඔහු බිරිඳගෙන් වෙන්ව හුදකලාව වාසය කොට ඇති අතර බිරිඳගේ නිවස ගිනිතැබීමේ වරදට සිරගතව සිට මීට සතියකට පමණ පෙර නිදහස්ව පැමිණියෙකි. නලීන් ප්‍රියදර්ශන (49) නැමැති මේ පුද්ගලයා සත්සරණිගේ පියා සමග හිතවත්ව සිටි අතර නිතර නිවසට ආගිය අයෙකි. 

සිරගතව පැමිණි දාමරිකයෙකු බව දැන සිටියද සත්තරණිගේ පියා මේ පුද්ගලයාගේ මිතුරුකම විශ්වාස කොට තිබේ. කෙසේ වෙතත් ගොදුර සොයා පැමිණි ගරාජ්කරුට එම විශ්වාසය සිය ඉලක්කයට යන්නට
වඩාත් පහසු වී තිබේ.


18
දින ගොම්මන් හවස් වරුවේද මේ බිහිසුණු අපරාධකරු සත්සරණිගේ නිවසට පැමිණියේය. වෙනත් ඇඳුමක් රැගෙන එන්නට ගෙදර යන්නම් යැයි සැකකාර අපරාධකරු සත්සරණිගේ පියාට කියා ඇති අතර මිදුලේ දුව පැන ඇවිදිමින් සිටි සත්සරණීද කැටුව යන්නම් යැයි ද පවසා තිබේ.

පරිස්මට යැවීම ඈලියාවට යතැයි නොසිතූ දැරිය‍ගේ පියා ඊට එකඟව ඇත. එහෙත් දඩයක්කරු ගොඳුර රැගන ගෙදර ගියේය. සවස හයට ගෙදර ගිය මිතුරාත් දියණියත් රාත්‍රී අට වනතුරුත් නොපැමිණීම හේතුවෙන් දැරියගේ ගෙදර සියල්ලෝම කළබල වූහ. 

අසල නිවෙසක පිරිසට කතා කොට මේ බව දැනුම් දුන් අතර ඔවුන්ද සමග සැකකරුගේ නිවෙස පිරික්සා ඇත. එහෙත් දොරගුලු ලා තිබූ හෙයින් නිවසේ කිසිවකු නැතැයි ඔවුහු සිතූහ.

මේ බව පොලිසියට දැනුම් දෙනලෙස අසල්වාසීන් කීවද දැරියගේ පියා තුළ සිය මිතුරාට එරෙහිව පැමිණිල්ලක් කරන්නට තරම් හෝ සැකයක් ඒ වනතුරුත් තිබී නැත. එහෙත් දියණිය හෝ මිතුරා ගැන කිසිදු තොරතුරක් නැති තැන බණ්ඩාරවෙල පොලිසියට මේ බව පැමිණිලි කළහ. 


පසුව සියලු දෙනා එක්ව සැකකරුගේ නිවසේ ජනෙල් කඩා බැලූ විට අටහැවිරිදි දැරියගේ ඇඳුම් රැසක් තිබී ඇති අතර යහනෙහි ලේ බිඳු
කිහිපයක්ද තිබී ඇත. 


භීතියට පත් වූ සියලු දෙනාම දැරිය සොයා ගමම පීරා ඇති අතර 19 දින අලුයම එකහමාරට පමණ දැරියගේ නිසල සිරුර අසල කුඹුරක තිබී හමුවී ඇත. මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකය.මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

සිද්ධියෙන් පසු මෙම පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස්‌ තිබුනා. නමුත් පෙරේදා, රාත්‍රියේ දියතලාව පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත දියතලාව ජයමිණිපුර ප්‍රදේශයේ නිවසක්‌ වටලා සිදු කළ සෝදිසි
මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන
තිබෙන අප වෙත වාර්තා වෙනවා.
 
Related Posts with Thumbnails