Ads 468x60px

.

සන්ඩෙ ලීඩර් මාධ්‍යවේදිනි මන්දනාට ඇත්තටම වෙච්ච දේ මෙන්න.

බළලකුගේ 
මළ සිරුරක් 
ඉස්තෝප්පුවේ...

මිලාගිරිය ඩික්මන් පාරේ පිහිටි අංක 9 නිවසට පසුගිය 24 සිකුරාදා අලුයම 2.00ට පමණ ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනි සන්ඩෙ ලීඩර් මාධ්‍ය වේදිනි මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මියගේ නිවසට ඇතුළු වු සැක කටයුතු පිරිසක් සමග ඇති කර ගත් ගැටුම පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ගැටුමේදී පොලිස් වෙඩි පහරින් එක් අයෙකු මියගොස් තිබෙන තර පොලිස් නිලධාරීහු තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති යි

එහි ම්පුර් විස්තර පහතින්

ප්‍රකට ඉංගී‍්‍රසි ජනමාධ්‍ය වේදිනියක වන මන්දනා ඉස්මායිල් අබේවික්‍රමට සාමාන්‍ය යෙන් සිකුරාදා දිනයේදී අලුයම 2 යනු සිය වෘත්තීය වැඩකටයුතු නිමා වී රාත්‍රි නිදිසුව පතන හෝරාව වේ. 

එහෙත් ඇයගේ සිතතුළ කිසියම් නොසන්සුන් තාවක් රජ කරන්නට විය. ඊට හේතුව ඇය සිය පවුල සමඟ පදිංචිව සිටින කොළඹ බම්බල පිටියේ නිවෙස ඉදිරිපස ඉස්තෝප්පුවේ බළලකුගේ මළ සිරුරක් ඊට කලින් දින කිසිවකු විසින් දමාගොස් තිබීමයි.

මන්දනා සිය මවුපියන්, සැමියා හා එකම දියණිය සමඟ පදිංචිව සිටින්නේ ඒ නිවෙසේය. එහෙත් මැරවරයන් පිරිසක් ඇගේ නිවෙසට ඇතුළු වන විට මුළු පවුලම දැඩි නින්දේ පසුවූහ.

බළලකුගේ මළ සිරුරක් දමා ගොස් තිබීමේ හා නිවෙසේ වාහන ටයරයක පතුල පැළෙන පරිදි පිහි පාරක් එල්ලකොට තිබීමේ සිද්ධියෙන් පසුව මහත් නොසන්සුන්තාවට පත්ව සිටි මන්දනා හා ඇගේ සැමියා පසුගිය සිකුරාදා සිය මාධ්‍යවේදී කටයුතුවල නිරත වූයේ නිවෙස තුළ සිටමය.


එදින රාත්‍රි 9.30ට පමණ රොමේෂ් නිවෙසින් බැහැරව ගියේ සතියේ තමනට නියමිත වැඩ කොටස ඉටුකොට හමාර කිරීමෙන් පසුවය.

මුළු පවුලම දැඩි නින්දේ පසුවෙද්දී මන්දනාට කිසියම් ශබ්ද කීපයක් ඇසෙන්නට විය. එවිට වේලාව අලුයම 2.30ට පමණ විය. ඒ හඬවල් ඇසී භීතියෙන් මර හඬ දුන් ඕ නිදි සයනෙන් බිමට බසින්නට තැත් කළේ 'කවුද ඒ' යැයි සිංහලෙන් ප්‍රශ්න කරමිනි. 


එවිට ඇගේ නිදන කාමරය තුළ නිදැල්ලේ හැසිරෙමින් සිටි මැරයෝ දෙදෙනෙක් ඇය වෙත කඩා පැන්නාහ. එකෙක් ඇගේ බෙල්ලට පිහියක් තබා 'කෑ ගැහුවොත් මරා දමනවා' යැයි ඇයට තර්ජනය කළේය.

'අපිට උඹ ළඟ තියෙන වටිනා කනකර බඩු මුට්ටු සේරම ඕනෑ. අපි උඹව ඉවර කරනවා!' යැයි ඔවුහු ඇයට තර්ජනය කළහ.

එවිට මන්දනා ඔවුන්ට කියා සිටියේ තමාට අවශ්‍ය තම පවුලේ සියලු දෙනාගේම ජීවිත රැක ගැනීමට පමණක් බවයි. මැරයන්ට අවශ්‍ය ඕනෑම දෙයක් රැගෙන ගියාට කමක් නැතැයිද ඇය ඔවුන්ට බැගෑපත් වෙමින් කීවාය.

එවිට මැරයෝ කාමරයේ විදුලි ආලෝකය ප්‍රතිෂ්ඨාපනය කරමින් එහි විද්‍යුත් හනුව ක්‍රියාත්මක කළහ. එතැන මැරයෝ හතර දෙනකු සිටිනු පෙනිණි. මුල් මැරයෝ දෙදෙනා ඇය ඇඳට තබා තවදුරටත් සිරකොට අල්ලාගෙන සිටියහ. 


දෙදෙනකු අතේ පිහිත් තවකකු අත අත් බෝම්බයකුත් (මෙය පසුව ඇගේ ගෙමිදුල වැටී තිබී සොයාගන්නා ලදී) විය. මැරයන් සිය මුහුණු මන්දනාගේ නිවෙසේ තිබූ ඇඳුම් ඉරා ඒවායේ කැබැලිවලින් මුහුණු වැසෙන සේ ආවරණය කොටගෙන තිබිණි.

ඔවුහු මන්දනාගේ ජංගම දුරකතනයද උදුරාගෙන විගස එහි බැටරියද ඉවත්කොට දැමූහ. ඉන්පසුව ඇගේ මුදල් පසුම්බියට අත පෙවූ සොර මුළ එහි වූ මුදල් සියල්ල අතට ගත්හ. 


ඇගේ රන්, රිදී කනකර ආදී වටිනා බඩුමුට්ටු ඇතේතේ කොතැනක දැයි ඔවුහු ඊළඟට ඇගෙන් විමසූහ. භීතියෙන් ඇලළී ගොස් සිටි මන්දනා ඔවුන්ට ඕනෑ දෙයක් රැගෙන යන ලෙස ඉල්ලා සිටියාය. එමෙන්ම තම පවුලේ කිසිවකුට හානි නොකරන ලෙසත් ඇය මැරයන්ගෙන් ඉල්ලා සිටියාය.

තම නිදන කාමරය තුළ අමුතු ශබ්ද හා කටහඬවල් ඇසී එසේ අවදි වූ මන්දනා ඉස්මායිල් අබේවික්‍රමට එය අතිශයින් බිහිසුණු අත්දැකීමක් විය. ඇය මීට කලින් ත්‍රාසජනක හා කම්පනාත්මක සිද්ධිවලට මුහුණ දී නොතිබුණාම නොවේ. 


එහෙත් මෙම සිද්ධිය ඒ සියල්ල අභිභවා ගියේය. මරණය ඇගේ ‍ෙදාර එළිපත්ත සමීපයේ විය. වඩාත් නිවැරැදිව කිවහොත් මරණය මන්දනාගේ නිදන කාමරය තුළටම පැමිණ සිටියේය.

'කෑ ගැහැව්වොත් උගුරු දණ්ඩ පළනවා!' යැයි එක් මැරයෙක් පිහියක් ආමෝරා ඇයට තර්ජනය කළේය. අවසානයේදී තම පවුලේ කිසිවකුට වත් හානියක් සිදුනොවී තමන්ගේද දිවි සුරැකීම වාසනාවක් යැයි ඕ පසුව කීවාය.

'ද සන්ඩේ ලීඩර්' පුවත්පතේ සම කතෘවරිය වන මන්දනාගේ විවේචනාත්මක මත හා අදහස් දැක්වෙන ලිපි රචනා නිසා ඇය ඉංගී්‍රසි පාඨකයන් අතර දැඩි ප්‍රසිද්ධියක් උසුලයි. 


ඊට අමතරව ඇගේ අලුත් කාර්යභාරයද ඇගේ ප්‍රසිද්ධිය තවදුරටත් නංවාලීමට ඉවහල් වී ඇත. ඇගේ නව කාර්යභාරය වනුයේ වෘත්තීය සමිති නායකත්වයයි. 

දැනට මාස දෙකකට උඩදී ප්‍රථම වරට හා එම ක්‍ෂේත්‍රයේ මුල්වරට ශ්‍රී ලංකා පුවත්පත් කලාවේදීන්ගේ වෘත්තීය සමිතිය පිහිටුවා එහි සමාරම්භක සභාපතිනිය ලෙස ඇය පත්වූවාය. ඇගේ සැමියා රොමේෂ්ද ඒ පුවත් පතේම නියෝජ්‍ය කර්තෘ වශයෙන් කටයුතු කරයි.

සොර මුළ පුරා පැයකටත් අධික කාලයක් තිස්සේ මන්දනා නිවෙසේ අස්සක් මුල්ලක් නොහැර පරීක්‍ෂා කරමින් එහි වූ අල්මාරි, පෙට්ටගම් හා කබඩ් අවුස්සා බලන්නට වූහ. 


අල්මාරි, පෙට්ටගම් හා කබඩ්වල තිබූ පොත්පත්, ඇඳුම් පැලඳුම්, ලිපිගොනු හා ලිය කියැවිලි සියල්ල ඉවක් බවක් නොමැතිව බිම දමමින් ඔවුන් වෙනත් යමක් හෝ යම් යම් දේවල් හෝ සොයන බව මන්දනාට වැටහිණි. 

පස්දෙනකුගෙන් සැදි සොර මුළ පැමිණ ඇත්තේ හුදෙක් මිල මුදල් හෝ රත්රන් කොල්ලකෑමට පමණක් නොවන බව ඇයට ප්‍රත්‍යක්‍ෂ වූයේ ඔවුන් ඇගේ ගේ තුළ නිදැල්ලේ ඇවිදිමින් එහි වූ විවිධ ලියැකියවිලි, ලිපිගොනු හා පොත්පත් අවුස්සමින් ඒවා කියවා බලන්නට වූ බැවිනි.

මැරයන් ඉක්මනින් ආපසු යෑමට පැමිණි පිරිසක් නොවන බව මන්දනාත්, පවුලේ සෙසු අයත් තේරුම් ගත්හ. ඔවුන් කනකර ආභරණ ආදිය එකතු කරමින් සහ පොත් අල්මාරි අවුස්සා බලමින් එහි වූ ලිපිගොනු හා ලිය කියැවිලිද පරීක්‍ෂා කරමින් නොනැවතුණු ඔවුහු ඒ මොහොතේ නිවෙසේ නොසිටි මන්දනාගේ සැමියා ගැනද විපරම් කරන්නට වූහ.

ඒ අතරතුර ඔවුන් පැමිණි 'කාර්යය' හමාර කොට විගස පිටව යා යුතු බවත්, සොර මුළ එකිනෙකා සමඟ සාකච්ඡා කරන්නට වූහ. ඒ අතරතුර මන්දනා නිවෙසේ ඔවුන් අත නොතැබූ හෝ පිරික්සා නොබැලූ හෝ කිසිවක් පාහේ ඉතිරිවී නොතිබිණි. 


එක් මැරයෙක් හිටිහැටියේ මන්දනා දෙස හැරී ඇගේ සැමියා ආපසු නිවෙසට එනු ඇත්තේ කීයට දැයි තර්ජනාත්මක ස්වරයෙන් විමසීය.
මඳ වේලාවකට පසුව ඔවුන් නිවෙසේ සෙසු කාමරද පරීක්‍ෂා කිරීමට උනන්දුවක් දක්වන බව පෙනිණි. එකෙක් විගස තුවායක් ගෙන මන්දනාගේ මුහුණ වැසීමට තැත් කළේය. 

ඇය ඒ මැරයා අමතා ඇගේ මුහුණ නොවසන ලෙසත් ඊට හේතුව ඇය ශ්වසන ආබාධයකින් පෙළීම නිසා බවත් බැගෑපත්ව කියා සිටියාය. 

එවිට තුවාය පසෙකට ගනු ලැබුණු නමුත් තවත් මැරයෙක් ඇය ඉදිරියට පැමිණ ඔහු අත වූ පිහිය ඇගේ දෑස් හමුවේ වනමින්' කෑ ගැහැව්වොත් අපි උඹව කෑලිවලට පෙති ගහනවා' යැයි තර්ජනය කළේය.

මැරයන් පිරිසට අයත් වූ පස්වැනි මැරයා ඇය දුටුවේ මැරයන් පිරිස ඇගේ කාමරයෙන් පිටවී යද්දීය. පස්වැනි මැරයා සිටියේ මන්දනාගේ මවුපියන්ගේ නිදන කාමරය පිටතය. 


නිවෙසේ වූ කලබගෑනියෙන් ඒ වන විට අවදි වී සිටි ඇගේ පියා කාමරයෙන් එළියට බසිත්ම ඔහු අල්ලාගත් ඒ මැරයා ඔහුට මරණ තර්ජන එල්ල කළේය. මන්දනා යළිත් බැගෑපත් වෙමින් තම පියාට හානියක් නොකරන ලෙස මැරයාගෙන් ඉල්ලා සිටියාය.

ඉක්බිතිව මැරයෝ පිරිස මන්දනාගේ දියණිය නිදා සිටි කාමරය වෙත පියනැඟූහ. මන්දනාගේ ඇවිටිලි කිරීම් වලට කන් නුදුන් සන්නද්ධ මැරයෝ දෙදෙනෙක් මන්දනාගේ දියණියගේ කාමරයට කඩා වැදී එකෙක් ඇගේ ගෙලට කිණිස්සක් තැබීය. 


මැරයා ඇගෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න අසන්නට වූ විට බාලිකාව අතොරක් නොමැතිව හඬන්නට පටන් ගත්තාය. මන්දනා යළිත් මැරයන් වෙත ගොස් තම සිඟිති දියණියට කරදර නොකොට නිවෙසේ ඇති ඔවුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් රැගෙන පිටව යන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියාය. 

එවිට මැරයෝ දෙදෙනෙක් දැනටමත් තමන් පිරිස ප්‍රමාද බවත් එසේ වුවත් තමන් පිරිස පැමිණි මෙහෙය එතෙක් අවසන් වී නොමැති බවත් කියමින් අනිත් මැරයන් දෙදෙනා සමඟ කලහ කරන්නට වූහ.

මේ අතරතුර මන්දනා භීතියෙන් ත්‍රස්තව ඔවුන් දෙස බලා සිටියදී එකෙක් ඇය වෙත හැරී තමන් පිරිස තුළ ඇය කෙරෙහි කිසිදු වෛරයක් හෝ කෝන්තරයක් නැති බවත්, එහෙත් ඇය දැඩිව නුරුස්සන කිසියම් පුද්ගලයෙක් ඔවුන්ට කොන්ත්‍රාත්තුවක් දී ඇති බවත් පැහැදිලි හඩින් කියා දුන්නේය.

'ඔයා දැන් අපිත් එක්ක යන්න එන්න. අපිට මේ කොන්ත්‍රාත් එක ඉවර කරන්න තියෙනවා!' යැයි මැරයා කීය.

වාසනාවකට මෙන් අන්තිම මොහොතේ ඇගේ සැමියා රොමේෂ් පෙරළා නිවෙසට පැමිණියේය. බැලූ බැලූ සෑම තැනම අමුත්තක් ඔහුට දක්නට ලැබිණි. 


සෑම විටම වසා තිබූ නිවෙසට ඇතුළුවන පැති ගේට්ටුවත්, නිවෙසේ ඉදිරිපස ‍ෙදාරත් විවෘතව පැවැතිණි. බරපතළ දෙයක් සිදුවී හෝ සිදුවෙමින් පවතින බවට ඉඟියකින් කියාපාන්නක් මෙන් බිඳුණු වීදුරු කැබැලිද බිම පුරා වැටී තිබිණි.

ඔහු විගස මන්දනාගේ ජංගම දුරකතනයත්, ස්ථාවර දුරකතනයත් ඔස්සේ ඇය ඇමතීමට තැත් කළේය. එහෙත් ඒ දුරකතන දෙක සම්බන්ධ කරගත නොහැකි විය. මේ වන විට රොමේෂ්ගේ සැකය දැඩි ලෙස ඇවිස්සී තිබිණි. ඔහු ගෙමිදුලට ඇතුළු වී පැත්තකින් නිවෙස තුළට එබිකම් කළේය. 


නිවෙස තුළ පැවැති ගාලගෝට්ටියෙන් බිඳක් කන වැටුණු රොමේෂ් නිසොල්මන්ව '119' ඇමතීය. ඒ පොලිස් හදිසි ඇමතුම් අංකයයි. ඉන් පසුව ඔහු නිවෙසට පා නැඟීය.

රොමේෂ් ගේ ‍ෙදාරකඩ සිටගෙන සිටිනු දුටු මැර පිරිස ඒ වන විට භීතියෙන් වියරු වැටී සිටි මන්දනා දෙස බලා 'අපි ආපු වැඩේ ඉවරයක් කරලා දාමු!' යැයි කීය. කම්පනයට හා බලාපොරොත්තු ශූන්‍යතාවට පත්ව සිටි මන්දනා කිසිත් කරකියා ගත නොහැකිව බලා සිටියදී එක් මැරයෙක් හැරී බලා 'අන්න පොලිසිය ඇවිල්ලා!' යැයි මොර දුන්නේය.

මන්දනා පවුලේ සාමාජිකයන් පැවැසූ අන්දමට භීතියට පත් මැරයන් පිරිස කලබල වී හිස් ලූ ලූ අත දුවමින් එතැනින් ගැලවී යෑමට මඟක් සොයන්න වූහ. ‍ෙදාරවල් අරින හඬත්, වසන හඬත්, ජනේල පියන් කඩන හඬත්, ත්‍රාසජනක රාත්‍රියක නිහඬතාව බිඳිමින් ජනේල පියන්වල වීදුරු බිඳිද්දී ඒවා කැඩී බිම හැලෙන හඬත් හතර වටා පැතිරී ගියේය.

පොලිසිය නිවෙස තුළට කඩා වැදෙද්දී මැරයෝ දෙදෙනෙක් පොලිසිය පිළිගැනීමට සූදානමින් ‍ෙදාරක් අයිනේ සැඟවී බලා සිටියහ. මැරයන් පොලිස් නිලධාරීන් වෙත කඩා පනිද්දී මන්දනා තම දියණියත් රැගෙන ඇගේ මවුපියන්ගේ කාමරයට දිවගොස් එහි ‍ෙදාර වැරෙන් වසා ගත්තාය.


දෙපාර්ශ්වය වෙඩි හුවමාරු කරගන්නා හඬ ඔවුන්ට ඇසිණි. අවසානයේදී වෙඩි හඬ හමාර වී නිශ්ශබ්දතාව රජ කරන්නට වූ පසුව මන්දනා ඇතුළු පිරිස සිය ආරක්‍ෂාකාරී ස්ථානයෙන් එළියට පැමිණියහ.

නිවෙස පුරා දක්නට ලැබුණේ බඩු මුට්ටු, පොත්පත්, ලිපිගොනු හා ඇඳුම් පැලඳුම් ආදිය ඒ මේ අත විසිකොට දමා තිබූ අයුරුය. කිසිවක අගක් මුලක් තේරුම්ගත නොහැකි තත්ත්වයක් පැවැති බවත් මන්දනා කීවාය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා පවසන අන්දමට පොලිසිය වෙඩි තැබුවේ නිවැසියන් බේරා ගැනීමට ගිය පොලිසියට මැරයන් පිරිස ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව පමණක් බවයි. ප්‍රහාරයේදී එක් පුද්ගලයෙක් එතැනම මිය ගියේය. 


නිවෙස තුළ සැඟවී සිටියදී තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. පොලිස් නිලධාරීහු තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූහ.

තුවාල ලැබූ මැරයන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ දැන් පොලිස් රැකවරණ මධ්‍යයේ පසුවෙති. නිවෙස තුළට ගෙන එනු ලැබූ අත් බෝම්බය පසුව ගෙමිදුල තිබී සොයාගනු ලැබ පෙරේදා උදේ පැවැති මහෙස්ත්‍රාත් මරණ පරීක්‍ෂණයට පෙරාතුව නිෂ්ක්‍රිය කරන ලදී.

සිද්ධිය පිළිබඳ වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මාධ්‍ය හිමිකම් සංවිධාන විසින් නිවේදන නිකුත් කරනු ලැබූ අතර ප්‍රකට මාධ්‍යවේදීන් දෙදෙනා සහ ඔවුන්ගේ පවුලේ උදවියට සාධාරණය ඉටුකරන ලෙසත් එම සංවිධාන විසින් ඉල්ලා ඇත. 


මෙම කොල්ලය සිදුකරනු ලැබූ වටපිටාව දෙස බලද්දී ගෙවල් බිඳුමකට වඩා වෙනත් චේතනාවක් මේ සිද්ධිය පිටුපස පැවැති බවට සැකසංකා මතුවන බවත් එම සංවිධාන විසින් හුවාදක්වා තිබේ.

මහ රෑ සිදුකරනු ලැබූ මෙම ප්‍රහාරය සම්මානලාභී ජනමාධ්‍ය වේදිනියක හා වෘත්තීය සමිති නායිකාවක බියවැද්දීමේ අරමුණින් සිදුකළ එකක්දැයි මාධ්‍ය සංවිධාන මේ වන විටත් ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇත. ඇගේ නිවෙස කොල්ලකනු ලැබුවේ ප්‍රහාරයේ සැබෑ චේතනාවන් වසන් කිරීමේ අරමුණින් දැයිද ඔවුහු සැක පහළ කරති.

මෙම ප්‍රහාරය පසුගිය වසර කීපය තිස්සේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල කරනු ලැබූ ප්‍රහාර මාලාවක අලුත්ම සිද්ධිය බවත් 'ද සන්ඩේ ලීඩර්' පුවත්පතේ නිර්මාපක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා 2009 ජනවාරි මසදී අමානුෂික ලෙස ඝාතනය කිරීමේ බිහිසුණු යටගියාවද මෙම කොල්ලයෙන් මතක් වන බවත් ඔවුහු පෙන්වා දෙති.

එහෙත් පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා පැවැසුවේ මෙය පැහැදිලිවම සන්නද්ධ කොල්ලයක් බවත්, ඊට වෙනත් චේතනාවන් තුඩු දීමට ඉඩ තිබෙන්නට ඇතැයි සැක කිරීමට කිසිදු හේතුවක් නොමැති බවත්ය. 


මේ සිද්ධිය පිළිබඳ කඩිනමින් පරීක්‍ෂණ පැවැත්වීමටත් අපරාධය සිදුකරනු ලැබූ ස්ථානයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමටත් පියවර ගෙන ඇතැයිද සිරිවර්ධන මහතා පැවැසීය.
සන්ඩෙ ලීඩර් මාධ්‍යවේදිනි මන්දනාව පැහැරගන්න ගිහින් පොලිස් වෙඩි කයි...(ඡායාරූප,වීඩියෝ)
 
Related Posts with Thumbnails