Ads 468x60px

.

හඳහන් බලන්නාගේ බිරිඳ සමග අනියම් ලිංගික ඇසුර වීඩියෝ කර කප්පම් ඉල්ලූ යුවලට වැඩ වරදී


කලින් 
50,000 ක් 
අරන් 

බැරිම තැන 
පොලිසි ගිහින් 

කාන්තාවකගේ අසභ්‍ය දර්ශන ඉන්ටර් නෙට් ඔස්සේ ප්‍රදර්ශනය කර ඇගේ සැමියාගෙන් රුපියල් ලක්ෂ පහ හමාරක කප්පමක් ලබා ගැනීමට උත්සාහ කළ කාන්තාවක් සහ ඇයගේ සොයුරකු වන තරුණයෙක් අත්අඩංගුවට ගනු ලැබූ පුවතක් අළුත්ගම ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඔවුන් දෙදෙනා කළුතර ප්‍රදේශයේ හඳහන් බැලීමට ප්‍රසිද්ධියක් උසුලන අයකුගේ නිවසට ගොස් අදාළ කාන්තාව සමග මිත්‍රත්වයක් ගොඩ නගාගෙන ඇති බවයි.‍

මෙම හමුවෙන් පසු එම පවුල් දෙක අතර සමීප ගොඩනැගී ඇති අතර,   පසුව අදාළ තරුණයා නිවසේ හඳහන් බලන්නාගේ බිරිඳ සමග අනියම්

සම්බන්ධයක් ගොඩ නගා ගෙන ඇති බව අප කල විමසීමකදී පොලීසිය ප්‍රකාශ කලා.

22 හැවිරිදි එම තරුණයා, හඳහන් බලන්නාගේ බිරිඳ සමග ලිංගික ඇසුරක් පවත්වා ඇති බවත් එම හැසිරීම් රූගත කර ඇති බවත් තව දුරටත් පොලීසිය පැවසුවා.

මේ අතර පෙර  සඳහන් කල කාන්තාවගේ සැමියාද ලංකාවට පැමිණ ඇති අතර ඔහුද හඳහන් බලන්නාගේ බිරිඳ සමග ලිංගික සම්බන්ධතාවයක් පවත්වා තිබෙනවා. එසේ ලිංගිකව එක්වන අවස්ථාද 'අයි ෆෝන්' කැමරාවක් ඇසුරෙන් රුගතකර තිබෙනවා.

එම ලිංගික දර්ශන ඉන්ටර්නෙට් ඔස්සේ ප්‍රදර්ශනය කර කාන්තාවගේ සැමියාගෙන් රුපියල් ලක්ෂ පහ හමාරක කප්පමක් ලබා ගැනීමට යාමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරු සහ කාන්තාව අත්අඩංගුවට ගෙන
තිබෙනවා.

හඳහන් බලන්නාගේ බිරිඳ ලිංගිකව එක්වන දර්ශන වරින් වර පෙන්වා මිට ඉහත අවස්ථා කිහිපයකදී ද රුපියල් 50,000 බැගින් මුදල්  තිබෙන බව අධිකරණයේදී අනාවරණය වුණා. 


හඳහන් බලන්නා මේ පිලිබන්දව අපරාධ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත්තේ, කප්පම් ඉල්ලීමෙන් බේරීමට බැරිම වූ අවස්ථාවේදීය. 

ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අළුත්ගමදී අත්අඩංගුවට ගනු ලැබ, කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (11)  රිමාන්ඩ් භාරයට පත්කර තිබෙනවා.
 
Related Posts with Thumbnails