Ads 468x60px

.

පෙම්වතා සිය මිතුරන්ට විකුණු පෙම්වතිය ඊට‍ කලින් තාත්තා දූෂණය කරලා...


නිරුවත් පින්තුර 
ඉන්ටනෙට් දානවා 
කියලා බය කරලා...

මොරටුව ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවිකාවක වූ ඇයට අපි නිර්මලී යැයි කියමු. නිර්මලී කළුතර වස්කඩුවේ පදිංචිකාරියකි. 

මවත්, පියාත් ජීවත්වන්නේ වෙන්වය. පියාගේ බේබදුකම හේතුවෙන් පවුල මෙසේ කැඩී ඉහිරී ගොස් ඇත. කාලයක් පියාගේ රැකවරණ මත ජීවත් වූ ඇය මොරටුවේ ඇඟලුම් කම්හ‍ලේ රැකියාවට එන්නේ තවදුරටත් පියාගේ රැකවරණය මත ජීවත්වීම ඵලක් නොවන බව වටහාගත් බැවිණි.

විසි දෙහැවිරිදි ඇය මෙයට වසරකට එකහමාරකට පමණ පෙර මොරටුවේ නවාතැන් ගත්තේ මෙකී ඇඟලුම් කම්හ‍ලේම සේවයේ නිරත තරුණියන් සිටි බෝඩිමකය. එම බෝඩිමද පිහිටියේ ඇඟලුම් කම්හල පිහිටි මොරටුවේ මුරවත්ත ප්‍රදේශයේමය.


ඇය ඇඟලුම් කම්හ‍ලේ සේවයට ගොස් වැඩිකල් යන්නට මත්තෙන් එම කම්හලෙන්ම පෙම්වතෙකුද සොයා ගත්තාය. ඔහුගේ නම කැළුම්ය. විසිහත් හැවිරිදි කැළුම් කහවත්තේ පදිංචිකරුවෙකි. ඔහුද ඇඟලුම් කම්හ‍ලේ සේවයට ආවේ ගියේ බෝඩිමක සිටය.


පෙමින් බැඳුණු මුල් කාලයේ, නිවාඩු දිනවල ඒ දෙදෙනා අත්වැල් අල්ලාගෙන පෙම් උයන් සහ මුහුදු වෙරළේ සැරිසැරුවත් වැඩි කල් නොගොස් ඔවුන් දෙදෙනා තනිවූයේ හොටල් කාමරවලය. එහිදී දෙදෙනා අඹු සැමියන් ලෙසද එක්වන්නේ තනිවුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමිනි.


ඒ ඇතැම් අවස්ථාවල ඔහු තම ජංගම දුරකථනයේ ඇති කැමරාවෙන් ඇගේ නිරුවත් දර්ශන මෙන්ම ඇය සමග එකට සිටිනා ආකාරයද වීඩියෝ ගතකරනු ලැබිය. ඊට ඇගේ අකමැත්තක්ද නොවූයේ ඒ ගැන බරක් පතළක් ඇයට නොදැනුණු බැවින් විය යුතුය. එසේම ඇය විශ්වාස කළේ ඔහු යම් දිනක නිසැකවම තමාව  විවාහකර ගනු ඇතැයි කියාය.


පෙම්වතාට ඕනෑ හැටියට ඇය සිටියත් එහි බරපතළකම ඇයට වැටහෙන්නේ දිනක් ඔහු ඇයව තමාගේ බෝඩිමට රැගෙන යාමත් සමගිනි. ඒ වන විට බෝඩිමේ තවත් තරුණයන් කිහිප දෙනෙක්ද සිටියෝය. මෙම තරුණයන් සිටියේ ඇගේ පැමිණීම සැමරීමට සාදයක්ද සූදානම් කරය. 


සැර බිම වර්ගවලින්ද, සැර මද බිම වර්ගවලින්ද අඩුවක් නොමැති ඒ සාදයට ගිය ඇයටද සැර අඩු බිම වීදුරුවක් දෙකක් තොල ගාන්නට සිදුවන්නේ පෙම්වතාගේ සහ ඔහුගේ මිතුරන්ගේ බලවත් ඉල්ලීම මතය. ඒ අතර ඔහු ඇයව සිය බෝඩිම් කාමරයටද ගෙන ගොස්  අඹු සැමියන් ලෙස හැසිරුනෝය. 

එය එතැනින් හමාර වන්නේ නැත. ඔහු තමාගේ කටයුත්ත අවසන් කර, ඇයව කාමරයේ තනිකර පිටතට යනවාත් සමගම කාමරයට ඇතුළු වන්නේ ඔහුගේ මිතුරෙකි. ඒ ද අන් කිසිවක් සඳහා නොව ඇය සමග අඹුසැමි ඇසුර සඳහාය.

පෙම්වතා සමග එකට සිටියත් ඔහුගේ මිතුරෙකු සමග සිටින්නට කිසිදු උවමනාවක්, අවශ්‍යතාවක් හෝ කැමැත්තක් ඇයට තිබුණේ නැත. ඒ නිසාම ඇය ඊට එරෙහිව නැගී සිටියේ කරදර කරන්නට ආවොත් ‍පොලීසි යන බව පවසමිනි.


එහිදී ඇයව මේච්චල් කරන්නට ඉදිරිපත් වූයෙ අන් කිසිවකු නොව මතෛක් කලක් ඇය පණ මෙන් ආදරය කළ  පෙම්වතාය. ඔහු ඉදිරිපත් වන්නේ නිකම්ම නොව ඔහුගේ ජංගම දුරකතනයේ ඇති ඇගේ නිරුවත් ඡායාරූප පෙන්වමින් ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් ඇයව බිය වද්දමිනි.


ඒ අනුව ඇයට එදා පෙම්වතාගේ මිතුරන් හතර පස් දෙනකු සමග එකට සිටීමට සිදුවන්නේ දැඩි වේදනාවකින් සහ පිළිකුලකිනි. බිමත්ව සිටි පෙම්වතාට ඒ ගැන  ගාණක් නැති තරම්ය. සිය පෙම්වතිය ඔහු මිතුරන් අතින් අත යවනු ලැබුවේද නිකම්ම නොව මිතුරන්ගෙන් යම් යම් වාසි ලබාගෙනය.


මේ තිරිසන් පෙම්වතා එතැනින් ඒ අමානුෂික කටයුත්ත හමාර කළේ නැත. ඇයව බිය ගන්වමින් දිගින් දිගටම ඇය බෝඩිමට ගෙන්වා ගත්තේය. මිතුරන්ට ඇයව විකුණුවේය. ඒ ඔහුද ඇය සමග එකට සිටිමිනි.


ඇය සිටි බෝඩිමේම කොටසකට, ආබාධිත විශ්‍රාමික හමුදා සෙබළෙකු බෝඩිම්කරුවෙකු ලෙස පැමිණෙනුයේ මේ කාලය තුළදීය. ඇයත්, එම හමුදා සෙබළාත් ඉක්මනින්ම හිතවතුන් බවට පත්වූහ. ඒ හිතවත්කම නිසාම ඇය ඔහුට නොසඟවා සියල්ල කීවාය. ඒ තමාව අර අධම පෙම්වතාගෙන් ගලවා ගන්නා ලෙසට බැගෑපත් ආයාචනයක්ද කරමිනි.


විශ්‍රාමික හමුදා සෙබළාගෙන් එහිදී ඇයට ලැබෙන උපදෙස වන්නේ පෙම්වතා අඬගහන පලියට ඔහු සමග නොයන ලෙසය. ඔහුව මගහරින ලෙසටද ඔහු උපදෙස් දෙන්නේ එය කළ යුතු ආකාරය ගැන ඇයට අවබෝධයක්ද දෙමිනි. 


ඒ අනුව යමින් ඇය සිය පෙම්වතාව මගහරින්නට උත්සාහ ගන්නා විට ඔහු ඇයට නැවත තර්ජනය කරන්නට වූයේ ඇය සමග එකට කාමරයේ සිටින විට ගත් වීඩියෝ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමිනි.

ඒ බව ඇය විශ්‍රාමික හමුදා සෙබළාට පවසා ඉන් ගැලවෙන්නට මගක් සොයාදෙන ලෙස ආයාචනය කරන්නට වූයේ තවදුරටත් පෙම්වතාගේ උවමනා එපාකම් වෙනුවෙන් ඔහුගේ මිතුරන්ට සිරුර දන් දීමට තිබූ බලවත් පිලිකුල නිසාය. මෙහිදී විශ්‍රාමික හමුදා සෙබළා උපක්‍රමශීලී විය. ඔහු මේ ගැන තමා දන්නා හඳුනන හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකුට කීවේය. 


එම බුද්ධි අංශ සෙබළා මොරටුව ‍පොලීසියේ නිලධාරීන් සමග සම්බන්ධකම් පැවැත්වූවෙකු බැවින් ඇයව  මොරටුව මූලස්ථාන පොලීසියට යොමුකරනු ලැබිය. ඒ ඇයට ‍පොලීසිය හරහා, බියෙන් සැකෙන් තොරව ජීවත්  වීමට හැකි වාතාවරණයක් උදාකර දීමටය.

ඇගේ පැමිණිල්ල මොරටුව මූලස්ථාන ‍පොලීසියේ ලියැවීමත් සමග උපක්‍රමශීලීව ඇය මගින් පෙම්වතාද, ඔහුගේ මිතුරෙකුද කොටුකරගත් මොරටුව ‍පොලීසියේ නිලධාරීන් ඇයට නිදහස උදාකර දෙන්නේ අන්තර් ජාලයට මුදාහැරීමට කිසිදු ඉඩක් නොතබා පෙම්වතාගේ ජංගම දුරකථන යේ සටහන්ව තිබුණු ඇගේ දර්ශන සහිත චිපයද ‍පොලිස් භාරයට ගනිමිනි.


එය එතැනින් හමාර වූයේ නැත. ඇය මිතුරන් අතින් සමූහ දූෂණයට ලක්වන්නේ පානදුර කෙසෙල්වත්ත ‍පොලිස් බල ප්‍රදේශයේ දී බැවින් මොරටුව ‍පොලීසියේ නිලධාරීන් ඇයත් සමගම පෙම්වතාත් මිතුරාත් ජංගම දුරකථනයද සමග කෙසෙල්වත්ත ‍පොලීසියට භාර කරනු ලැබිය. 


ඒ අනුව කෙසෙල්වත්ත ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක තිස්ස කුමාර මහතා පුළුල් විමර්ශනයක් ඒ ගැන ආරම්භ කරනුයේ ඇයව දූෂණය කළ පෙම්වතාගේ මිතුරන් ද අත් අඩංගුවට ගැනීමට දැලක් එළමිනි.

මෙම තරුණිය කළුතර උතුර ‍පොලීසියට අවශ්‍යව සිටින වරෙන්තු කාරියක බව තිස්ස කුමාර මහතාට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබෙන්නේ ද ඒ අතරතුරදීය. 


එම දුරකථන ඇමතුමේ ඇත්ත නැත්ත සොයා බලන්නට තිස්ස කුමාර මහතා අමතන්නේ කළුතර උතුර ‍පොලිස් ස්ථානයටය. ඒ නිර්නාමික දුරකථන ඇමතුම සාවද්‍ය එකක් නොවන බව හෙළිවන්නේ එහිදීය. ඇයට වරෙන්තු නිකුත් කර ඇත්තේ කළුතර අධිකරණයෙනි. 

ඒ ස්ත්‍රී දූෂණ නඩුවක පැමිණිලි කාරියක් වූ ඇය අධිකරණය මගහැර සිටීමේ වරදටය. ඇය විසින් ඒ නඩුව පවරා තිබුණේ  ඇයව දූෂණය කිරීමක් ගැනය. ඊට අනුව ඇයව දූෂණය කර ඇත්තේ වෙන කිසිවෙකු විසින් නොව ඇගේම පියා විසින්ය.
 
Related Posts with Thumbnails