Ads 468x60px

.

ස්ත්‍රී නිමිත්ත තිබුණට ඒකෙන් මතු වුණේ පුංචි පුරුෂ ලිංගයක්, මුත්‍රා බර එන විට එය ප්‍රාණවත් වෙනවා.


රෑ යහන් ගත වෙන්න 
ගිය වෙලේ ඔහු 
මර ලතෝනි දීගෙන 
එලියට පැන්නා

ඇයට පුරුෂ නිමිත්ත මෙන්ම ස්ත්‍රී නිමිත්ත යන දෙකම පිහිටා තිබෙනවා. රාගම රෝහලේ වෛද්‍යවරු රහසේ අවුරුදු ගණනාවක් තිස්සේ ඇය ගැන පරීක්ෂණ පවත්වනවා. ඇය ගැන වාර්තා දැන් ලෝකය පුරා වෛද්‍ය කණ්ඩායම් අතට පත්වී
තිබෙනවා

එහෙත් තවම ඒ පරීක්ෂණ හමාර නැත. උපතින් අපහට උරුම වන යමක් කිසිවකුට වෙනස් කර ගන්නට බැරිය. ඉපදුණාට පසු කෙනෙකු තම ජීවිතයට එකතු කරගන්නා වැරැදි පුරුද්දකට සාවඥ සිනාවක් පෑම වරදක් නැත.

එහෙත් අඳ, ගොළු, බිහිරි, ආබාධිත, නපුංසක, ද්විලිංගික මෙවන් කෙනෙකුට ජීවිතය ගොඩනඟා ගැනීමට සවිමත් අත්වැලක් වනු වෙනුවට උපතින් ලැබුණු දෙයට සිනාවීම, සමච්චල් කිරීම, සමාජයෙන් කොන් කිරීම සිදුවන්නේ නම් ඒ සමාජය ඒ පුද්ගලයාටත් වඩා ගඳ ගහන පාපකාරී එකකි.

මෙයා කොණ්ඩය හුඟාක් දිගට තිබුණු ලස්සන කෙල්ලක්. ටිකින් ටික කොණ්ඩය කපලා ටී ෂර්ට් සරම් කමිස අඳින්ඩ පටන් ගත්තා. කිලෝ 42 ක බරක් අදත් එයාට උස්සන්ඩ පුළුවන්. බර වැඩ කරන්ඩ ආසයි. එහෙත් මෙයාට ස්ත්‍රී පුරුෂ ලක්ෂණ දෙකම තිබෙන නිසා. 


රාගම උල්පතකුඹුර මගෙ ගම. අක්කලා තුන්දෙනෙකුයි අයියලා දෙන්නෙකුයි ඉන්න පවුලක මං බඩපිස්සිය හැටියට ඉපදුණා. අපේ පවුලට ගමේ යමක් කමක් තිබුණා. මගෙ උප්පැන්නෙ නම ලලිතා මාලනි ඩයස්. නියමිත වයසෙදි අම්මලා තාත්තලා මාවත් රාගම කනිටු විදුහලට දැම්මා.

8 වසර දක්වා මං ආසාවෙන් ඉස්කෝලෙ ගියා. මට මුලින් ම තිබුණේ ස්ත්‍රී ලක්ෂණ විතරයි. වෙන ගැහැණුන්ට වගෙ මගෙ පපුවත් නෙරලා ඉස්සරහට ආවත් වයස 13 - 14 වෙන කොටත් මං සාමාන්‍ය කෙල්ලෙක් ලෙස වැඩි වියට පත් වුණේ නෑ. 

ස්ත්‍රී නිමිත්ත තිබුණට මගෙ මුත්‍රා මාර්ගය වැහිලා ගිහින් ඒකෙන් මතු වුණේ පුංචි පුරුෂ ලිංගයක්. මුත්‍රා බර එන විට එය ප්‍රාණවත් වෙනවා. ඒ කටයුතු අහවර වුණාම ආයිත් ඒක ස්ත්‍රී නිමිත්ත ඇතුලට යනවා. 

මේ ගැන බැරිම තැන ලොකු සහෝදරියන්ට විතරක් නොවේ සහෝදරයන්ටත් කිව්වා. ඒ අය ඒක ගණන් ගත්තෙ නෑ, මෙහෙම දෙයක් කවුරුවත් හිතන්නෙ නෑනේ. ඒ අය කීවේ නහරයක් එලියට එනවා ඇති කියලයි. 

කොල්ලො කරන හැම වැඩක්ම කරන්න මට පුළුවන්. ඕනෑම බර වැඩක් කරන්ඩ, ගස් නගින්ඩ, උස තාප්පවලින් පනින්ඩ මාත් ආසයි. මං සරමක් ඇඳගෙන මගෙ දිග කොණ්ඩය කපලා දැම්මා. දුවගෙන ඇවිත් ජේසු සමිඳාණන්ට මගෙ දුක කිව්වා. අනේ මං වගෙ අය තවත් ලෝකෙට උපද්දන්ඩ එපා කියලා දෙවියන් වහන්සේට යාඥා කලා.

අවුරුදු 22 දී ලස්සන දිග කොණ්ඩයක් තියෙන තරුණියක්, මගේ සහෝදර සහෝදරියන් එකතු වෙලා මව විවාහ කරලා දුන්නා. මම සැමියත් සමග එදා රෑ යහන් ගත වෙන්න ගිය වෙලේ ඔහු මර ලතෝනි දෙමින් කෑ ගහගෙන එලියට පැන්නේ ඔහුව රවටලා නපුංශකයෙක් විවාහ කර දුන් බවට බැණ වදිමින්.

මම කවදාවත් හිතුවේ නෑ මට එවන් ඉරණමකට මුහුණ පාන්න සිද්ධ වේවි කියලා. ඔහු එදා රාත්‍රියේ දීම පොලිසියට ගිහින් පැමිණිල්ලක් කරා. පහු වෙනි දවසේ උසාවි ගියා. විනිසුරුතුමා කතාව අහල ඔලූ‍වේ අත්දෙක ගහ ගත්ත. නඩුව දුර දිග ගියේ නෑ මට එදා ම දික්කසාදය ලැබුණ.

දිගට තිබුණු කොන්දේ මම කපල දැම්ම. පස්සේ පිරිමියෙක් විදිහට අදින්න පටන් ගත්ත. ගමේ මිනිස්සු මගේ දිහා වපරැහින් බලන්න පටන් ගත්ත. මට හිනා වුණා. ඇනුම් පද කියන අතරේ නපුංසක, ද්විලිංගික, සමලිංගික නාමයන් මට පට බැදුණා.

පල්ලියේ පුජක තුමා ඇතුළු පාලිකාවන් අසරණ මට පිහිට වුණා. කතෝලික අගමිකයෙකු වන මම ඉපදුනේ දෙවියන් වහන්සේට සේවය කරන්න. එය අහවර වුණා ම මම මේ ලෝකෙන් සමු ගනීවි. වෛද්‍ය වරුන් මගේ පිහිටට හිටියත්. ස්ත්‍රී, පුරුෂ ලක්ෂණ දෙකට මැදි වූ මම මගේ පවුලේ ඇයට වදයක් වෙලා.

එහෙත් මෙය මට දැන් හුරුයි නමුත් මෙවන් දෙයක් උපදින කිසිම කෙනෙකුට උරුම කර නොදෙන ලෙසට මම දෙවියන් යදිනවා. එන ආත්මයක දී වත් මට ඔය හැමෝම වගේම පුරුෂයෙක් වෙලා ඉපදෙන්න හැකි වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

ලක්ෂ ගණනින් මුදල් වැයකොට ගැහැණු පිරිමින් බවටත්, පිරිමින් ගැහැණුන් බවටත් පත් වීමට වෙහෙසෙන පුවත් ගැන අප මිට පෙර සටහන් තැබුවා. 


එහෙත් මොහු එවැන්නෙක් නොවෙයි පෙර අකුසලයක් විපාක  දීමෙන් මෙවන් තත්ත්වයකට පත්වන්නට ඇතැයි අප සිතන්නෙමු. උපතින් සිදු වූ ලිංගික විපර්යාශයට ඔහු විදවිය යුතු නැත. එනිසා ම ඔහුව සමච්චලයට ලක් කිරීම නොවටී. 

ඔබ මනුෂ්‍යයන් ගැන හොඳින් දනී. එක්කෝ ඔව්හු පිරිමි වෙති. නැත්නම් ගැහැනු වෙති. එසේත් නැත්නම් මේ දෙකට ම නැති නපුංසකයෝ වෙති.
ඒ අතර අන් කවරකු හෝ සිටිය හැකිද? උත්තරය ‘සිටී’ යන්නය. ඔව්හු නම් ද්විලිංගිකයෝය. තථාගතයන් වහන්සේ වදාළ උභතොදණ්ඩක නම් පිරිස මේ අයද?
 
Related Posts with Thumbnails