Ads 468x60px

.

දයාසිරිගේ හා රෝසිගේ කටකතා වලට රෝසිට මල පැන්න හැටි මෙන්න...

දයාසිරි ගැන නැතුව 
වෙන ඕනැම 
ප‍්‍රශ්නයක් 
අහන්න.

දයාසිරි ජයසේකර හා රෝසි සේනානායක එකම පක්ෂයේ එකට කටයුතු කළ හිත මිතුරන්ය. දයාසිරි පසුපස රෝසිද, රෝසි සමග දයාසිරිද දේශපාලන කරළියේ නිතර දැකගත හැකිවිය. ඒ හිතවත් කමට දේශ පාලන කරළියේ අපූරු කතාද හැදිනි.

ඒ කෙසේ වෙතත් මේ සියලූ හිතවත්කම් පැත්තක දමා දයාසිරි ආණ්ඩුවට ගියේය. දයාසිරිට සෙවණැල්ල මෙන් සිටි අයත් හොද කී අයත් උදේ හවා ඇසුරු කළ අයත් ඔහුට විවිධ චෝදනා නැගූහ.

දයසිරි පසුගියදා කියා තිබුණේ ජන්දෙ කාලේ තමාට වැඩියෙන්ම මඩ ගැහුවේ රෝසි බවය. ඒ කතාවේ ඇත්ත නැත්ත දන්නේ
රෝසි පමණයි. ඒ පිළිබඳව රෝසි සේනානායක කියන්නේ මෙහෙමයි.

රෝසි සේනානායක  මන්ත‍්‍රීතුමිය කොහොමද තොරතුරු?

මම හොදින් ඉන්නවා. හැබැයි දුකකුත් තියෙනවා

ඇයි ඒ ඔබතුමිය දුකෙන් ?

බලන්නකෝ රටේ වෙන දේවල්. ඒවා දැක්කම දුකක් නැද්ද ?

මොනවද ඒ ?

පසුගිය දවස්වල ලෝක ළමා දිනය තිබුණා. අපේ රටේ  ළමා දිනය සැමරුවේ හරිම අවාසනාවන්ත තැනක ඉදන්. මේ රටේ  සෑම ළමයි තුන්දෙනෙක්ගෙන්ම එක් කෙනෙක් මන්දපෝෂණයෙන් පෙළෙනවා.


නුවර එළිය, බදුල්ල දිස්ත‍්‍රික්කවල සීයට 44 ක් විතර ළමයි ක්ෂය වෙලා, කෘෂ වෙලා. කාන්තාවන් එහෙන් දුක් විදිනවා. හරියට ජිවනෝපායක් නෑ. ආර්ථිකය දුර්වලයි. ඒක පුද්ගල ආදායම වැඩිවුණා කියලා පෙන්නුවට කෝ ප‍්‍රතිඵල ගෙවල්වලට දැනිලා නෑනේ.

දයාසිරි ජයසේකර මන්ත‍්‍රීතුමා ආණ්ඩුවට ගියානේ.  ඇයි ඔබතුමියට ඒ ගැන දුකක් නැද්ද?

දයාසිරි ජයසේකර මන්ත‍්‍රීතුමා රජයට එක්වීම පාඩුවක්. අපේ පක්ෂයට එතුමා පමණක් නොව කවුරු ගියත් පාඩුවක්.

දයාසිරි මන්ත‍්‍රීතුමා ආණ්ඩුවට ගියේ ඇයි?

මේ වැඩ පිටුපස තියෙන්නේ පෞද්ගලික පරමාර්ථනේ. ආණ්ඩුවට යන්නේ නිකන් නොවෙයි. ඕව ඉතින් අප‍්‍රසිද්ධ දේවල් නොවෙයිනෙ.

ඔබ දැකපු දයාසිරි මොනවගේ කෙනෙක්ද?

එතුමා ජනප‍්‍රිය ගායකයෙක්. ජනප‍්‍රිය දේශපාලඥයෙක්. ජනතාවගේ ආකර්ෂණය දිනාගැනීමට හැකියාව තියෙන කෙනෙක්. ඒ මහතාට තනතුරක් ලැබුණේ දැනුයි. ඒ මහතා දක්ෂ දේශපාලඥයෙක් ද කියල බලන්න දැන් වැඩ පෙන්නන්න එපැයි.

ඔබ දයාසිරිගේ පවුලේ අය සමග ලොකු හිතවත්කමක් තිබුණා නේද? කොහොමද ඒ ගෙවුණ අතීතය?

මම දායසිරි ගෙන හෝ ඒ මහතාගේ පවුල ගැන පෞද්ගලිකව කතා කරන්න අකමැතියි. ඕවා කතා කරන ප‍්‍රතිපත්තියක් මගේ නෑ. මගෙන් වෙන ඕනෑ ප‍්‍රශ්නයක් අහන්න. දයාසිරි ගැන හෝ ඒ පවුල ගැන හෝ පෞද්ගලික විස්තර අහන්න එපා. ඔබ මාධ්‍යවේදියෙක්නෙ. ඔබට හොයන්න රටේ දැවෙන ප‍්‍රශ්න තියෙනවා. ඒවා ගැන හොයන්නකෝ.

දයාසිරි හා ඔබ සම්බන්ධයෙන් රටේ විවිධ කටකතා පැතිරගියා. ඔබ දන්නවද එහෙම දෙයක්?

මගෙන් එතුමා සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරන්න එපා. එතුමා ගැන ප‍්‍රශ්න නොකර  ඕනෑම ප‍්‍රශ්නයක් අහන්න.
 
Related Posts with Thumbnails