Ads 468x60px

.

උදාරි නිකං ඉඳලා නැති එක ගැන සිංගප්පූරුවේ සිට කතා කරයි...

උදාරි ගැන 
කලා ක්ෂේත්‍රයේ 
පැතිර යන  
අලුත්ම 
ආරංචිය...

උදාරි සිංගප්පූරුවේ ගිහිනුත් නිකං ඉන්නේ නැතිව සැමියාවත් එක්‌කර ගෙන මියුසික්‌ වීඩියෝවක්‌ නිර්මාණය කර තිබෙන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. උදාරි තමන්ගේ පුංචි දූ ශෙනාරියා සහ සැමියා සමග බොහොම සතුටින් ජීවත් වන බව අපට දැනගන්නට ලැබුණා. 

ඒ අතර තුර තමයි මේ ගීතය නිර්මාණය කරල තියෙන්නේ. එහෙත් අපට ආරංචි වුනු හැටියට එම ‘දෙනුවන් පියා’ ගීතය නිර්මාණය කරන්නට බලපෑ විශේෂ හේතුවකුත් තියෙනවාලු. 

උදාරි මවක් වූ පසුව තාවකාලිකව රංගනයෙන් සමුගෙන සිංගප්පූරුවේ පදිංචි වුණු අතර උදාරිගේ  සැමියා සුජිත් වෛද්‍යවරයෙක් බවත් ඔහු සේවය කරන්නේ සිංගප්පූරුවේ බවත් අපි දන්නවා.  

කලා ක්ෂේත්‍රයේ අලුත්ම ආරංචිය වන්නේ උදාරි ළඟදීම ලංකාවට එන බවටත් ටෙලි නාට්‍යයකට එකතු වන බවටත් පැතිර යන ආරංචියයි. මේ සියල්ලම ගැන කතා කරන්න මුහුදින් එතෙර ඉන්න උදාරිව දුරකථනයට එකතු කරගෙන කල විස්තරය පහතින්.
 
මුලින්ම අපි සිංගප්පූරුවේ ගෙවී යන ජීවිතය ගැන දැනගන්න කැමතියි....

සැමියා සුජිත් නම් ගොඩක් කාර්යබහුලයි. දුව සමග තමයි ඉතින් කාලය ගෙවිලා යන්නේ. එයාට දැන් අවුරුද්දයි මාස තුනයි.

විවේකය ගත කරන්නේ කොහොමද?

කොහෙ හරි නිවාඩුවක් ගත කරන්න යන එක තමයි කරන්නේ. දුව දැන් වයස අවුරුද්දයි මාස තුන වුණාට ඒ වයසට එයාට රටවල් 12 කට විතර යන්න වාසනාව උදාවුණා.

දැන් රඟපාන්නෙ නැති නිසාද සිංදු කියන්න එකතු වන්න හිතුවේ?

මම පසුගිය කාලය තුළත් ප්‍රසංග කීපයකම ගීත ගැයුවා. ඒත් එහෙම කළේ ගායිකාවක් වීමේ අදහසින් නමෛයි. ප්‍රසංග නරඹන්න එන ගොඩක් අය ආවේ මාව බලන්න. ඒ අය හින්දයි මම ඒ ප්‍රසංගවලට එකතු වුණේ.

වෘත්තීය ගායිකාවක් වීමේ අදහසක් නැත්නම් ඇයි ගීතයක් ගායනා කරලා රූප රචනාවක් කරන්න හිතුවේ?

ඔය ගීතය නිර්මාණය කෙරුනේ විශේෂ හේතුවක් හින්දා.

මොකක්ද ඒ...?

මම ඔය ගීතය නිර්මාණය කළේ මගේ සැමියට උපන් දින තෑග්ගක් විදියට. මේ ගීතය සංගීතවත් කළේ භාතිය සන්තුෂ්. ගීතය ලියුවේ සම්පත් ප්‍රනාන්දුපුල්‍ලේ. මගෙයි සුජිත්ගෙයි  ආදර කතාව ඉතාමත් හොඳින් දන්න කෙනෙක් තමයි සම්පත්. 


ගීතය පුරාම කියැවෙන්නේ අපේ ආදර කථාව. උපන්දින තෑගි විදියට අපි  ළබැඳි අයට විවිධ දේවල් දෙනවා. මට හිතෙන්නේ මම සුජිත්ට දීපු වටිනාම තෑග්ග තමයි මේ ගීතය.

ගීතයේ රූප රචනාව නරඹන්න පුළුවන් අන්තර්ජාලය නරඹන අයට විතරයිද?

ළඟදීම මම මගේ රසික පිරිසට මේ ගීතය පිරිනමන්න එනවා.

ඒ කියන්නේ උදාරි නැවතත් ලංකාවට එනවා කියන එකද?

ඔව්, මේ මාසේ අගදී මම ලංකාවට එනවා.

ඔබේ නවතම රඟපෑම් දැකගන්න ආශා කරන රසික හිතවතුන්ට අලුත් යමක් දෙන්න අදහසක් නැද්ද...?

මගේ රසික හිතවතුන් නිතරම කියන්නේ මට ලංකාවට එන්න. ආයෙමත්  රඟපාන්න කියලා. ඒ හින්දා මම හිතුවා ලංකාවට ඇවිත් ආයෙමත් ටෙලි නාට්‍යයකට දායක වෙන්න. මේ මාසේ අගදී මම එන්නේ  මගේ මේ ගීත රූප රචනය රූපවාහිනී නාලිකාවලට ලබාදීමට වගේම මේ අලුත් ටෙලි නාට්‍යයේ රඟපෑමට එකතු වීමට.

ඔබේ නවතම රංගනය හා දෙනුවන් පියා මේ ගීතයේ රූප රචනාව ගැන කතා කරමු.....

‘දෙනුවන් පියා’ ගීතය ගැයුවේ මගේ සැමියට කියල මම මුලිනුත් කිව්වා නේ. ඉතින් මේ ගීතයේ රූප රචනයටත් මම සුජිත්වම යොදා ගත්තා. ගීතය නරඹන අයට මගේ සැමියවත් දැකබලාගන්න පුළුවන්. ටෙලි නාට්‍යය ගැන නම් වැඩි විස්තර ඉදිරියේ දී කියන්නම්. 


උදාරි සිංගප්පූරුවේ ගිහිනුත් නිකං ඉඳලා නැතිලු...
 
Related Posts with Thumbnails