Ads 468x60px

.

වෘෂණකෝෂ වලට ඇණ ගසාගනිමින් රුසියානුවෙක් බිහිසුණු නිරුවත් විරෝධයක් කල හැටි (වීඩියෝ)


සැලකිය යුතුයි - 

මෙහි සංස්කරණය 
නොකරන ලද 
දර්ශන අඩංගුය.

ලෙනින්ගේ මෘත ශරීරය රඳවා ඇති මහලින් පිටත නිරුවතින් සිය වෘෂණයන් රතු චතුරස‍්‍රයේ ගල් පොළවට තබා ඇණ ගසා ගනිමින් පුද්ගලයෙකු විරෝධතාවයක නිරතවී තිබුණූ පුවතක් අප වෙත වාර්තා වෙනවා.  

නමින් ප්යෝදර් පැව්ලෙන්ස්කි නම් රුසියානු කලාකරුවෙක් වන අතර ඔහු පවසා ඇත්තේ නූතන රුසියානු සමාජයේ ඇති උදාසීන ත්වය, දේශපාලන උදාසීන බව සහ දෛවයට පවරන සුළු බවට එරෙහි රූපණයක් ලෙස තම විරෝධය ඉදිරිපත් කළ බවයි.  

පසුව ඔහු රෝහල්ගත කර ප‍්‍රතිකාර කිරීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ක්‍රෙම්ලිනයේ පදික වේදිකාවට තබා ජනතාව ඇණ ගසනු ලැබීමට මූලික හේතුව වන්නේ
ඒකාධිපති රෙජිමය නොව ජනතාවගේම පරාජයන් මත ඔවුනොවුන් විසින් ඝනීභූත විම බව ඔහු පවසා තිබෙනවා. එමගින් ජනතාව තමන්ගේ ඉරණම උදාවනතුරු රැඳී සිටින උදාසීන ප‍්‍රතිමාවන් හමුදාවක් බවට පත්වන බව පැව්ලෙන්ස්කිගේ අදහසයි.

අසභ්‍ය හැසිරීම සහ ප‍්‍රසිද්ධියේ නින්දා කිරීම යන චෝදනා මත පොලිසිය විසින් නඩු පවරන ලද නමුත් දිනකට පසුව මොස්කව්හි ට්වෙර්ස්කොයි දිසා අධිකරණය මගින් නිල නිවේදනයකින් තොරව ඔහු නිදහස් කර ඇති බව වාර්තා වෙනවා.  

එම අධිකරණයේ ප‍්‍රකාශිකා එකැතරිනා කොරොටෝවා පවසා ඇත්තේ ප‍්‍රසාංගික කලාකරුවා සංවිධානාත්මක වරදක් කර ඇතිද යන්න අධිකරණය විසින් සලකා නොබලනු ඇති බවයි.

පොලිසිය විසින් ඉදිරිපත් කර ඇති චෝදනා දෝෂ සහිත බව අධිකරණය විසින් පවසා ඇති අතර යළි චෝදනා පැවරීම සඳහා පොලිසිය විසින් කටයුතු කරනු ඇතැයි පැවසෙනවා. මේ සඳහා පැව්ලෙන්ස්කි වෙත හිමිවිය හැකි උපරිම දඬුවම වන්නේ දින 15ක සිරගත කරනු ලැබීමකි.  

ඔහු මින් පෙර පුසි රයට් සාමාජිකාවන් සිරගත කිරීමට විරෝධය දක්වමින් කට මසා ගෙන විරෝධයක නිරතවූ අතර පීඩක නීති ක‍්‍රමය මගින් ඊට එරෙහි වන  ඕනෑම ක‍්‍රියාකාරීත්වයක් සපාකනු ලබන බව විදහා දැක්වීමට මේ වසර මුලදී ශාන්ත පීටර්ස්බර්ග්හි ව්‍යවස්ථාදායක සභාවෙන් පිටතදී කටු කම්බි වලින් ශරීරය ඔතා ගනිමින් විරෝධය දක්වන ලදී.


පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි. සැලකිය යුතුයි - මෙහි සංස්කරණය නොකරන ලද දර්ශන අඩංගුය.

 
Related Posts with Thumbnails