Ads 468x60px

.

රුපියල් පනහක්‌ දී 11 හැවිරිදි ශිෂ්‍යාව පොළඹවා ගෙන 4 දෙනෙක් ඇඳට ගත්තු හැටි මෙන්න...


සීයලා 
දෙන්නෙකුත් 
ඒ අතර 

වීඩියෝත්
කරලා  

සීයලා දෙදෙනෙකු හා විසි තුන් හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු පාසල් සිසුවකුගෙන්ද වසර දෙකකට ආසන්න කාලයක්‌ පුරා දැඩි ලිංගික අතවරයකට ලක්‌වූ මෙවර 5 වසර ශිෂ්‍යත්වය විභාගයට පෙනී සිටි එකොළොස්‌ හැවිරිදි ශිෂ්‍යාවක පිලිබඳ පුවතක් ගලහ පොලීසියෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම පාසලේම පහ වසරේ තවත් පාසල් සිසුවකුද එවැනිම ලිංගික අතවරයකට ලක්වී ඇති අතර ගලහ පොලීසිය විසින් දෙදෙනාම මහනුවර මහරෝහල වෙත යවා ඇති බවයි.

මෙම පරීක්‍ෂණ වලට අනුව දැරියගේ සීයලා දෙදෙනෙකු දිගු කලක සිට මෙම දැරියට ලිංගික අතවර සිදු කොට ඇති අතර මුලින්ම දැරියට රුපියල් පනහක්‌ දී ඇය වරදට පොළඹවාගෙන
තිබුණා.

මේ අතර දැරිය පාසල ඇරී නිවසට යන අතර මගදී එම ගමේම සිටින විසි තුන් හැවිරිදි පුද්ගලයෙකු ඇය පාළු නිවසකට රැගෙන ගොස්‌ දිනපතාම

පාහේ අතවරයට ලක්‌කර ඇති බවත් ඇය මෙම පරීක්‍ෂණ කණ්‌ඩායමට පවසා තිබෙනවා.

මෙම දැරිය සමඟ පාසල් ඇරී එකට ගමන්ගත් ඇගේ පන්තියේ පිරිමි දරුවෙකුද මෙම පුද්ගලයා විසින් අපයෝජනයට යොදාගෙන ඇති අතර ඔහු විසින් මෙම කුඩා දරුවා ලවා දැරියට අතවර කිරීමට පොළඹවා ඒවා වීඩියෝගත කරන ලද බවට මෙම දරුවන් පවසා
තිබෙනවා.

මෙම දරුවන් වරදට පොළඹවා ගැනීමට පෙර එම සැකකරු මේ දෙදෙනා හට අසැබි දසුන් පෙන්වා මේ සඳහා පොළඹවාගෙන ඇති බවද පොලිස්‌ පරීක්‍ෂණ වලින් හෙළි වී
තිබෙනවා.

මෙම දැරියගේ මවුපියන් කුලී වැඩට යන නිසා දැරිය පාසල නිමවී නිවසට පැමිණෙන වේලාව පසු වුවද ඒ පිළිබඳව සොයා බැලීමට කෙනෙකු නොමැති නිසා ඇය මෙම ක්‍රීයාවට පෙළඹී
තිබෙනවා. හතර වසර පන්තියේ සිටම මොවුන්ගෙන් ඇයට අතවර සිදුවූ බවද දැරිය පවසා තිබෙනවා.

දැරිය පොලිසියට දී ඇති කටඋත්තරයට අනුව විසිතුන් හැවිරිදි පුද්ගලයා හා එක්‌ සීයා කෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ විධිමත් කොට
තිබෙනවා. අනික්‌ සීයා පිළිබඳව දැරියගෙන් මෙතෙක්‌ පොලීසියට තොරතුරු ලැබී නොමැති අතර පරීක්‍ෂණ කළ ගුරුවරුන්ට හා කලාප කණ්‌ඩායමට මේ බව පවසා තිබෙනවා.

මේ අතර ශිෂ්‍ය උපදේශක කණ්‌ඩායම පාසලේ අනෙකුත් ළමුන් පිළිබඳව කළ සොයා බැලීමේදී අපයෝජනයට හුරු වූ පිරිමි දරුවා පාසලේ තවත් ළමුන් පස්‌ දෙනෙකු සමග අපයෝජන ක්‍රියාවල නිරතව ඇති බවද සොයාගෙන
තිබෙනවා. 

ගම්පොල අධ්‍යාපන කලාපයට අයත් මස්‌ගොල්ල ප්‍රදේශයේ දුෂ්කර පාසලක ශිෂ්‍ය උපදේශක සේවාව භාර ගුරුවරුන්ගේ අවධානයට ලක්‌වු පාසල් ශිෂ්‍යාවකගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ලිංගික හිංසනය හෙළි වී තිබෙනවා.

වහාම පාසල මගින් මෙම සිද්ධිය පිළිබඳව දැරියගේ හා සිසුවාගේ දෙමව්පියන් දැනුවත් කොට කලාප කාර්යාලයටද දැන්වීමෙන් පසු ඒ පිළිබඳව පරීක්‍ෂණයක්‌ පවත්වා සිද්ධිය ගලහ පොලිසියට දන්වා තිබුණා.
 
Related Posts with Thumbnails